සොෆ්ට්වෙයා engineer ගැන සරලව ... නොදන්නා අය සදහාමයි !




ඔන්න උසස් පෙල කරල සොෆ්ට්වෙයා engineering course එකක් කරල degree එකත් අරගත්ත කියමුකො. අපි බලමු සොෆ්ට්වෙයා engineer කෙනෙකුගෙ වගකිම මොකක්ද කියල ....
මුලින්ම බලමු degree එක අරගත්තට පස්සෙ අපිට job එක ලැබෙන්නෙ මොන වගෙ company වලද කියල :-

1 . mobitel , dialog , etisalat , ++++ වගෙ company වල.

2. සොෆ්ට්වෙයා company’s වල , VIRTUSA වගෙ company..+++

දැන් ඔය මොන company එකෙ වුනත් සමහර ආවෙනික rules තියනව. අපිට කොහෙ job එක ලැබුනත් අපි පලවෙනි මාස 3 වගෙ කාලය training period එක ලෙස තමයි සැලකෙන්නෙ. එ කාලෙදි මෙයාල අපිව check කරනව කියල කිව්වොත් මම නිවැරදි. එ කියන්නෙ අපෙ අඩු පාඩු , අපෙ කාර්යක්ශමතාවය , අපෙ දක්ශතාවය , මිත්රශිලිත්වය , අපි කරන වැඩ වල නිරවද්ය බාවය එහෙම මෙ මාස 3 කාලය ඇතුලත මෙයාල පරික්ශා කරල බලනව.
ඔන්න දැන් තමයි ප්රදානම දෙ... අර මම කිව්ව මාස 3 ඇතුලත අපි colours පෙන්නල අපෙ ජොබ් එක permanent වුනා කියමුකො. දැන් අපිට company එකෙ IT section එකෙ leader කරන්නෙ නැහැ . ක්රමානුකුලව තමයි අපිට promotion ලැබෙන්නෙ. මෙ සදහා බලපාන ප්රදානතම සාදකය තමයි working experience.
Working experience වැඩි වෙන්න වැඩි වෙන්න පඩියත් වැඩි , . තනතුරත් ඉහල යනව. මොනවද මෙ තනතුරු??

1. Trainee programmer :- අපි මොන institute එකෙන් degree එක ගත්තත් , අපි ලක්ශ කියක් වියදම් කලත් අපිට working experience නැත්තම් අපිට ලැබෙන්නෙ මෙන්න මෙ post එක තමයි. Trainee programmer කෙනෙකුගෙ වගකිම තමයි programme කරන දෙය පිලිබදව නිරික්ශනය කිරිම සහ programmers ලට උදව් කිරිම.

2. Programmer :- මොහුට කිරිමට ඇත්තෙ දෙන ලද pseudo code එක ලිවිම සහ එහි එන errors check කර QC එකට pass කිරිමයි.

3. analyst programmer :- මොහුට තිබෙන්නෙ design එක බලාගෙන pseudo code එක type කිරිමයි. තවද අමාරු programmes ලිවිමටද මොහු වෙත පැවරෙන අතර ලියන ලද programmes check කිරිම ඇරබෙන්නෙ මොහුගෙනි.

4. Assistant Software engineer ( Trainee Software engineer ) :- මොහුට තිබෙන්නෙ උඩ පිරිස විසින් analysis කරන එක design කිරිම සහ design කල පසු එය team එකට දි හැදවිමයි.

5. Team leader :- මොහුට තිබෙන්නෙ ලැබෙන project එකෙ system එක study කර , එයට අනුව අදාල requirements සාදා , process එක document කිරිමයි. තවද තම team එකෙ සාමාජිකයින් හට අදාල වැඩ කොටස පවරා දිමද මොහුගෙ වගකිමයි. කලින් කි Assistant Software engineer ට කිරිමට අපහසු වෙඩ නිම කරනුයෙද team leader විසිනි

6. SOFTWARE project manager :- මෙයා තමයි ලොක්ක . මෙයාට තියෙන්නෙ වැඩ බලන්න. සම්පුර්න වගකිම මොහු වෙත තමයි පැටවෙන්නෙ. ලොකුම ලොකු TL කරන්න අමාරු වැඩක් අවොත් project manager ට අත ගහන්නම වෙනව.
ඔන්න ඔහොම තමයි යාලුවනෙ software engineer කෙනෙකුගෙ steps ටික පදනම් වෙන්නෙ. ලැබෙන පඩිය ඉතින් company එක මත වෙනස් වෙනව යාලුවනෙ. :)




 Supul Dilanka