සිංහලෙන් උපසිරසි ලියමු... ( How To Create Sinhala Subtitles )


ඔන්න කස්ටිය අපි අද සිංහලෙන් උපසිරසි ලියන්න යන්නෙ...
උපසිරසි කියන දෙ දන්නවනෙ? (අර සබ්ටයිටල් කියන්නෙ)

ගොඩක් කස්ටිය දැකල ඇති නේ ද ? 
සිංහල උපසිරසි ලබා දෙන සිංහල බ්ලොග් අඩවිය

ඒකෙන් ඔයලාත් උපසිරසි බාගෙන මූවීස් වලට දාගෙන බලලා ඇති නේ...
හිතුවෙ නැද්ද කොහොමද උපසිරසි ලියන්නෙ කියලා??

ඔන්න මම හොයා ගත්ත විදිය..
(මම කරන්නෙ පරිවර්තන ක්‍රමය)
ඒ කියන්නෙ අදාල මූවී එකෙ ඉංගිරීසී උපසිරසි අරගෙන ඒක අදාල විදියට
සිංහල පරිවර්තනය කිරිම..

අවශ්‍ය දේවල්

1. සිංහල Unicode  (ඔබගේ පරිගනකයේ තියෙනවනම් ඕනේ නැ)
2. rsinglish (සිංහල ටයිප් කිරීම සදහා)
3. සිංහල අකුරු( fonts)
4. Subtitle Edit මෘදුකාංගය

හරි දැන් අපි පටන් ගමු..
1) මුලින්ම ඔය Subtitle edit මෘදුකාංගය install  කරගන්න

2) දැන් උපසිරස සකස් කිරීමට අවශ්‍ය මූවී එකේ ඉංගිරීසී උපසිරස බා ගන්න...
(ඉංගිරීසී උපසිරස බා ගැනීම පෙර ලිපියක තියෙනවා)

දැන් බා ගත්  උපසිරස එන්නෙ .srt ෆයිල් එකක් විදියටනේ.








දැන් ඒ .srt ෆයිල් එක subtitle edit කියන මෘදුකාංගයෙන් open කරගන්න
( file----> open---select, .srt file)

3) open කර ගත්තට පස්සෙ ඔයලට මෙහෙම එකක් තමා පෙන්නේ.








4) ඊට පස්සෙ ටයිප් කරන්න තමයි තියෙන්නෙ.

 අවශ්‍ය කොටස සිලෙක්ට් කරලා පහල තියෙනෙ text කියන තැන 
පරිවර්තනය කරලා සිංහලෙන් ලියන්න...

(ඔය රූපේ තියෙන විදියට ඉංගිරීසී කැල්ල ඕනේ නැ ඒක මකලා දාන්න)








































සිංහල ටයිප් කරන්න මම අර උඩින දුන්න
2. rsinglish කියන ගැජට් එක 
install කරලා  Scoroll Lock කියන key එක ඔබලා ටයිප් කරන්න..

දැන් තමා අවසානය 
දැන් ඔක්කොම ටයිප් කරලා ඉවරයි කියමුකෝ...

ඊට පස්සෙ subtitle edit කියන ගැජට් එකේ ඉහල හරියේ තියෙනවා
Source view කියලා ටැබ් 1ක්.

අන්න ඒක ඔබන්න 

එබුවම මෙන්න මෙ විදියට පෙනෙවී..





































දැන් ඔය පේන ඔක්කොම  Ctrl + A  ඔබලා Select කරගන්න..
ඒ එක්කම Ctrl + C  ඔබලා  copy  කරගන්න
ඊට පස්සෙ

අලුත් text ඩොකියුමන්ට් එකක් හදා ගන්න.

ඒක open කරලා  අපි අර copy කර  ගත්ත එව්වා Ctrl + V ඔබලා පෙස්ට් කරන්න.










ඊට පස්සෙ save කරන විදිය.

Text ඩොකියුමන්ට් එකේ file ගිහින් 
Save as තොරන්න





File name: (කැමති නමක්) .srt කියල දෙන්න
Save as type : All files
Enconding :  UTF- 8  (විදියට ලබා දෙන්න)

දැන් save කරන්න.

ඔන්න අපි දැන් උපසිරස හදාගෙන ඉවරයි...
දැන් මූවී එකට දාලා චෙක් කරලා බලන්න.....