CAREER GUIDANCE - 4 සැමට උපාඨියක්...!!





උපාධිය තවදුරටත් සිහිනයක් නොවේ…..
ඔබ සාමාන්‍ය පෙළ සමත්ද? උසස් පෙළ අසමත්ද? උසස්පෙළ වැඩක් හරි දෙකක් හරිද? නැත්තම් උසස් පෙළ සමත් විශ්ව විද්‍යාල වලට තේරැණේ නැද්ද??
බයවෙන්න එපා..මීට පස්සෙ.....ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පණතින් පිහිටවූ ව්‍යවස්ථාපිත  විශ්ව විද්‍යාලයක් ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ නාවල ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය.
මෙහි අරමුණ අවුරැදු 18ට වැඩි ඕනෑම අයෙකුට, තමාට පහසු විට නිවසේ සිට ඉගෙනීම, රැකියාවක් සමග ඉගෙනීම මගින්, සහතික පත්‍රයක්, ඩිප්ලෝමාවක්,උසස් ඩිප්ලෝමාවක්, උපාධියක් හෝ පශ්චාත් උපාධියක් ලබා ගැනීමට මග සලසා දීමයි.
මෙහි ප්‍රධාන විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ කොළඹ නාවල ය. මාතර, නුවර, හා යාපනයේ ප්‍රධාන මධ්‍යස්ථාන පිහිටා ඇත. මේ ප්‍රාෙද්ශිය මධ්‍යස්ථාන වලට අමතරව තවත් අධ්‍යයන මධ්‍යස්ථාන නගර 16ක පිහිටා ඇත.
මෙහි පීඨයන්

  1. අධ්‍යාපන පීඨය.
  2. ස්වාභාවික විද්‍යා පීඨය
  3. ඉංජිනේරැ තාක්ෂණ පීඨය
  4. මානව ශාස්ත්‍ර හා සමාජ අධ්‍යයන පිඨය

මෙයට යන බොහෝ දෙනා අතරමග මෙය නවතා දමා කාලයත් මුදලත් නාස්ති කරගනී..දිගටම රැදී සිටින්නේ සුලු පිරිසකි.

සියලු පාඨමාලා සදහා ඉහළම පහසුකම් වලින් මෙය සමන්විතය...අති දැවැන්ත පුස්තකාල 3ක්, විද්‍යාගාර 50ක්පමණ, සැපපහසු දේශනශාලා, සහන මිලට ආපාණ ශාලා, පාඩම් කිරීමට නිස්කලංක ‘පාලු‘ ස්ථාන..ඇතුළුව සමාන්‍යෙයන් බහුතරයක් දෙනා  යන විශ්ව විද්‍යාල වලට නොමැති පහසුකම් මෙහි ඇත. මෙයට විදේශ විශ්ව විද්‍යාල සමග ඍජු සබදතාත්, විදේශ ආධාරත් නිසා ගුණාත්මක අධ්‍යාපන තත්ත්වයක් ලබාගත හැකිය..

නමුත්...කැපවීම, උනන්දුව අත්‍යවශ්‍යය... බොහෝ දෙනා සීසන් ටිකට් එක ගෙන, කාලා බිල එන තැනක් විදියට මේක පාවිච්චි කරනවා.. මොකද රජයේ නිසා අගයක් නෑ..මෙහි පාඨමාලා සදහා මුදල් අයකරනවා..නමුත් එය අතිශය සාධාරණයි..ඔබ යම් පාඨමාලාවක් තෝරාගතහොත් ඊට අදාල සියලු විස්තර තැපැල් මගින් ඔබට දන්වනවා.
දේශන සදහා මසකට දින 3-4ක් පමණ (සති අන්තයේ වුවද) යායුතුය.. හැකි අයට දිනපතාම වුවද ගොස් තම උපාඨිය ඉක්මනින් අවසන් කරගත හැකිය.. සාමාන්‍ය විශ්වවිද්‍යාලයක මෙන් නවක පිළිගැනීමේ රාත්‍රිය මෙන්ම, නවක වධයත් (සුලුවට) දේශපාලනයත් හැම දෙයක්මත් මෙහි තියෙනවා...අනික දැන් යන්න තියෙන්නෙත් බෝට්ටුවකින්..!
එපමණක් නොව, ඕනෑම ක්ෂේත්‍රයක පාඨමාලාවක් කෙටිකලකින් ඔබට මෙහිදී නිමකරගෙන ඉදිරි කටයුතු සිදුකරගත හැකිය. ඔනෑම භාෂා මාධ්‍යයකින් හැදෑරීම් සිදුකළ හැක.
ලොව ඕනෑම තැනක පිළිගන්නා අධ්‍යාපන උපාධියකි. පාඨමාලා නාමාවලිය අවැසි අය මැසේජ් එකක් දාන්න..වැඩි විස්තර පහළින් තියෙන ලින්කුවෙන්....දෙයියන්ගෙ නාමෙන් නාස්ති නොවී දැන්වත් ඉගෙන ගන්න....
මෙන්න වෙබ් අඩවිය..http://www.ou.ac.lk/
කතාකරන්න මේ අංකයට..බොහොම සුහදව ඔබට උදව් කරාවි.. 0112 881 000



The Open University of Sri Lanka
P.O. Box 21,
Nawala, Nugegoda,
Sri Lanka


 Kasun Weerasinghe