අපිට ඕනි විදියට අපේ වින්ඩොස් හදාගනිමු.. !!!



මම මීට අවුරැදු කීපයකට කලින් දැක්කා ඉන්දියන් හැක් කියල Windows XP CD එකක්..

 ඒක හදපු හැටි හොයාගත්තා ගොඩක් අමාරැවෙන්..

 ඒ ඇසුරින් අපිත් හැදුව මෙහෙයුම් පද්ධතියක් Windows XP-Vista කියල.

 විස්ටා දුවන්න බැරි අයට එමම තමා කියල දුවන්න පුළුවන් ජෙනුයින් OS එකක්
. ඒකෙ විස්තර පස්සෙ ඒක DVD ක් නිසා අප්ලෝඩ් කරන්න අමාරැයි...

 දැන් මේ කියන්න යන්නෙ තවත් සිද්දියක්..
අපිහිතමු ඔයාට, ඔයාගෙ ෂොප් එකේ වැඩවලට XP/7 Customize කරල හදාගන්න ඕනි කියලා..
 ඒ කිව්වෙ එක දිගට මැෂින් 2-3ක් වින්ඩෝස් ගහනවා නම් F8 ඔබන්නයි, Serial, Date & Time, Network Identify, Name & Company අරව මේවා දදා ඉන්න ගියාම වෙලා යනවා.. අනික වෙන වැඩක් කරගන්නත් බෑ. මොකද වැඩකට ගිහින් අමතක වුණොත් වින්ඩෝස් තිබ්බ තැනමයි...!!!

  අන්න ඒකට ඔය දිනය, වේලා කලාප, සීරියල් අංක, නම්-ගම් ඔක්කොම එකපාර දාල CD එකක් හදාගන්න හැටි කියන්නයි යන්නෙ.. ඒ විතරක් නෙවෙයි.. තියෙන්නෙ පරණ Service Pack එකක් නම් අලුත් එක එම CD/DVD එකටම දාන්න, නිතරම ඕනෙවෙන Drivers දාලම අපිට Fully Customized OS එකක් හදාගන්න පුළුවන්.. තමුන්ගෙ ගෙදර මැෂිමට Service Pack, Drivers එකපාර දාලා
හදාගත්තාම CD හොය හොයා වාත වෙන්න ඕනි නෑ..

තවත් දෙයක් අපිට නිතර ඔන්වෙන සොෆ්ට්වෙයා

 උදා- Skype,Adobe Reader, WINRAR, Nlitecodec Pack, MADHURA/DERANA, Keyman    එව්වා ‍‍‍ෙමව්වා දාලා‍ Add-on හදාගන්නත් පුළුවන්ලු.

ඒක මම තාම කරල බලල නෑ..
කොහොමහරි මෙහෙම CD/DVD එක හදාගත්තම වින්ඩෝස් වැටෙන්න දාලා නාලා එහෙම එද්දි බඩු ඉන්ස්ටෝස් වෙලා Drivers, Service Pack වැටිල ලස්සනට තියෙයි.. 2-3 පාරක් හැබැයි නිකං රී ස්ටාට් කරන්න නම් වෙනවා වැඩි හො‍දට..
Nlite Bootable unattended OS!!!
නිල වෙබ් අඩවියෙන් නොමිලේම බාගෙන වැඩ පටන්ගන්න..ප්රශ්න ආවොත් සප් එකක් දෙන්නම්..


Vista/7



 Kasun Weerasinghe