කොලිටි එක අඩු නොකර පින්තූර රීසයිස් කරගන්න




මෙගා පික්සෙල් ගාන වැඩි කැමරා වලින් ගන්න පින්තූර ෆේස්බුක් එකට හරි වෙන ඕනම තැනකට අප්ලෝඩ් කරන්න කලින් රීසයිස් කරලා ගත්තනම් අප්ලෝඩ් වෙන්න යන ඩේටා ප්‍රමානයයි කාලයයි දෙකම ඉතුරු වෙනවනෙ...
මේ වැඩේ කරගන්න පුලුවන් ටූල් දෙකක් මේ තියෙන්නෙ...
පලවෙනිඑක 

RIOT - Radical Image Optimization Tool

කොලිටි එක අඩු නොවී පින්තූර රීසයිස් කරගන්න නියම ටූල් එක!
රීසයිස් කිව්වෙ ෆයිල් සයිස් එක වෙනස් කරන එක.
ඉමේජ් සයිස් එකත් ඕන නම් වෙනස් කරගන්න පුලුවන්,ෆ්ලිප් රොටේට් මේ සේරම එක සැරේ ඉමේජ් බැච් එකකට වුනත් කරගන්න පුලුවන්.


අලුත්ම වර්ශන් එක බා ගන්න...

දෙවෙනි ටූල් එක

Faststone Photo Resizer

RIOT එකෙන් කරගන්න බැරි වැඩ කීපයක් මේකෙන් කරගන්න පුලුවන්.
පින්තූර බැච් එකක් රීසයිස් කරද්දි මේකෙන් අපිට හැම පින්තූරෙකටම යටින් වෝටර්මාර්ක් එකක්,ටෙක්ස්ට් එකක් වැටෙන්න සෙට්ටින්ග්ස් හදන්න පුලුවන්...(Use Advance Options)
ඒ වගේම පින්තූර සෙට් එකක්ම අපි කැමති විදියකට රීනේම් කරගන්නත් පුලුවන්...කලින් එකේ වගේම අපිට කැමති ප්‍රතිශතයකට පින්තූරෙ රීසයිස් කරගන්නත් මේකෙන් පුලුවන් ඒත් RIOT ටූල් එක තරම් හොඳට කොලිටි එක අඩු නොවී(Lossless Resize) රීසයිස් කරන්න මේකෙන් බෑ!

මේ තියෙන්නෙ ඔරිජිනල් සයිට් එක.තව ඉමේජ් සම්බන්ධ ටූල්ස් කීපයක්ම මෙතන තියනවා




ෆේස්බුකියට පින්තූර ගොඩක් අප් කරන අයට මේක ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.... :)


 Diren Dantanarayana