වැදගත් iPhone/iPod touch Hint එකක්!





ඕගොල්ලන්ගේ iPhone එක නැත්නම් iPod touch එක වතුරේ වැටුනට බය වෙන්න දෙයක් නෑ! එහෙම කිව්වේ මේ නිසයි...

මගේ iPod touch 4G එක ගිය සතියේ අමතක වෙලා washing machine එකට දැම්මා. washing machine එකේ වතුර පිරුනට පස්සේ rinse වෙන්න පටන් ගත්තා. විනාඩි තුනකට විතර පස්සේ washing machine එක ඇතුලෙන් සද්දයක් ආවා. පස්සෙ මම අත දාල බලද්දි යටම තිබිලා අහුවුනා මගේ iPod touch එක!

හොදටම වතුර ගිහින් තිබුනේ! මම ඉක්මට එලියෙන් තියෙන වතුර ටික පිහ දාල, හොඳට ගසල අතුලෙ තියෙන වතුර ටිකත් පුලුවන් තරම් එලියට ගත්තා. අපේ ගෙදර hair dryer නැති නිසා මගේ laptop එක යටින් තිව්වා. laptop එකක් කිව්වට ඒක notebook එකක්. ඒ නිසා යට හොඳට රත් වෙනවා. :D විනාඩි පහළවෙන් පහළව වගේ මම iPod එක එලියට ගත්ත රස්නේ වැඩි වෙන නිසා. පැය දෙක තුනක් ඔහොම තිව්වා. ඊටපස්සේ බලද්දි front camera එක ළඟ ඇතුලෙ වතුර බිංදු තිබුනා. මම iPod එක දවස්  6 ක්ම ON කරන්නේ නැතුව තිව්වා.

ඊයේ මම town එකට ගිහින් හොඳ phone හදන කඩේකට දීල අද ගිහින් ගත්තා. ඒ අය කිව්වා අව්ලක් නෑ කියලා. display එකේ වතුර බිංදු ටිකක් ඇති කියල කිව්වා. ඒක පාවිච්චි කරනකොට හරි යාවි කිව්වා.

මම අරන් බැලුවා. හැම දෙයක්ම ගින්නක් නැතුව වැඩ. කිසිම අවුලක් නෑ. display එකේ කිව්ව වගේම නිකං සුදු පාට තරු වගේ ලාවට තැන් තැන් වල පේනවා. ඒකත් පේන්නේ මුලු display එකම එක colour එකක් පෙන්නනකොට විතරයි. ඒ කිව්වේ නිකං torch app එකක් එහෙම දැම්මම විතරයි.
ඉතින් ඕගොල්ලන්ගේ iPhone එකක් iPod touch එකක් වතුරට වැටුනා කියලා ඇත්තටම බය වෙන්න දෙයක් නෑ. එහෙම වුනොත් මෙන්න මෙච්චරයි කරන්න ඕන...

  1. වහාම වතුරෙන් එලියට අරගෙන OFF වෙලා නැත්නම් ඉක්මනට OFF කරන්න.
  2. ඒලියෙන් තියෙන වතුර ටික හොඳට පිහදාන්න.
  3. හොඳට ගසල ඇතුලට ගිය වතුර එලියට ගන්න බලන්න.
  4. Hair dryer එකක් අල්ලල හොඳට වේලන්න. Hair dryer එකක් නැත්නම් රස්නයක් පිට වෙන electronic බඩුවක් ළඟ තියන්න. (උදා: Laptop etc.)
  5. සීල් කරන්න පුලුවන් භාජනයකට හොඳට හාල් පුරවලා, iPhone/iPod touch එක හාල් ඇතුලටම බස්සල සීල් කරලා අඩුම ගානේ පැය 48ක් වත් තියන්න.
  6. පස්සේ ON වෙනවද කියල බලන්න.




 Dishon Michael