CAREER GUIDANCE - 5




ජංගම දුරකතන අලුත්වැඩියාව පිළිබද දැනුවත් කිරීම.

ලොව වේගවත් ම හා වැඩිම පැතිරීමක් දක්වන්නේ ජංගම දුරකතන ක්ෂේත්‍රයයි. එය ලංකාවේ ලොකු කුඩා බේදයකින් තොරව භාවිත කරයි. මීට වසර 7-8කට පෙර තිබූ තත්ත්වය මුලුමනින්ම කනපිට හැරී ඇත. රෑපවාහිනී භාවිතයද අභිබවා ජංගම දුරකතනය ඉහළට පැමිණ ඇත..

මෙය ස්වයං රැකියාවක් ලෙස සිදුකළ හැකි ධන උල්පතකි..අවාසනාවකට අද සෑම හන්දියක් ගාණේම ජංගම දුරකතන අලුත්වාඩියා ස්ථාන පැවතියද ඒවායේ ගුණාත්මය ඉතා පහළ අගයක් ගනී. බොහෝ දෙනා විධිමත් ලෙස මෙය හදාරා ක්ෂේත්‍රයට පැමිණ නැති අර දුරකතන 2-3ක් අලුත්වැඩියා කර අනුන්ගෙ දුරකතන අලුත්වැඩියාවට බාර ගන්නේ අත්හදා බැලීම් සදහාය!!

අද අපි  කතාකරන්නේ වෘත්තීමය ලෙස ක්‍රමානුකූලව පිලිවෙලකට ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාවක් හදාරන්නේ කෙලෙසද මොනවාද ඒ සදහා ආවරණය විය යුතු කරැණු  කියාය.

බුලත්විට කඩයක් ලෙස අලුත්වැඩියා ආයතනයක් කරන්නේ නම් කිසිදු වියදමක් වැය නෙවේ.. එලෙසම ගනුදෙනුකරැවන්ද අඩුය.

බොහෝ දෙනා පත්තරවල දැන්වීම් දමන සියලුම අයවල්න්ගේ පාඨමාලා වලට සහභාගි වෙයි.. නමුත් ඒ පාඨමාලා පවත්නවන අය කථිකාචාර්ය වරැන් ලෙස දක්වයි! දිවයිනේ කිසිදු විශ්ව විද්‍යාලයක හො පිළිගත් ආයතනයක ජංගම දුරකතන අලුත්වැඩියාව පිළිබදව හෝ ඒ ආශ්‍රිත තාක්ෂණය පිළිබද උපාධිධාරීන් නැත. ඉන්නෙ අත්දැකීමත්..යම් ආයතනයක කරන ලද හැදෑරීමත් සමග ව්‍යාපාර වලට බසිනා දේශකවරැන්ය...

ඔබ මේ ක්ෂේත්‍රයට පැමිණීමට පෙර මුලින්ම ඉලෙක්ට්‍රොනික් පිළිබද පාඨමාලාවක් හැදෑරිය යුතුමය. එය ඩිජිටල් හා ඇනලොග් යන ක්ෂේත්‍ර දෙකම ආවරණය වන එකක විය යුතුය. ඊට සමගාමීව ඔබ මයික්‍රො‍ොන්ට්‍රෝලර් ප්‍රෝග්‍රැමින් හෝ රොබෝටික්ස් පිළිබදවද හදාරන්නේ නම් අතිශය ප්‍රයෝජනවත් වේ...මොකද කිව්වොත් මේ පාඨමාලා කරාම අඩුග‍ාණේ රෑපවාහිනී/කැසට් වැනි දෑද..වාහන වල පරිපථද, ආදි ඉලෙක්ට්‍රොනික් පරිපථ භාවිත වන ක්ෂේත්‍ර ගණනාවක් ඔබේ ආදයම් මාර්ගය කරගත හැකිය..එය අමතර වාසියකි.
ඒ සමගම ඉතාම සුලු මුදලක් වැය වන පරිගණක හාඩ්වෙයා පාඨමාලාවක්ද හදාරන්නේ නම් අගනේය.

ජිනරතන කාර්මික පුහුණු ආයතනය - ගංගාරාමය කොළඹ
ඇක්වයිනස් ආයතනය -  බොරැල්ල.
වෘත්තීය පුහුණු අධිකාරිය / ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු ආයතනය./ජාතික ආධුනිකත්ව මණ්ඩලය (නයිටා)

එස්.ටී.ආර් පරිගණක ආයතනය - ගම්පහ - තිලක් වීරකෝන් මහතා මෙහෙයවයි




වැනි ආයතන වලින් පමණක් ඉලෙක්ට්‍රොනික් හා ජංගම දුරකතන අලුත්වැඩියාව සදහා නිර්දේශ කළ හැකිය. මක්නිසාද යත් ඒවායේ වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව ගුණාත්මකබවකින් යුත් එමෙන්ම රාජ්‍ය පිළිගැනීමක් සහිතව මනා අධීක්ෂණයක් යටතේ මෙම ආයතන වල පාඨමාලා පැවැත්වෙන නිසාය.

ඔබ තනිවම මෙවැනි අලුත්වැඩියා ආයතනයක් ආරම්භ කරන්නේ නම්.. ව්‍යාපාංර ලියාපංදිචිය, විදුලි සංදේශන නියාමන කොමිසමේ බලපත්‍රය (ලංකාවේ 90%ක් ආයතන සදහා මෙම බලපත්‍රය නොමැත. මෙය සපුරාලීමට අවශ්‍යතා ප්‍රමාණයක් සම්පූර්ණ කළ යුතුය.) ලබාගන්නා හැටි කියාදෙනු ඇති.

ජංගම දුරකතන ක්ෂේත්‍රයේ විදෙස් පුහුණුව ලැබීමට හැකි නම් ඉතා වටිනා දෙයක් වන අතර එයට අවස්ථා අඩුය. අනෙක් අතට අන්තර්ජාලය පරිහරණය මගින් අලුත් අලුත් දෑ බහුලව ඉගෙන ගතහැකි වටපිටාවක් නිර්මාණය වී ඇත.
ජංගම දුරකතන අලුත්වැඩියා ගුරැවරැන් යැයි කියාගන්නා පොරවල් රැසක්ම පල් හොරැන්ය! ඔවුන් එක්කෝ හාඩ්වෙයා යම්පමණකට දනී..සොෆ්ට්වොයා නොදනී! ඔබ හාඩ්වෙයා දැනුම, ප්‍රායෝගිකව ලැබිය යුතුම වන අතර සෝෆ්ට්වෙයා දැනුම ඊට නොදෙවැනි ලෙස දැලිය යුතුය. නවීන සොෆ්ට්වෙයා බොක්ස්, අල්ට්‍රාසවුන්ඩ් ක්ලීනින්, පවර් සප්ලයි, හොට් එයා සෝලඩරින්, ඔසිලස්කෝප් මගින් දෝෂ සෙවීම වැනි නවීන උපකරණ හරහා මෙන්ම මල්ටිමිටරය හරහාද දෝෂ නිරාකරණයට ඉගෙන ගත යුතුමය.

වෘත්තීය ගෞරවයක් ඇතිවන පරිදි හැම මගුලම දෙකයි පණහට නොකරන විධිමත් පුහුණු වෘත්තීය ශිල්පියෙක් වන්න. මෙය සරැ  ආදායම් මාර්ගයකි.. හැබැයි ‍මෙම ක්ෂේත්‍රයේ සියලු තැන් පිළිබදව හදාරා තිබීම අනිවාර්යය.. ඉන්පසු ඔබට සිටි ඇන්ඩ් ගිල්ස් විභාග සදහා මහුණ දිය හැක!..ඒ පිළීබද විස්තර ලගදීම.....


 Kasun Weerasinghe