Graphics cards පිළිබඳව PC gaming වලට ඇලුම් කරන අප දැනගත යුතු දෙයින් ස්වල්පයක්.





මේ මගේ පළවෙනි doc එක, ඉතින් පොඩ්ඩක් quality එක මදි නම් එච්චර ගණන් ගන්න එපා, හොඳේ? =)
මට මෙහෙම doc එකක් දාන්න හිතුනේ මෙතන හුඟක් අය game ගහන්න කැමැත්තෙන් graphics cards ගැන අහලා දාන posts සහ ඒවාට ලැබෙන comments දැකලා.

අපි හුඟක් අය ගහන්නේ ඉතින් game වල හොර කොපිනේ. =P අපිට කොහෙන්ද genuine ගන්න සල්ලි? =( ඉතින් proper customer support නෑ ඒවාට. එතකොට හුඟක් වෙලාවට අපේ අය ගිහිල්ලා ඒවා තමන්ගේ පරිගණක වල හරියට වැඩ නොකරොත් ඒ ගැන අහන්නේ බාපු games DVD වලට දාලා විකුණන පොඩි පොඩි තැන් වල ඉන්න අයගෙන් තමයි. ඒ ගොල්ලෝ එතකොට බොහෝ වෙලාවට කියන්නේ "මේකට 256 VGA එකක් ඕන" නැත්තම් "මේකට 512 VGA එකක් ඕන" වගේ දෙයක්.

දැන් මෙතන තමයි ලොකුම අවුල ඇති වෙන්නේ. කාලයක් තිබුනා නිකම් graphics memory එකෙන් cards මනින්න පුළුවන්. ඒත් දැන්නම් කෙසේවත් ඒ වැඩේ සාර්ථක නෑ.
උදාහරණයක් හැටියට මෙන්න මේ card (GeForce 7200GS) එක බලන්න:


මේක 512MB memory එකක් තියෙන card එකක්. ඒත් මේකේ දැන් එන games එකක් වත් හරියට ගහන්න බෑ. මේ card එක පාවිච්චි කරලා තියෙන කෙනෙක් ඉන්නවනම් ඒක දන්නවා ඇති.දැන් බලන්න මෙන්න මේ card (GeForce 8800GT) එක: 


මේ card එකේ තියෙන්නේ 256MB memory එකක්. ඒත් මේක අර කලින් කියපු GeForce 7200GS එක වගේ කීප ගුණයක් වේගවත්.
(සැ.යු. මේ card දෙකම දැන් ටිකක් පරණයි. මම නිකම් උදාහරණ වශයෙන් මේවා ගත්තේ.)

ඇයි ඇත්තට මෙහෙම වෙන්නේ? උත්තරේ සරලයි. Graphics card එකක් කියන්නේ RAM එකක් වගේ memory එකක් පමණක් නෙමෙයි. Graphics card එකක memory එකට වඩා බොහෝ වැදගත් වන කොටසක් තියෙනවා. ඒ තමයි GPU හෙවත් Graphics Processing Unit එක. ඒක CPU එක වගේ microprocessor එකක්, හැබැයි එකෙන් කරන්නේ අපිට monitor එක හරහා පේන දර්ශන සකස් කරලා දෙන එක.
GPU ගැන වැඩිදුර තොරතුරු ඕනෙනම්: 


අපි game එකක් ගහනකොට ඒකේ performance එක තීරණය වෙන්නේ මෙන්න මේ GPU එකේ මට්ටම මත. Graphics memory පැත්තෙන් බැලුවොත් දැන් උනත් එන හුඟක් games වලට 256MB ඇති. විශේෂයෙන් Windows 7 එක්ක 4GB RAM විතර තියෙනවනම්. ඒත් හොඳ GPU එකක් තියෙන්න ඕන.දැන් කාලේ එන game එකක් හරියට ගහන්නනම් NVIDIA GeForce GT 240 වලින් උඩ GPU එකක් හරි (220, 210 වගේ එකක් ගන්න එක සල්ලි නාස්තියක්, මොකද ඒවායේ performance මදි) AMD Radeon HD 4550 වලින් උඩ GPU එකක් හරි තිබුනම හොඳයි.

වෙලාව තියෙන කෙනෙක් මේක කියවල බලන්නකෝ. තව මොනවත් දාන්න තියෙනවනම් edit කරලා දාන්නම්. =)

EDIT:
තමන්ට හරියන graphics card එකක් තෝරාගැනීම: (Thanks to @Thilina Rathnasekara for the idea)
==

මේකත් හුඟක් අයට ඇතිවෙන ප්‍රශ්නයක්. කොතැනකට හරි සල්ලි ගෙවලා PC එකක් assemble කරගෙන ඉවර වෙලා game එකක් ගහන්න බැලුවම ඒකේ තියෙන්නේ Intel onboard/on-processor GPU එකක් කියමුකෝ. එතකොට ඉතින් graphic details ඔක්කොම අඩු කරගෙන දඟලන්න ඕන. පරණ CRT එකක් වගේ තිබුනොත්නම් අවුලක් නෑ, නැත්තම් resolution එක එහෙම අඩු කරාම කැතේ බෑ. =P

ඉතින් ඔන්න graphics card එකක් ගන්න යනවා. හිතමුකෝ නිකම් GTX 590 හරි Radeon HD 6990 හරි වගේ තඩාර card එකක් ගන්න සල්ලි තියෙනවා කියලා. හැමෝටම එහෙම තියෙන්නේ නෑ, ඒත් අපි නිකමට assume කරමුකෝ. එහෙම කෙනෙක් එක පාරට ඕක ගෙනල්ල හයි කරන එක එච්චර නුවනට හුරු නෑ. තමන්ගේ පරිගණකයේ තියෙන අනිත් දේවල් වලට ගැලපෙනවද කියල බලල ඉන්න ඕන.

දැන් කාලේ එන games ටිකක් ලස්සනට ගහන්න නම් Core 2 Duo 2GHz+ (හරි ඒ වගේ වේගයක් තියෙන AMD processor එකක් හරි) 2GB වත් RAM එකකුයි ඕනෙමයි. ඔය ටික තව ටික කාලයකට ඇති. කවුරු කිව්වත් quad core ඕන වෙන්නේ නෑ දැනට.දැන් ඔය ටික තියෙනවනම් ඊළඟට වැදගත්ම දෙය තමයි PSU ඒ කියන්නේ Power Supply Unit එක. සාමාන්‍යයෙන් ලංකාවේ පාවිච්චි වෙන්නේ 400W වගේ ඒවා. ඒ වගේ එකකට නම් හරියන්නේ low profile card එකක්. ඒ කියන්නේ වෙනම PSU එකෙන් power දෙන්න ඕන වෙන්නේ නැති card එකක්. මේ ගණයට එන්නේ GeForce නම් GT240, GT430, GT440, GT520 වගේ cards. මේවායේ performance එක ටිකක් අඩුයි. ලොකු ලොකු GTX cards වල කරන්න පුළුවන් වගේ Crysis, Metro 2033, Witcher 2 වගේ ඒවා full graphic detail එක්ක ගහන්න මේ cards වලින් බෑ. ඒත් සාමාන්‍ය කෙනෙක්ට මේ වගේ එකක් ඇති.
ගොඩක් සල්ලි තියෙනවනම්, ලොකු card එකක් ගන්නත් ඕනෙමයි කියල හිතෙනවනම්, 800W වත් PSU එකක් ගත යුතුමයි. නැත්තම් power මදි වෙලා PC එකේ නානාප්‍රකාර ප්‍රශ්න මතු වෙන්න ගන්නවා. හැබැයි ඔන්න මතක තියාගන්න ඕන මේකත්. ඔය cards වලින් power ගොඩක් අදින හින්දා, එන මාසේ ඉඳල ලොකු light බිලක් ගෙවන්නත් ලැස්ති වෙලා ඉන්න ඕන. ;)

මට තවත් කියන්න තියෙන්නේ graphics card එකක් ගන්න ඕනෙනම්, www.anandtech.com හරිwww.tomshardware.com හරි වගේ site එකකට ගිහිල්ලා reviews ටිකක් කියවලා බලන්න අලුතෙන් ආව graphics cards ගැන. එතකොට තරමක අදහසක් ගන්න පුළුවන්. =)

Other sites for GPU reviews:
reviews.cnet.com/graphics-cards

EDIT2: දැනට ඇති graphics card එකේ තොරතුරු සොයාගැනීම:
==
Run (Windows logo key + R ඔබන්න) වල dxdiag ලෙස type කර Enter ඔබන්න.
එහි Display නම් tab එකට පිවිසෙන්න.
Name: යටතේ ඔබගේ දැනට ඇති GPU එක දැක්වේ.




 Kolitha Upendra Kuruppu