විනාඩි10යේ Email








හොර වැඩ වලට කියාපු භාණ්‍ඩෙ

වෙබ් අඩවි වල ලියාපදිංචි වීමේදී අපෙන් email address එකක් ඉල්ලනවානෙ. ඉතින් ඔය registrar වෙන හැම එකකටම අපේ ඇත්ත Email address එක දුන්නම කරදරයිනෙ. වෙනමම Email address එකක් හදන් හිටියත් ඒකෙ තියන කරදරෙත් දන්නවානෙ ඉතින් ඕකට තියන හොදම විසදුම තමා තාවකාලික Email එකක් හදාගන්න එක මමත් සමහර web site වල registrar වෙනකොට පාවිචිචි කරන්නෙ මේක තමා,

මුලින්ම 10minutemail.com වෙත යන්න එතකොට එතන පෙන්නනවා තාවකලික Email address එක.
ඒක දීලා ඕනකරන වෙබ් අඩවියක ලියාපදිංචි වෙන්න පුලුවන්.
ඒ වෙබ් අඩවි වලින් එවන verify email බලාගන්නත් පුලුවන්.
විනාඩි 10යි කිව්වට ඊට වැඩි කාලයකුත් ඉල්ලලා තියාගන්න පුලුවන් හැබයි මේක හැමදාම තියාගන්න බෑ තාවකාලිකව තමා.
එහෙනම් ඕන වුන වෙලාවක කරලා බලන්නකෝ…



උපුටා ගැනීම


 Neo Lee