IPV6 (INTERNET PROTOCOL)

hi....කොහොමද ඔයාලට.ඉන්ටෙර්නෙට් එකේ එක එක වැඩ වලට හොට දාන ලොක්කෝ කස්ටියම මේ ලගදි වැඩකට ඇත ගැහුවා.ඒ ඊලග පරම්පරාවේ වෙබ් තාක්ෂණයක් ගැන අත්හදා බලන්න.හොඳයි අපි කෙලින්ම වැඩේට බහිමු.

IPv6 නම් මෙමෙ තාක්ෂණයට මුල්තැන දුන් ජුනි 08 වැනිදා,World IPv6 Day ලෙස නම් තිබුණා.
අන්තර්ජාලය ක්‍රියාත්මක වෙන්නේ ඉතා ක්‍රමවත්ව දත්ත හුවමාරු වීමේ තාක්ෂණ ගණනාවක එකතුවකින්. මේ දත්ත හුවමාරු වෙන්නේ  අන්තර්ජාලය සම්බන්ද නොයෙක් උපාංග අතරය.ඒවා පරිගණක යන්ත්‍ර පමණක් නොවේ.i phone,ipad,notebook,TV, වැනි ගෘහස්ථ උපාංග පවා එයට අයත් වෙනවා. මේ උපාංග අතර නිශ්චිත වශයෙන් තොටතුරු හුවමාරු වෙන්නේ, සැම උපන්ගයකටම එයට පමණක් අවේනික විශේෂ අංකයක් තිබිණ බැවිනි. හරියට නිවසක ලිපිනයක් වැනි මේ අංකය හදුන්වන්නේ IP address කියලයි.

අන්තර්ජාලයට අලුතින් උපාංගයක් එක් වෙන හැම මොහොතකදීම අලුත් IP address එකක් වෙන වෙයි. එහි තේරුම උපාංග වැඩිවෙන්නට-වැඩිවෙන්නට දැනට තියන IP address අඩු වෙනවා යන්නයි.

දැනට අන්තර්ජාලයේදී භාවිතා කෙරෙන්නේ 1981 දී හදුන්වා දුන් IPv4 කියා හදුන්වන IP address ක්‍රමයයි.
එය තාක්ෂණික වශයෙන් හදුන්වන්නේ 32bits ක්‍රමය කියායි.එනම් එමගින් සැපයිය හැකි උපරිම IP address ගණන 2*32 බලයකි. එනම් (4 294 967 296) කි. මෙම IP address කෝටි ම එකසේ ප්‍රයෝජනයට ගන්නට බැරිය.නොයෙක් තාක්ෂණික බාධක නිසා ඉන් 14%ක් අපතේ යයි.

අද තිබෙන තරමට අන්තර්ජාලය මහජනයා අතර ප්‍රචලිත වේ යැයි එහි නිර්මාතෘවරු අසුව දශකයේදී නොසිතුහ.IP address කෝටි 430ක් ප්‍රමාණවත් නොවන දවසක් පහසුවෙන් ළගා නොවෙතැයි ඔව්නේ එදා සිතුවා.එහෙත් අනුව දශකය වන විට IP address හිඟවන දිනය ළග-ළගම එන බව පෙනුනි.එයට විකල්ප ක්‍රම ගැන සොයා බැලුවේ ඒ අනුවය. කව්රුත් පිළිගත් විකල්පය වුයේ අලුත් IP address ක්‍රමයක් ඉදිරිපත් කිරීමයි. එය IPv6ය. 1996 දී එය ඉදිරිපත් කලේ IETF- The Internet Engineering Task Force නම් ආයතනය විසිනි.එය අන්තර්ජාලයේ IP address පිලිබදව කටයුතු කරන,ඇමරිකාවේ අයිකැන් (ICANN- Internet Corporation for Assigened Names and Numbers) ආයතනයේ අනුග්‍රහය ලබන්නෙකි.

IPv6 ක්‍රමය 128bits ක්‍රමයකි.එනම් එමගින් IP address 2*128බලයක ප්‍රමාණයක් ලබාදීමට පුළුවන්. එය ගණනින් ට්‍රිලියන-ට්‍රිලියන-ට්‍රිලියන 340කි.මෙය දැවැන්ත ඉඩකි.කෙතරම් දවන්තද කිව්වොත් මේ ක්‍රමයට අනුව අද ලෝකව සිටින ඕනෙම කෙනකුට IP address කෝටි ලක්ෂයක් ලබාදීමට පුළුවන්. එනම් අද සිටින සැම මිනිසෙක්ම නොයෙක් උපාංග කෝටි ලක්ෂයක් අන්තර්ජාලයට සම්බන්ද කලත්,ඒවා හොදින් ක්‍රියාත්මක වෙනු ඇති.සබැ ලෝකයේ වැඩ ගැන සිතු විට මෙය සිදුවිය නොහැක්කකි.එනිසා තවත් දශක ගණනාවක් මුළුල්ලේ අන්තර්ජාලයට එක් වෙන උපාංග සදහා address ලබාදෙන්නට අලුත් IP address ක්‍රමයට පුළුවන්.
අලුත් IP address ක්‍රමය ලෝකයාට ඉදිරිපත් කාර මේ ගෙවීයන්නේ 15 වැනි අවුරුද්දයි. එනම් තිබෙන IP address අවසන් වී,තවදුරටත් අලුත් උපාංග අන්තර්ජාලයට එක්කල නොහැකි දිනයක් උදා වෙනවය කියා අනතුරු හගවා අවුරුදු 15කි.එහෙත් පිළියම් දීම දිගටම පමවුණි ඒ සමාගම IPv4 මාදිලියේ address ගන්නද වේගයෙන් අඩු වී ගියේය.

අන්තර්ජාලයට එක් කෙරෙන පරිගණක උපාංගවලට IP address ලබාදීමේ ප්‍රධාන අධිකාරිය තිබෙන්නේ ඇමරිකාවේ ICANN සමාගමට වුවත්,ඒ බලය විමාද්‍යගත කොට තිබේ. ඒ ලොව නොයෙක් කලාප වලට IP address ලබාදීම ( Regional Internet Registers ) තුළිනි.අනෙක් අතට අයනා (IANA- Internet Assigned Numbers Authority ) නම් ආයතනයට මේ බලය පවරමනි.ඒ අනුව සාමාන්‍ය ක්‍රමය නම් අයනා ආයතනය විසින් ලොව නොයෙක් කලාප වෙත IP address blocks ලබාදීමයි.

පසුගිය පෙබරවාරි 03 වැනිදා අයනා ආයතනය විසින් විශේෂ උත්සවයකි. IPv4 address ක්‍රමයට අනුව,ඉතිරිව තිබෙන සියලුම IP address කොටස්, ප්‍රාදේශීය ආයතන වෙත නිකුත් කිරීම, එම උත්සවයේදී කෙරිණි. එහි තේරුම එදින බෙදා දුන් එක්කෝටි හැටලක්ෂයක් පමණ වෙන IP address ගණන අවසන් වූ විට පැරණි සංස්කරණයේ IP address නැතය යන්නයි.දැන් අපේක්ෂා කරන්නේ එළබෙන සැප්තැම්බර් මාසය වන විට මෙම IP address සියල්ල යෙදවි අවසන් වනු ඇති බවය.

අලුත් IPv6 ක්‍රමය අවට පසු පැරණි IPv4 ක්‍රමය නැතිව යන්නේ නැත.අලුත් ක්‍රමයට අනුව ලබාදෙන අංක 16කින් යුත් IP address ක්‍රමය වෙනම ජාලයක සේ ක්‍රියාත්මක වේ. පැරණි ක්‍රමයට ලබා දෙන අංක 12කින් යුත් IP address ක්‍රමය වෙනමම ක්‍රියාත්මක වේ.මෙසේ එකිනෙකට සමාන්තරව ක්රියත්මකවෙන ජාල දෙක අතර තොරතුරු විශේෂ ප්‍රවේශ ක්‍රම ( special translator gateways ) වුවමන කෙරේ.ඒ අනුව සැකසු දෘඩාංග සහ මෘදුකාංග සර්වර්ස් පද්දති වලට යෙදවිය යුතුයි. අනෙක් අතට පරිගණක මෙහෙයුම් පද්දති,වෙබ් බ්‍රව්සර් සහ සර්ච් එන්ජින්ද මෙමෙ ඇඩ්රස් ප්‍රොටෝකෝල දෙකටම ගැලපෙන සේ සැකසිය යුතුයි.

ගෙවීගිය කාලය පුරා දෘඩාංග සමාගම් මෙන්ම මෘදුකාංග සමාගම්ද මෙම  dual protocol ක්‍රමයට ගැලපෙන සේ නිපැයුම් කළේය. අද තිබෙන වෙබ් බ්‍රව්සර් ,සර්ච් එන්ජින් මෙන්ම  වින්ඩෝස් , මැක් සහ උබුන්ටු වැනි මෙහෙයුම් පද්දිති IPv6 protocol එකට ගැලපෙන සේ සැකස තිබේ. දැන් තිබෙන්නේ මේවා සමග IPv6,IP address ක්‍රමය ක්‍රියාත්මක කිරීමය.

පසුගිය ජුනි 08 වැනිදාකලේ එයයි. එදින පුරාම Microsoft,Yahoo,Facebook,cisco යනාදී ප්‍රමුක සමාගම් ගණනාවක් IPv6 address ක්‍රමය ක්‍රියාත්මක කාර බැලුවේය.
කෙසේවෙතත්  තමන්ගේ පරිගණක සහ වෙනත් උපාංග අලුත් IP address ක්‍රමය පිළිගන්නට සුදානම් ඒවාද කියා සොයා දාන ගැනීමට මහජයාට පුළුවන්. ඒ සදහා www.test-ipv6.com  ගිහින් විමසා දැනගන්නට හැකියි






 Nirmal Chathura