Nokia Sonyericsson වලට GPS ගෙන්නීම.


දැන් ඉස්සර වගේ Nokia phone වල GPS වැඩ කරන්නේ නැහැ නේද?
මට හිතෙන විදියට Nokia එක නම් එන්න එන්නම කඩාගෙන වැටෙනවා..
එහෙම වුනා කියල phone එක විසි කරල දාන්නද ? :D

ඉතින් මම අද කියල දෙන්න හදන්නේ Nokia Phone වලටත් Android phone එකකට වගේ ඉක්මනින් GPS Load කරගන්න හැටි කියලා දෙන්න.
මේ ක්‍රම යොදා ගන්න කලින් මගේ Nokia Phone එකේ GPS වැඩ නොකල තරම් වගේ.. දැනට අවුරුද්දකට කලින් වගේ නම් එලට් එකට GPS වැඩ කලා. නමුත් ලඟකදි ඉදන් Satellite Signal එකක් ආසාවට වත් අහුවෙන්නෙ නැහැ.
ඒ වුනාට දැන් මේ වැඩෙන් පස්සෙ GPS Application එකක් ලෝඩ් වෙන පරක්කුව විතරයි , satellite 6 ක් විතර එක පාරටම අහුවෙනවා. :)


මේක කරගන්නෙ මෙහෙමයි.

  • මුලින්ම Phone එකේ Main Menu එකට යන්න.
  • ඊට පස්සෙ Applications යන්න.
  • එතනින් තෝරන්න GPS Data කියන එක.ඒකේ Option වලින් Positioning Settings යන්න.
  • එහි තියෙන Positioning Method තුලට ගිහින් පහත් වෙනස්කම් කරන්න.
Assisted GPS - √
Integrated GPS - √
Network Based - √

  • දැන් ආපහු බැක් යන්න.
  • එතනින් Positioning Server යන්න.
  • එහි Server Address කියන තැනට supl.nokia.com වෙනුවට supl.google.com යන්න ලබාදෙන්න.
(සැ.යු. මෙහි ඇති Access Point වලට ඔබගේ Internet Access එක ලබාදීමද කල යුතුය.)දැන් Phone එක Restart කර බලන්න කොහොමද GPS Load විල්ල කියල...

මෙම Server Address එක වෙනස් කිරීම Samsung , Sony Ericson වගේ Phone වලටත් පුලුවන්ද කියල නම් හරියටම දන්නේ නැහැ. පුලුවන් නම් ඒකත් Try කරල බලන්න.

-This doc created by Thilina Rathnasekara

sony ericsson satio නම්  කරගන්නෙ මෙහෙමයි.

    * මුලින්ම Phone එකේ Main Menu එකට යන්න.
    * ඊට පස්සෙ Location යන්න.
    * ආයෙත් එක ඇතුලේ තියන Location යන්න.
    * එතනින් තෝරන්න  Positioning කියන එක.
    * එහි තියෙන Positioning Method තුලට ගිහින් පහත් වෙනස්කම් කරන්න.


 Integrated GPS - √
 Network Based - √


    * දැන් ආපහු බැක් යන්න.
    * එතනින් Positioning Server යන්න.
    * එහි Server Address කියන තැනට supl.sonyericsson.com වෙනුවට supl.google.com යන්න ලබාදෙන්න.

(සැ.යු. මෙහි ඇති Access Point වලට ඔබගේ Internet Access එක ලබාදීමද කල යුතුය.)දැන් Phoneඑක Restart කර බලන්න කොහොමද GPS Load විල්ල කියල...



 Thilina Rathnasekara , Harsha Prabath