ගෙදරදීම Tattoo ගහන Machine එකක් හදාගමු ....


   <<<< කාරුනික ඉල්ලීමයි >>>>
<<මෙය දැනුමට පමනක් එකතු කරගන්ට මෙය අත් හදාබැලීමට ගොස් සිදුවන අකරතැබ්බීන් සදහා මම වග කියනු නොලබේ>>>>>


hi යාලුවනේ මෙන්න මම අද මරු බඩුවක් හදන හැටි කියල දෙනවා මේකටනම් ගොඩක් අය කැමති වෙයි කියල හිතනවා මේක ඇවිත් tattoo ගහන machine එකක් හරිම ලේසී හදා ගන්ට යාලුවනේ tattoo එකක් අපේ බාශාවෙන් කියනවනම් "පච්චයක්" ගහන්ට ලන්කාවේ ලොකු ගානක් යනවා ගොඩක් සල්ලි නැති අයටනම් මේක ඇත්තමයි help එකක් වෙයි....


දැන් වැඩේ පටන් ගමු යාලුවනේ මේකට අවෂ්ශ දේවල් කියනවනම්..................


                                 * බැටරි කප් එකක් (කඩේ ගැනීමට ඇත rs30 නැතිනම් පරන් සෙල්ලම් බඩුවක බැටරි දමන කෑල්ලක්)

                                 *නැමෙන්නැති කුඩා සිහින් කම්බි කූරක්( මේ කම්බි කූර අග්ගිස්ස උල් කරගත යුතුය ඉදික‍ටු තුඩක් මෙන් තියුනුවිය යුතුය

                                   * ටිකක් ලොකු පෑන් බටය  ( පෑන් කූර ඉවත් කර ගත යුතුය)

                                    * හිල් 4 සහිත කුඩා බොතත්මක් ( මෙම බොත්තමේ ඇති හිල් වලට ඔබ යොදා ගන්නා නැමේන්නැති සිහින් කම්බිය  ඇතුල් කල හැකිවිය යුත්ය)

                                     *කුඩා මෝටරයක් (වෙලද පොලේ මිලදී ගැනීමට සුලු මුදලකට මිලදි ගැනීමට ඇත)

                                     *බැටරි කෑලි 2ක් අවෂ්ශ පරිදි වයර් සහ ගම් ටේප් 

                                     *කුඩා ලීපටි කෑල්ලක් (අගල් 2ක් පමන දිග ලැටිස් ලී පටි කෑල්ලක් ගැනීම ඔබට ලේසිය)

<<<මෝටරය.පෑන, බොත්තම හා , ගම් ටේප්
<<<සිහින් කම්බිය
<<<මෙවැනි කුඩාලී කැබැල්ලක්

හරි යාලුවනේ දැන් වැඩේ පටන් ගමු .............♣♣♣


1. මුලින්ම ඔයාල මෝටරය අරගෙන අරගත්ත ලී පටි කෑල්ලට තියලා හොදින් සෙලෝ ටේප් ගහ ගන්ට (හොදින් ටේප් ඔතා ගත යුතු කිසිම විටකදී මෝටරය හෙලවීමට ඉඩ නැති තරමට හොදින් ටේප් ඔතාගන්ට)


2. ඊට පස්සේ ඔයාල අරගත්ත හිල් 4ක් තිටන් බොත්තම අරගෙන මෝටරයේ කැරෙකවෙන කූරට එක හිලක් ඇතුලට දමා බොත්තමේ හොදින් තදකරන්ට (ඔයාලට පුලුවන්නම් බොත්තම හෙලවෙන්නැති වෙන්ට හොද ගම් ටිකක් ගා ගන්ට)


3. දැන් පෑන් බටය අරගෙන පෑන් බටයේ උඩ පැත්ට (තුඩ තියන පැත්තට විරුද්ද පැත්ත)ඔයාලා හදාගත්ත  මෝටරය හා බොත්තම සවිකරපු ලීය පෑන් බටයේ උඩ පැත්තට මෝටරය  පෑන් බටයෙන් උඩට සිටින සේ තබා පෑන් බටයට හොදින් සෙලෝ ටේප් ගසා සවිකරගන්ට(කිසිම විටකදී මෝටරය කැරකෙවන විටදී පෑන් බටයේ බොතත්ම  නොවැදිය යුතුට)


4.දැන් බැටරි කප් එක පෑනේ මෝටරය හා ලීය සවිකර පැත්තට විරුද්ද පැත්තට  හොදින් සවි කරගන්ට( බටරි දැමීමට ඉඩ ඇති විදිහට සවිකරගන්ට) බැටරි කප් එකෙන් එලියට එන වයර් එක මේටරයට සවිකර එය වැඩද කිය බලන්ට.



5.දැන් ඔයාල ගත්ත සිහින් කම්බියේ අග්ගස්ස අන්ශක 90 වන ආකාරයට පොඩි කෑල්ලක් නමා ගන්ට (පැහැදිලි  නැත්තම් පහත රූපයේ ආකාරයට නවාගන්ට)


  <<<<මේ ආකාරය තිබිය යුතුය

6.  දැන් මෝටරය හා බැටරි කප් එක  සවිකරපු පෑන් බටය අරගෙන  ඒ හරහා ඔබ නවාගත් කම්බිය ඇතුල් කරන්ට(කම්බියේ නවාගත් පැත්ත මේටරය ඇති පැත්තට සිට්න සේ) දැන් කම්බිය එක් පැත්තක් පෑන් බටයේ තුඩ තිබ්ය යුතු පැත්තෙන් එලියට ද කම්බිට නවාගත් පැත්ත මෝටරය තිබෙන පැත්තට තිබය යුතුය....

7. දැන් යාලුවනේ කම්බිය නමාගත් පැත්ත මෝටරය හා බොත්තම තියන තැන තිබිය යුතුට.. දැන් ඔයාල මෝටරය බොත්තම සවිකරපු බොත්තමේ හිලට කෙලින්ම ඉස්සරහ තියන හිලට කම්බියේ නවාගත් කෑල්ල සවිකරන්ට (කිසිම විටකදී සිහින් කම්බියහා බොත්තමේ හිල එකට කර ගම් ගා අලවන්ට එප එය බුරුලට තිබිය යුතුය)



8. දැන් යාලුවනේ කම්බියේ මුල ඒ කියන්නේ පෑනේ තුඩ තිබියයුතු තැනින් එලියට ඇවිත් තියන කම්බි කොටස ඉදික‍ටු තුඩක් මෙන් හොදින් තියුනු වෙනකම් පීරක් බාවිතයෙන් ගා ගන්ට


යාලුවනේ ඔයාල දැන් tattoo machine එක හාදලා ඉවරයි  දැන් ඔයාලා බැටරි කප් එකෙන් එන වයර් දෙක මෝටරයට සවි කරලා බලන්ට ඔයාලා හදපු tattoo machine  මරුවට වැඩ යාලුවනේ(ඔයාලට පහසුවට ඕනනම් පොඩි සුවිච් එකක් සවි කරගන්ට)



යාලුවනේ මේගැන පැහැදිලි කිරීමක් කරනවනම් මෙයින් වෙන්නේ ඔයාලා මෝටරයට  සවි කරපු බොත්තමේ කෙලින්ම තියන හිලට අපි නවා ගත්ත කම්බිය සවිකලේ මෝටරය කැරකෙවන විටදී අපි කම්බිය සවි කල හිල උඩට යනවා පහලට එනවා එය වේගයේන් වේගයේන් එක දිගටම වෙනකොට පෑනේ තුඩ තිබිය යුතු තැන තියන අපි උල් කරගත්ත කම්බියත් වේගයෙන් වේගයෙන් ඉහල පහල යනවා tattoo ගහන machine එකෙත් වෙන්නේ මේටිකමනෙ යාලුවනේ කම්මැලි වෙන්ට එපා මේවගේ දේවල් කරලා බලන්ට අර කතාවක් තියෙන්නේ " කම්මැලියා ගොන් අලියා" කියලත්.....:)

<<<< කාරුනික ඉල්ලීමයි මෙය දැනුමට පමනක් එකතු කරගන්ට මෙය අත් හදාබැලීමට ගොස් සිදුවන අකරතැබ්බීන් සදහා මම වග කියනු නොලබේ>>>>>


මම tattoo ගහන්ට ගන්න තීන්ත ගැන නම් අහලා නෑ දන්න කෙනෙක් එන්නවනම් මටත් කියන්ට. යාලුවනේ මම හිතනවා මෙය ඔයාලට පැහැදි ඇති කියලා රූපසටහන් සමග තියන නිසා.....................................................................:)))))))))




 Sanoj Prabath Jayathilaka