WiFi ගැන දන්නා සිංහලෙන්..










ඔන්න මිතුරනේ මම කියන්න යන්නේ මේ දිනවල වැඩිපුරම කථාබහ යොමුව ඇති මාතෘකාවක් පිලිබඳවයි.
මෙය තවත් මිතුරෙක් ඉතා පැහැදිලිව සටහන් කොට දැක්වුවද සමහරක් මිතුරන්හට එය හරිහැටි අවබෝධ නොවී ඇති බව මට හැඟීයි.

ඉතින් මා මෙය දන්නා සංහලෙන් හරිහැටි නොදන්නා ඔබලාට පැවසීමටයි මේ සැරසෙන්නේ...
WiFi යන තාක්ෂණ වචනයෙන් නිරූපනය වන සත්‍ය වචනය (දිගු) නම් Wireless Fidelity වේ.
මෙය අප භාවිතා කරන්නේ රැහැන් රහිතව, අපගේ නිවසට හෝ කාර්යාලයේ හෝ වෙනයම් ස්ථානයක තිබෙනා රවුටරයක් මාර්ගයෙන් ජාලකරන තාක්ෂණය ලබාගැනීම සදහාය. මෙයට හොදම උදාහරනය නම් අප සෑම දෙනෙක්ගේම පාහේ අතේ ගැවසෙන ජංගම දුරකතනයෙහි ඇති Bloutooth තාක්ෂණයි.
මෙමගින් රැහැන් රහිතව ඉතා පහසුවෙන් දත්ත හුවමාරු වේ. මෙම සම්බන්ධතාව 2.4Ghz පරාසයේ 
පවතී.

මෙමගින් (Source) යම්කිසි ජංගම දුරකථනයක ගමනාරම්භයේ සිට (Destination)ගමන අවසාන වන ජංගම දුරකථනයක් දක්වා ඉතා පහසුවෙන් තොරතුරු සම්ප්‍රෙශණය කල හැක. මෙයට වඩා ටිකක් සංකීර්න දෙයක් තමයි WiFi කියන්නෙ, සංකීර්න කිවුවේ එය විහිදෙන කලාපයේ විශාලත්වය Bloutooth වලට වඩා වැඩී. මන් පෙර සඳහන් කල පරිදි වයි ෆයි යනු අන්තර්ජාලය ලබාදෙන උපකරනයක් හෝ ISP (Internet Service Provider)
කෙනෙක් නොවේ,විශාල පිරිසකට වැරදුන තැන ඔතනය. සාමාන්‍යයෙන් WiFi හී වේගය එය මගින් සංතෘප්ත කරන වර්ගඵලය මත වෙනස් වේ.
නමුත් සාමාන්‍යයෙන් භාවිතාවේ පවතින වේගයන් නම් 1Mbps සිට 54Mbps දක්වා අගයන්වල 
පවතී. 

  • WiFi හී තත්ව සහතිකය IEEE විසින් දක්වනු ලබන්නේ IEEE 802.11 යන දත්තයෙනි.
වැඩිදුර මේ පිලිබදව සියලු විස්තරයන් දැන ගැනීමට පිවිසෙන්න මාගේ සයිබර් කලාපය වෙත


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා... ඔබගේ Comment එක මාගේ ඉදිරි සටහන්වලට හොඳ රුකුලකි.
ස්තූතියි.



 ශැගී මලයා