CAREER GUIDANCE - 3




ඉංග්‍රිසී ඉගෙන ගන්න තියෙන ආසාව උනන්දුව කමෙන්ට් වලින්ම පේනවා.. හරිම සතුටුයි ඒ ගැන..අන්තර්ජාලය ඔස්සේත් ඉංග්‍රීසි ඉගෙනගන්න පුලුවන් තැන් කට්ටිය දාල තිබුණා...ඉගෙනගන්න තැන වැඩක් නෑ ඉගෙනගන්න කෙනාට...!
සක්විති රණසිංහගෙ සිට පූජිත විජේසිංහ දක්වා වූ අය ඉංග්‍රිසි උගන්වයි! නමුත් සිදුවූ යහපතක් වත් දැනුමේ වැඩිවීමක්වත්, විභාග සමත්වීමවත් නැත..තවමත් සාමාන්‍ය පෙළ බහුතරයක් ඉංග්‍රිසී අසමත් වෙති.. ලාභදායි විසදුම් දුන්නත් කට්ටියට ඕනෑ කාටහරි කීයක් හරි දී නෝට් ටිකක් හා පොත් ගොඩක් නොමිලෙ දෙන ගුරැවරයෙකුගෙන් ආතල් එකක් සමග ඉංග්‍රීසි හැදැරීමටය!
නිරන්තර අභ්‍යාසය, කැපවීම, කියවීම සවන්දීම කළ නොහැකි නම්....උඹලා එකෙකුටවත් ඉංග්‍රිසි ඉගෙන ගැනීම වහකදුරැ වනු ඇත.. භාෂාවට ආදරය කරන්න...පුංචි පුංචි පොත් හැකිතාක් කියවන්න..දැන්වීම් වල පරිදි දින 100කින් දින 7කින් ඉංග්‍රීසි ඉගෙනගැනීමට නොහැකිය.. එය ගොනා පිට හකුරැපටවනවාක් වැනි ඉගැන්වීමකි..එළියට එන එකා රෙඩිමේඩ් ඉංග්‍රීසි රොබෝවෙකි! ඌ ඉංග්‍රීසි සාහිත්‍යය තියා මෙලෝ මළ දානයක් දන්නේ නැත! පන්තියේ ලියා කටපාඩම් කළ ඒවා ඉහටත් උඩින් දනී!
ඉතින් විධිමත්ව පිළිගැනීමක් සහිතව ඉංග්‍රිසි ඉගෙනගැනීමට පවතින පිළිගත් ආයතන මෙසේය.
  1. කොළඹ විශ්වවිද්‍යාලයීය සේවක අධ්‍යාපන ආයතනය - භාෂා ඉගැන්වීමේ ඒකකය
  2. ඇක්වයිනාස් ආයතනය - කොළඹ
  3. ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනය - මහරගම
  4. ජාතික තරැණසේවා සභාව
  5. ජාතික උසස් අධ්‍යාපන ආයතනය
  6. කාර්මික විද්‍යාල හා වෘත්තීය පුහුණු ආයතන වල පැවැත්වෙන  ඉංග්‍රීසි පාඨමාලා
  7. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි පාඨමාලා උපාධිය දක්වා..
ඉහත සදහන් සමහර ආයතන වලට සිසුන් බදවා ගනු ලබන්නේ මූලික විභාගයක් පැවැත්වීමෙන් අනතුරැවය. ඉන් අනතුරැව දැනුම මට්ටම අනුව වර්ග කෙරේ..  නමුත් ආයතන වලපිළිගැනීම සුලු සුලු වෙනස්කම් තිබුණත් ඉතා ඉහළ පිළිගැනීමක් ඇත.  මේ සෑම ආයතනයකම සහතිකයක් පිරි නමයි.. ගාස්තු ඉතා සාධාරණය. රජයේ හෝ ඊට අනුබද්ද ආයතන වල පුවත්පත් දැන්වීම් මගින් අදාල පාඨමාලා පිළිබද දන්වනු ඇත.  එය බ්‍රිතාන්‍ය කවුන්සිලයට වඩා ඉතාම අඩු අගයක් ගනී. බ්‍රිතාන්‍ය කවුන්සිලයට වඩා අධ්‍යන කටයුතු කිරීමේදී පහසුවක්ද ඇත.. නමුත් මෙය සහතිකයකට සීමා වී භාවිතය අඩුනම් ඉන් අත්වන පලක් නැත!
මෙම පාඨමාලා වසරක් තුළදි නිමවන අතර ඔබ විශ්ව විද්‍යාලයට තේරී සිටියත් නැතත් ඊට සහභාගි වීම නම් වාසියක් මිස අවාසියක් නොවනු ඇත. මක්නිසාද යත් මොනම ක්ෂේත්‍රයක වුවත් උසස් අධ්‍යාපන කටයුතු සිදුකරන්නෙ ඉංග්‍රීසි භාෂාවෙනි... (සිංහල අංශයන්හි හැර)
ජාත්‍යන්තර පරීක්ෂණ
TOEFL (TEST OF ENGLISH AS A FOREIGN LANGUAGE) – U.S.A
ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් නුවර පිහිටි ETS ආයතනය මගින් පවත්වන විභාගයකි.
IELTS ( INTERNATIONAL ENGLISH LANGUAGE TESTING SYSTEM) – ENGLAND
ලංකාවේ විවිධ ආයතන ඉගැන්වීම කළද සහතිකය නිකුත් කරනු ලබන්නේ එංගලන්තයේ කේම්බ්‍රිජි සරසවියෙනි.
මේවා විදේශ අධ්‍යාපනය ලබන්නේ නම් අනිවාර්යයි. ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණ රැසකි.. ලොවම පිළිගත් විභාග වෙයි. නමුත් අධ්‍යයන කටයුතු සදහා විශාල මුදලක් වැය කරන්නට සිදුවන නිසා එය යමක් කමක් ඇති අයට ඉතා සුදුසුය.. !



 Kasun Weerasinghe