LGA 1366, LGA 1156, LGA 1155


අලුතෙන් අපු core i series එකේ කලින් තිබුණු Pentium, Core 2 series වලට වඩා Hard ware පැත්ත ගොඩක් වෙනස් උන. අපේ රටේ ගොඩ දෙනෙක්ට මේගැන හරි අදහසක් නැ.

Pentium 4, Core 2 duo, Core 2 Quad වල තිබුනේ එකම Processor  socket එකක් LGA 775. නමුත් Core i series  එකේ මේක වෙනස්. LGA 1366, LGA 1156, LGA 1155 කියන socket තුනම දැනට පාවිච්චි වෙනවා. අනිත් කරනේ Core i series එකේ ඉදල සමහර Processor  ඇතුලටම කලින් on-board තිබුණු graphic  chip  එකත් දැම්මා.

LGA 775 on-board  graphic  තීන motherboard  එකක් ගත්තම motherboard  එකේ Graphic පහසුකම තිබ්බා. නමුත් Core i series එකේ ඉදල මේ පහසුකම තීන්නේ motherboard  එකේ නෙමේ Processor  එකේ. අනිත් කරුණ Processor  එකෙන් මේ graphic  පහසුකම ලබාගන්න එකට හරියන motherboard  එක තෝරාගන්න ඕනේ, එහෙම නැති උනොත් වෙන්නේ අලුතින් වියදම් කරලා separate  VGA  card එකඟ ගහන්න වෙන එක.

LGA 1366 කියන  socket එක තීන motherboard  එකට මේ ප්‍රශ්නේ නැ. එත්  LGA 1156, LGA 1155 කියන socket තීන motherboard  වලට ඒ වෙනස බලපානවා. මේ socket දෙකේම Processor  එකෙන් දෙන graphic  පහසුකම ලබාගන්න පුළුවන්, බැරි motherboard  තීනවා.


LGA 775 socket එක තීන motherboard ගැන අව්ලක් නැතුව ඇති. ඒ motherboard වලට සමහර Pentium 4,  සමහර processer වල ඉදල core 2 extreme  වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්.(Chip set අනුව Pentium 4, core 2 extreme processors support වීම වෙනස් වෙන්න පුළුවන්) නමුත් socket එකේ වෙනසක් වෙන්නේ නෑ.

අද කියන්න යන්නේ LGA 1366, LGA 1156, LGA 1155 socket වලින් ලොක්කා වෙන LGA 1366 socket එක තීන motherboard  ගැන.  LGA 1366 මේ motherboard වල කැපීපෙනෙන වෙනසක් තීනවා අනිත් ඒවාට වඩා.මේ socket එක තීන හැම motherboard  එකකම ram slots 6ක් තීනවා. අනිත් motherboard වල තීන්නේ 2ක් නැත්නම් 4ක්  (server motherboard අරුණම). අනිත් කාරණේ මේ motherboard වලට ගැලපෙන processor වල graphic chip එක දාල හදල එන්නේ නෑ. ඒ කියන්නේ මේ වර්ගයේ motherboard එකක් ගන්නවානම් අනිවාර්යයෙන්ම separate vga card එකක් ගන්න වෙනවා.මේ motherboard වල තීන්නේ එකම chip set එකක් X58 කියල මේක වෙනස් උනේ නෑ.මේකට support කරන processor වල අංක.
  • i7 970, 930, 940, 950, 960 (4 cores )
  • i7 970 (6 cores) 
  • i7 extreme edition  i7 965, 975 (4 cores )
  • i7 extreme edition  i7 980X, 990X (6 cores )
දැන් මේක බලලා අපිට හිතෙනවා ඇති, ඇයි අපිට කියන්න පුළුවන්නේ මේකට support කරන්නේ core i7 series එකේ processes කියල. අපිට එහෙම කියන්න බෑ. මේ වෙනකොට LGA 1156, LGA 1155 යන socket වලට support කරන i7  processors  තීනවා. 
LGA 1366, LGA 1156, LGA 1155 මේ හැම motherboard එකකටම හරියන්නේ DDR3 ram.


LGA 1156 මේ socket එකට එනකොට තමයි ප්‍රශ්න මතු වෙන්නේ. මේ වර්ගයේ motherboard වලට ගැලපෙන processor වල graphic chip එක දාල එවන ඒවා වගේම නැති ඒවත් තීනවා. ඒකනිසා බොහොම පරිස්සම් වෙන්න වෙනවා. අපිට පිටතින් බලලා processor  එකේ built -in  graphic තීනවද නැද්ද කියල කියන්න බෑ. එක කියන්න වෙන් processor number එකෙන්. මේ සොච්කෙට් එකේ තීන motherboard ප්‍රධාන වශයෙන් වර්ග දෙකෙක් තීනවා on -chip (Graphic chip එක තීන්නේ processor එකේ නිසා)  graphic  පහසුකම ලබාගන්න පුළුවන් හා ලබාගත නොහැකි motherboard  විදිහට. දැනට chipset වර්ග 4 මේ socket එක තීන motherboard වල තියෙන්න පුළුවන් එහෙම නැති වෙන්නත් පුළුවන්.. H55, H57, P55, Q57. Chipset අංකය පිටතට පෙන්නේ නැති උනත් motherboard පෙට්ටියේ බොහෝවිට මේ අංකය බලාගන්න පුළුවන්, motherboard අංකය බොහෝවිට තීන්නේ මේ Chipset අංකයට තව අකුරු ඉලක්කම් එකතු කරලා.  මේ හතරෙන් P55 chipset එක දාල හදන motherboard වල විතරයි on -chip graphic පහසුකම ලබාගන්න හැකියාවක් නැත්තේ. ඒ කියන්නේ මොන processor එක ගැහුවත් separate vga ගහන්න වෙනවා. මම කියන්නේ මේ වගේ motherboard එකක් පාවිච්චි කරනවානම් graphic chip එක නැති processor එකක් තෝරාගන්න.processor එක ඇතුලට graphic chip එක දන්නේ ඒ processor එකේ තීන cores ගණන අඩු කරලා. ඉතින් performance සලකියුතු මට්ටමකට අඩුවෙනවා. දැන් H55, H57, Q57 chipset තීන motherboard  ගත්තම මේ motherboard  වලට LGA 1156 socket  එකට දාන්න පුළුවන් ඕනේ processor එකකට මේ  motherboard  වැඩකරනවා. දැන් ප්‍රශ්නයක් එනවා ඇති graphic chip එක නැති processor එකක් මේකට දැම්මොත් මොකද වෙන්නේ කියල, අපිට අයෙත් separate  vga card එකක් ගහන්න වෙනවා.වියදම් වෙන මුදල අඩුකරගන්න කියල කරන වැඩේ නිසා තවත් වියදම වැඩි වෙනවා. මේ ප්‍රශ්නේ වෙන්නේ අපිට මේ processor පිටතින් බලලා graphic chip එක තිනවද නැද්ද කියල කියන්න බැරි නිසා. processor number එකෙන් තමයි මේක කියන්න වෙන්නේ.
  • i7-860, 860S, 870, 870S, 875K, 880 (4 cores)
  • i5-650, 655K, 660, 661K, 670, 680 (4 cores)
  • i5-750, 750S, 760 (2 cores, integrated graphics)
  • i3-560, 550, 540, 530 (2 cores, integrated graphics)
මේක බලුහම තේරෙනවා ඇති අපි කොහොමද processor එකයි එකට ගැලපෙන motherboard  එකයි තෝරාගන්න ඕනේ කියල. i7 හෝ i5 600 series processor එකක් නම්  P55 Chipset එක තීන motherboard එකකුත් i5 700 series හෝ i3  processor එකක් නම්  H55, H57, Q57 Chipset එක තීන motherboard තෝරාගන්න ඕනේ කියල පැහැදිලි ඇති.
                                               


 Vidhura Ranatunga