Showing posts with label Networking. Show all posts
Showing posts with label Networking. Show all posts

IPV6 (INTERNET PROTOCOL)

hi....කොහොමද ඔයාලට.ඉන්ටෙර්නෙට් එකේ එක එක වැඩ වලට හොට දාන ලොක්කෝ කස්ටියම මේ ලගදි වැඩකට ඇත ගැහුවා.ඒ ඊලග පරම්පරාවේ වෙබ් තාක්ෂණයක් ගැන අත්හදා බලන්න.හොඳයි අපි කෙලින්ම වැඩේට බහිමු.

IPv6 නම් මෙමෙ තාක්ෂණයට මුල්තැන දුන් ජුනි 08 වැනිදා,World IPv6 Day ලෙස නම් තිබුණා.
අන්තර්ජාලය ක්‍රියාත්මක වෙන්නේ ඉතා ක්‍රමවත්ව දත්ත හුවමාරු වීමේ තාක්ෂණ ගණනාවක එකතුවකින්. මේ දත්ත හුවමාරු වෙන්නේ  අන්තර්ජාලය සම්බන්ද නොයෙක් උපාංග අතරය.ඒවා පරිගණක යන්ත්‍ර පමණක් නොවේ.i phone,ipad,notebook,TV, වැනි ගෘහස්ථ උපාංග පවා එයට අයත් වෙනවා. මේ උපාංග අතර නිශ්චිත වශයෙන් තොටතුරු හුවමාරු වෙන්නේ, සැම උපන්ගයකටම එයට පමණක් අවේනික විශේෂ අංකයක් තිබිණ බැවිනි. හරියට නිවසක ලිපිනයක් වැනි මේ අංකය හදුන්වන්නේ IP address කියලයි.

අන්තර්ජාලයට අලුතින් උපාංගයක් එක් වෙන හැම මොහොතකදීම අලුත් IP address එකක් වෙන වෙයි. එහි තේරුම උපාංග වැඩිවෙන්නට-වැඩිවෙන්නට දැනට තියන IP address අඩු වෙනවා යන්නයි.

දැනට අන්තර්ජාලයේදී භාවිතා කෙරෙන්නේ 1981 දී හදුන්වා දුන් IPv4 කියා හදුන්වන IP address ක්‍රමයයි.
එය තාක්ෂණික වශයෙන් හදුන්වන්නේ 32bits ක්‍රමය කියායි.එනම් එමගින් සැපයිය හැකි උපරිම IP address ගණන 2*32 බලයකි. එනම් (4 294 967 296) කි. මෙම IP address කෝටි ම එකසේ ප්‍රයෝජනයට ගන්නට බැරිය.නොයෙක් තාක්ෂණික බාධක නිසා ඉන් 14%ක් අපතේ යයි.

අද තිබෙන තරමට අන්තර්ජාලය මහජනයා අතර ප්‍රචලිත වේ යැයි එහි නිර්මාතෘවරු අසුව දශකයේදී නොසිතුහ.IP address කෝටි 430ක් ප්‍රමාණවත් නොවන දවසක් පහසුවෙන් ළගා නොවෙතැයි ඔව්නේ එදා සිතුවා.එහෙත් අනුව දශකය වන විට IP address හිඟවන දිනය ළග-ළගම එන බව පෙනුනි.එයට විකල්ප ක්‍රම ගැන සොයා බැලුවේ ඒ අනුවය. කව්රුත් පිළිගත් විකල්පය වුයේ අලුත් IP address ක්‍රමයක් ඉදිරිපත් කිරීමයි. එය IPv6ය. 1996 දී එය ඉදිරිපත් කලේ IETF- The Internet Engineering Task Force නම් ආයතනය විසිනි.එය අන්තර්ජාලයේ IP address පිලිබදව කටයුතු කරන,ඇමරිකාවේ අයිකැන් (ICANN- Internet Corporation for Assigened Names and Numbers) ආයතනයේ අනුග්‍රහය ලබන්නෙකි.

IPv6 ක්‍රමය 128bits ක්‍රමයකි.එනම් එමගින් IP address 2*128බලයක ප්‍රමාණයක් ලබාදීමට පුළුවන්. එය ගණනින් ට්‍රිලියන-ට්‍රිලියන-ට්‍රිලියන 340කි.මෙය දැවැන්ත ඉඩකි.කෙතරම් දවන්තද කිව්වොත් මේ ක්‍රමයට අනුව අද ලෝකව සිටින ඕනෙම කෙනකුට IP address කෝටි ලක්ෂයක් ලබාදීමට පුළුවන්. එනම් අද සිටින සැම මිනිසෙක්ම නොයෙක් උපාංග කෝටි ලක්ෂයක් අන්තර්ජාලයට සම්බන්ද කලත්,ඒවා හොදින් ක්‍රියාත්මක වෙනු ඇති.සබැ ලෝකයේ වැඩ ගැන සිතු විට මෙය සිදුවිය නොහැක්කකි.එනිසා තවත් දශක ගණනාවක් මුළුල්ලේ අන්තර්ජාලයට එක් වෙන උපාංග සදහා address ලබාදෙන්නට අලුත් IP address ක්‍රමයට පුළුවන්.
අලුත් IP address ක්‍රමය ලෝකයාට ඉදිරිපත් කාර මේ ගෙවීයන්නේ 15 වැනි අවුරුද්දයි. එනම් තිබෙන IP address අවසන් වී,තවදුරටත් අලුත් උපාංග අන්තර්ජාලයට එක්කල නොහැකි දිනයක් උදා වෙනවය කියා අනතුරු හගවා අවුරුදු 15කි.එහෙත් පිළියම් දීම දිගටම පමවුණි ඒ සමාගම IPv4 මාදිලියේ address ගන්නද වේගයෙන් අඩු වී ගියේය.

අන්තර්ජාලයට එක් කෙරෙන පරිගණක උපාංගවලට IP address ලබාදීමේ ප්‍රධාන අධිකාරිය තිබෙන්නේ ඇමරිකාවේ ICANN සමාගමට වුවත්,ඒ බලය විමාද්‍යගත කොට තිබේ. ඒ ලොව නොයෙක් කලාප වලට IP address ලබාදීම ( Regional Internet Registers ) තුළිනි.අනෙක් අතට අයනා (IANA- Internet Assigned Numbers Authority ) නම් ආයතනයට මේ බලය පවරමනි.ඒ අනුව සාමාන්‍ය ක්‍රමය නම් අයනා ආයතනය විසින් ලොව නොයෙක් කලාප වෙත IP address blocks ලබාදීමයි.

පසුගිය පෙබරවාරි 03 වැනිදා අයනා ආයතනය විසින් විශේෂ උත්සවයකි. IPv4 address ක්‍රමයට අනුව,ඉතිරිව තිබෙන සියලුම IP address කොටස්, ප්‍රාදේශීය ආයතන වෙත නිකුත් කිරීම, එම උත්සවයේදී කෙරිණි. එහි තේරුම එදින බෙදා දුන් එක්කෝටි හැටලක්ෂයක් පමණ වෙන IP address ගණන අවසන් වූ විට පැරණි සංස්කරණයේ IP address නැතය යන්නයි.දැන් අපේක්ෂා කරන්නේ එළබෙන සැප්තැම්බර් මාසය වන විට මෙම IP address සියල්ල යෙදවි අවසන් වනු ඇති බවය.

අලුත් IPv6 ක්‍රමය අවට පසු පැරණි IPv4 ක්‍රමය නැතිව යන්නේ නැත.අලුත් ක්‍රමයට අනුව ලබාදෙන අංක 16කින් යුත් IP address ක්‍රමය වෙනම ජාලයක සේ ක්‍රියාත්මක වේ. පැරණි ක්‍රමයට ලබා දෙන අංක 12කින් යුත් IP address ක්‍රමය වෙනමම ක්‍රියාත්මක වේ.මෙසේ එකිනෙකට සමාන්තරව ක්රියත්මකවෙන ජාල දෙක අතර තොරතුරු විශේෂ ප්‍රවේශ ක්‍රම ( special translator gateways ) වුවමන කෙරේ.ඒ අනුව සැකසු දෘඩාංග සහ මෘදුකාංග සර්වර්ස් පද්දති වලට යෙදවිය යුතුයි. අනෙක් අතට පරිගණක මෙහෙයුම් පද්දති,වෙබ් බ්‍රව්සර් සහ සර්ච් එන්ජින්ද මෙමෙ ඇඩ්රස් ප්‍රොටෝකෝල දෙකටම ගැලපෙන සේ සැකසිය යුතුයි.

ගෙවීගිය කාලය පුරා දෘඩාංග සමාගම් මෙන්ම මෘදුකාංග සමාගම්ද මෙම  dual protocol ක්‍රමයට ගැලපෙන සේ නිපැයුම් කළේය. අද තිබෙන වෙබ් බ්‍රව්සර් ,සර්ච් එන්ජින් මෙන්ම  වින්ඩෝස් , මැක් සහ උබුන්ටු වැනි මෙහෙයුම් පද්දිති IPv6 protocol එකට ගැලපෙන සේ සැකස තිබේ. දැන් තිබෙන්නේ මේවා සමග IPv6,IP address ක්‍රමය ක්‍රියාත්මක කිරීමය.

පසුගිය ජුනි 08 වැනිදාකලේ එයයි. එදින පුරාම Microsoft,Yahoo,Facebook,cisco යනාදී ප්‍රමුක සමාගම් ගණනාවක් IPv6 address ක්‍රමය ක්‍රියාත්මක කාර බැලුවේය.
කෙසේවෙතත්  තමන්ගේ පරිගණක සහ වෙනත් උපාංග අලුත් IP address ක්‍රමය පිළිගන්නට සුදානම් ඒවාද කියා සොයා දාන ගැනීමට මහජයාට පුළුවන්. ඒ සදහා www.test-ipv6.com  ගිහින් විමසා දැනගන්නට හැකියි






 Nirmal Chathura 

මොකක්ද මේ wifi කියන්නෙ ?




මේ මොකක්ද කියල ඉතින් ගොඩක් අය දන්නවනෙ.ඒත් Online හෙල්ප් එකේ සමහර අය දාල තිබ්බ සමහර ප්‍රශ්න දැක්කම මට හිතුන මේ ගැන පොඩ්ඩක් කතා කරන්න. ඇත්තටම  wifi කියන්නෙ Wireless Fidelity කියන එකයි. ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප්, ipod,වගේ උපකරණ මේ හරහා අන්තර්ජාලයට සම්බන්ධ කරන්න පුලුවන්.ඕව ගැන ඉතින් තව කතා කරල වැඩක් නහැනේ.
අපේ අයට තියෙන ප්‍රශ්න ගැන අපි කතාකරමුකො.


  • ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි අපිටත් පුලුවන්ද  wifi zone එකක් හදාගන්න?
ඔව් පුලුවන්, මේකට ඉතින් wifi රවුටරයක් ගන්න ඕනෙ. සාමාන්‍ය රවුටරයකට වඩා මේක පොඩ්ඩක් ගණන්. සාමාන්‍යයෙන් rs.6500 ක් විතර වෙයි. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ අපේ අන්තර්ජාල සම්බන්ධතාව රවුටරයට සම්බන්ධ කරන එක. ඔන්න දැන් වැඩෙ හරි. ලැප් එකක් තියෙනවනම් ඉතින් අවුලක් නැතිවම යන්න පුලුවන්. සාමාන්‍ය පරිඝනකයට සවි කරනවනම් ඉතින් Wifi Dongle එකක් හයි කරගන්න වෙයි.

  • Wifi නොමිලේද දෙන්නෙ?
අපේ ගෙදර හදාගත්ත එකක්නම් ඉතින් අන්තර්ජාල සම්බ්න්ධතාවට ගෙවන මුදලම ගෙවන්න ඕනෙ,  wifihotspot එකකනම් ඉතින් පාස්වර්ඩ් දාලනම් එක්කො සල්ලි දීල යන්න ඔනෙ නැත්තම් ඉතින් වෙන ජිල් මාර්ට් එකක් දාන්න ඕනෙ. Airport එකෙ, Universitiesවල, Instituteවල වගෙ ස්ථාන වල hotspot තියෙනව.

  • කෙතරම් වේගයකින් හා දුරකට දත්ත සන්නිවේදනය කළ හැකිද?
ඒක ඉතින් අපේ අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය මත තමයි රදා පවතින්නෙ. දුරනම් ඉතින් රවුටර් 

එකේ ස්ටැන්ඩර්ඩ් එක මත තමයි. පල්ලෙහයින් දාල තියෙනව ලිස්ට් එක,

Type Frequency Maximum Data Rate Modulation Indoor Rate Outdoor Rate


2.4GHz 2Mbps   FHSS/DSSS 20m 100m
a 5GHz 54Mbps OFDM 35m 120m
b 2.4GHz 11Mbps DSSS 40m 140m
g 2.4GHz 54Mbps OFDM 40m 140m
n 2.4/5GHz 300Mbps SDM 70m 250m

  • මොනවද මේ wifi වල වාසි?
  1. Wifi Signal තිබෙනා ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාව
  2. එකවර් Wifi සහිත උපාන්ග කිහිපයකින් උවද සම්බන්ධ වීමේ හැකියාව
  3. Network Cable ඇදීම සදහා යන වියදම නැතිවීම

මේක මගේ පුන්චි උත්සාහයක් පමනයි. හොද? නරක? වැරදි එහෙම තියෙනවනම් කියන්න

http://gadgematicslk.blogspot.com/ මගේ බ්ලොග් එකට ගිහින් comment එකක් දාන්න, Followපාරකුත් දාන්න



  Venura Edirisinghe