Showing posts with label Security. Show all posts
Showing posts with label Security. Show all posts

හැක් කරමුද ?

ඇත්තටම හැක් කරන්න පුලුවන්ද ? ඇයි ඔයාල හැක් කරන්න හදන්නේ.ගොඩක් ය හිතන්නේ හැකින්ග් කිව්වම FACEBOOK එකේ කගේ හරි ACCOUNT එකකට හොරෙන් LOG වෙනවා කියන එකනේ..

ඇත්තටම ඇයි කාගෙවත් දේවල් හොයන්න යන්නේ.ඔයාල හැක් වෙන්නේ ඉල්ලගෙන

.  මේකනේ  යාලුවේ ගොඩක්  අය ඉතින් මේ හැක් කරනවා කියල කරන්නේ මොකක්හරි ETHICAL TOOL වලින් කරන එකට.PACKET CAPTURE කරන අය හිතන්නේ එයාල තමා හැකර්  ල කියල  

.හැකින්ග් කියල දෙන කිසිම ලින්ක් එකක් ඔපෙන් කරන්නවත් යන්න එපා.ඔයාල දන්නේ නැති උනාට ඔයාගේ DETAILS BACKUP කරගන්නවා ..අනික හැකින්ග් දන්නා කෙනා කවදාවත් සද්දේ ගෙන යන්නේ නෑ

ඇත්තටම හැකින්ග් දන්නා කෙනා මම දන්නා විදයට හොඳම මොළකාරයෙක්.

BILL GATES  WINDOWS  අලුත් එකක් හදල කරන දේ දන්නවද ? 

ඉස්සල්ලම MICROSOFT එකෙන් LEAK කරනවා.
 එකට හේතුව එයාල ලෝකේ ඉන්න හකෙර්ස් ලට OPEN INVITE කරනවා පුලුවන්නම් අපේ අලුත් මෙහෙයුම් පද්දතිය හැක් කරන්න කියාල .
ඇයි එහෙම කරන්නේ ...එකට හේතුව MICROSOFT එක එතකොට TRACE කරගන්නවා කොහෙන්ද SOFTWARE EKE WEEK POINT ත්යිඑන්නේ කියල...
ඉතින් දැන් හිතන්න pPREOFFCIONAL HACKER කෙනෙක් වෙන්න SOFTWARE ENG පිළිබද හොඳ දැනුමක් ඕනේ..එය තමා සුපිරි වැඩකාරයා..

 Praveen Rangana 

බල බල ඉන්න ඔන නෑ....ඔක්කොටම හරියන ( Threat Fire ) All-rounder කෙනෙක් [ Keylogger වලට උනත් ඔට්ටුයි ]

මෙන්න අලුත් විදියෙ Antivirus Software එකක් ගෑන.මෙකට කියන්නෙ  Threat Fire කියලා. Key Loggers,Spyware,Adware , Viruses,worms,Trojans,rootkit ගෑන හිත හිත වද උනු ඔයාලට දෑන් අවුලක් නෑ. Active Defense වලින් තමා මෙයා වෑඩෙ දෙන්නෙ..දෑනට ඔයාලගෙ Computer එකෙAntivirus Software එකක් තිබුනත් මෙක කිසිම ප්‍රශ්නයක් නෑතිව භාවිතා කරන්නපුලුවන්...Compute එකෙ

 Speed එකට මෙකෙන් කිසිම බාදාවක් වෙන්නෙන්නෑ.මෙකට ඔයාලා දෑනට භාවිතා කරන Antivirus Software එක කරන්න බෑරි වෑඩකරන්න පුලුවන්.ඒකතමයි මෙකෙ තියන Special එක.දිනෙන් දින 

අන්තර්ජාලයටඑක්වන් විවිද මෑල්වෙයා වෑඩසටහන් හදුනාගත හෑක්කෙ හොද තත්වයෙ Antivirus Software එකකට පමණි.ThreatFire කියන්නෙ ඔයාගෙ Computer එකට හානි කරන වෛරස්,ස්පයිවෙයා,මෑල්වෙයා වෑනි හානිකර පරිගණක වෑඩසටහන් හදුනාගෑනීමට හෑකියාවක් ඈති Antivirus Software එකක්. 
                                       
       තවත් දෙයක් තමයි මෙහිතිබෙන ActiveDefense නම් Technology එක ඔස්සෙ අලුත් Computer Virusඉක්මනින් හදුනාගත හෑකි වීම.මෙහි නිශ්පාදකයන් කියන ආකාරයටවෙනත් Antivirus
 Software වලට වඩා 243% කින් Computer Virus හදුනාගෑනීමෙහෑකියාවක් මෙයට තියනවා.
                                                       Avast! Antivirus , AVG, Kaspersky,McAfee, Trend Micro Trend වෑනි සෙසු ප්‍රතිවෛරස් සමග සසදා බලන කොට හානිකරComputerVirusesවඩාත් ඉක්මනින් 
හදුනා ගෑනීමෙ හෑකියාවක් මෙයසතුවෙනවා.ඔයාගෙ Computer එකෙ දෑනටමත් Antivirus Software එකක් තියෙන්නපුලුවන්,නමුත්  Threat Fire භාවිතයෙන් ඔයාගෙ Computer 
එකට වෑඩි ආරක්ශාවක් සලසා ගන්න පුලුවන්.මෙයට ප්‍රදාන කරුණ වෙනත් 
Antivirus Softwareයාවත්කාලීන කීරීම (Update) සිදුවන්නෙ යම් Virus එකක්
 පළමුවරට හදුනාගත්පසුව එයට අදාල ප්‍රතිවෛරස් වෑඩසටහන්නිර්මාණය කිරීමයි.

                                                                          ඉතින් මෙකට වෑඩි කාලයක් ගතවෙනවා.
හානිකර වෑඩසටහන වෙනත් පරිගනක වලට පෑතිරෙන්න මෙ කාලය හොදටම ප්‍රමාණවත්..
ඒ උනාට මෙ දුර්වලතාවය ThreatFire වල නෑ.
                                                                 Keyborad එකෙන් Computer එකටඈතුලත් කරන විදාන,ඔබගෙ අනුදෑනුමකින් තොරව පරිගණකයෙ
 ක්‍රි‍රියාත්මක වනවෑඩසටහන් දෙස   ThreatFire නිතරම අවදානයෙන් ඉන්නවා.

මෙය සිදුවන්නෙ Sophisticated real time behavioral analysis කියන දෙය හරහායි.Zero-day threats නමින් හදුන්වන Virus වෑඩසටහන් වලින් වන හානිදායක ක්‍රියාකාරකම් 
Threat Fire  Software එකෙන් නිවෑරදිව හදුනාගන්න පුලුවන්.( Zero-day threats ලෙස හදුන්වන්නෙ සෙසු Antivirus Software මගින් හදුනාගත නොහෑකි
 ආකාරයෙ   පරිගණක වෑඩසටහන්ය. )

                                    KeyLoggers, Spyware, Adware , Viruses, worms,Trojans,rootkit 
වගෙ පරිගණක වෑඩසටහන් ඔයාලගෙ Computer එකට ඈතුලු වීමවලක්වන්නActiveDefense Technology එක සහිතThreat Fire   වලට පුලුවන්.  
        තවද මෙම Antivirus Software එක ඉතා පහසු Inter face එකක් ඈතිSoftware එකක්. 

උපුටා ගෑනීමකි..

 Sameera Piumal 

PC එක Lock කරලා යතුර සාක්කුවෙ දාගන්න

යතුර = Pen Drive

හැ...... පෙන් එක යතුරක් කර ගන්නෙ කොහොමද? USB එකට දාලා කරකවන්නයැයි

අපො නැ USB එකට දාලා කරකවන්න එපා USB එක කැඩිලා pen එකත් කැඩිලා යාවි හොදෙ ඔව්වා කරන්න ගිහින්,(මම එව්වට වග කියන්නෙ නම් නැ)

හැබැයි මෙකෙන් කරන්නෙ Pen Drive එක යතුරක් විදියට හරවන එක
(මොකක්ද ඔය මේක කියන්නෙ)

අහ්..... මේක කියන්නෙ පොඩි ගැජට් එකක් එ කිව්වෙ සොෆ්ට්වෙයාර් එකක් මෙතනින් බාගන්නකො

මෙ සොෆ්ට්වෙයාර් එකෙ නම Predator (නැ නැ පිටසක්වල එකක් නෙවෙ ඔන්න)

මෙකෙන් වෙන වැඩෙ කියන්නම් කො,
ඔය සොෆ්වෙයාර් එකෙන් වෙන්නෙ අපෙ පෙන් එක එක්තරා විදියක යතුරක් බවට පත් කරන එක, එ කියන්නෙ අපි දැන් ඔය සොෆ්ට් එක Install කරලා settings වගයක් හදලා රන් කරම එ සොෆ්ට්වෙයාර් එක මගින් අපෙ USB pen drive එක අදුන ගන්නවා, එ වගෙම පොඩි ෆයිල් එකක් හැදෙනවා එ සොෆ්ට්වෙයාර් එක මගින් පෙන් එක ඇතුලෙ හැදෙන්නෙ

 එ විදියට පෙන එක අදුර ගෙන ෆයිල් එක හැදුවට පස්සෙ තත්පර ගානකට(වෙනස් කිරිමට හැකිය) පාරක් Predator  කියන මෙව්වා එකෙන් Auto scan වෙනවා අපෙ USB port,

 එහෙම ස්කැන් වෙන වෙලාවෙ පෙන් එක USB port එකට ගහලා නොතිබුනොත් වැඩෙ කෙස් ඔන්න මැශින් එක LOCK වෙනවා 

තෙරුනාද මෙකෙන් කෙරෙන වැඩෙ, අපි මුලින් සොෆ්ට්වෙයාර් එකට හදුන්වා දීපු පෙන් එක plug කරලා නැතිනම් මැශින් එකෙන් වැඩක් ගන්න බැ.. 

නැවත යතා තත්වයට ගන්න නම් පෙන් එජ plug කරමා auto scan වෙලා ලොක් එක අයින් කරනවා..

දැන් කස්ටියට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි පෙන් එක නැති උනොත් මොකද වෙන්නෙ කියලා 
කිසි අව්ලක් නැ අපි දුන්න පාස් එක දන්නව නම් Keyboard එක මගින් එක ඇතුලු කරලා නැවත යතා තත්වයට ගන්න පුලුවන්

(Enter Key එක කිහිප වරක් එබිමෙන් Password එක ඇතුල කල යුතු තැන පෙන්වනවා)

තත්පර 20ක් ඇතුලත පාස් එක දෙන්න ඔනෙ නැතිනම් එලාර්ම් එක වැදෙනවා මහ සද්දෙන්

ඔව්වා තමයි විස්තර පහලින් කියන්නෙ Key එක දාන හැටි සහ කල යුතු වෙනස් කම්
  ******************************************************************************************************
දැන් කස්ටිය ගැජට් එක බාගෙන එහෙම ඇතිනෙ ෆයිල් දෙකක් ඇති  PredatorPackage කියන එක ඔබන්නකො දැන් එන්නෙ ඉතිං වෙල්කම් screen අනම් මනං 
(මෙන්න මෙව්වා තමයි එන්නෙ )

මෙන්න වැදගත් settings page එක

ඕකෙ උඩම තියෙන read interval  කියන එක තාම්යි scan වෙන වෙලාව හදනන්න තියෙන්නෙ කැමති ගානක් දෙන්න.

Screen Darkness කියන එක අඩු කරන්න නැතිනම් මුලු screen එකම කලු වෙනවා..

New Password කියන තැනට දෙන්න තමන් කැමති පාස් වර්ඩ් එක ටිකක් දිග එකක් දෙන්න අකුරු 5 වැඩි
ඊට පස්සෙ pen එක plug කරලා  create key කියන එක ඔබන්න

දැන් උඩම තියෙන OK කියන එක ඔබන්න දැන් පටන් ගන්නවා scan වෙන්න පෙන් එක plug කරලා නැතිනම් මැශින් එක ලොක් වෙනවා 

හදිසියෙවත් පෙන් එක නැති උනොත් බය වෙන්න එපා lock උනාට පස්සෙ enter key එක කිහිප වතාවක් ඔබන්න ඉට පස්සෙ එනවා password එක දෙන තැනක් අන්න එතනට පාස් එක දෙන්න...

හරිනෙ එහෙනම් මෙක ගැන නම් ගොඩක් අයට කෙස් ඇති කමක් නැ අහන්න

 Optimuz Prime ‎

මේල් එකවුන්ට් එකට එත කරදරකාරී මේල් බ්ලොක් කරමු ද ?

[01]. ඔයාට තියෙන්නෙ Gmail account එකක් නම්..,

1. ඔයගෙ Gmail account එකට log වෙලා උඩ දකුනු කෙලවරේ තියෙන "Settings" වලට යන්න..
2. දැන් ඒකෙ "Filters" වලට ගිහින් "Create a new filter" ක්ලික් කරන්න..
3. දැන් ඒකෙ "From" කියල තියෙන තැනට block කරන්න ඔනෙ mails එන Email address එක type කරන්න..
- උදාහරනයක් විදිහට ඔයා එතනට bill@gmail.com කියල දුන්නොත් bill@gmail.com එකෙන් එන ඔක්කොම mails block කරනව..
- ඔයාට ඔනෙ නම් මුලු domain එකම block කරන්න.., "From" කියන තැනට *@xyz.com විදිහට type කරන්න.. Eg: ඔයාට ඔනෙ නම් facebook එකෙන් එන ඔක්කොම mails block කරන්න *@facebook.com කියල type කරන්න.
4. දැන් Next Step එකට යන්න.. එතනින් Delete it option එක select කරන්න.
--ආයෙ ඔයාට unblock කරන්ඩ හිතුනොත් ඔයා create කරපු filter එක delete කරන එක විතරයි කරන්ඩ තියෙන්නෙ...

[02]. ඔයාට තියෙන්නෙ Yahoo account එකක් නම්..,

1. ඔයගෙ Yahoo account එකට log වෙලා උඩ දකුනු කෙලවරේ තියෙන "Options" වලට යන්න..
2. දැන් ඒකෙ එන Drop Down Menu එකේ "More Options" වලට යන්න..
3. ඒකෙ වම් පත්තෙ තියෙන "Filters" option එක click කරල එකෙන් "Create a new filter"click කරන්න..
4. දැන් ඒකෙ "Add" click කරන්න..
5. දන් ඔය Filter එකට කැමති නමක් දීල, "From header" කියල තියෙන තැනට block කරන්න ඔනෙ mails එන Email address එක type කරන්න..
- Eg: ඔයා එතනට bill@gmail.com කියල දුන්නොත් bill@gmail.com එකෙන් එන ඔක්කොම mails block කරනව..
- ඔයාට ඔනෙ නම් මුලු domain එකම block කරන්න.., "From header" කියන තැනට *@xyz.com විදිහට type කරන්න.. Eg: ඔයාට ඔනෙ නම් facebook එකෙන් එන ඔක්කොම mails block කරන්න *@facebook.com කියල type කරන්න.
6. දැන් "Move to the message to: Trash" select කරල "Save Changes" select කරන්න.

[03.] ඔයාට තියෙන්නෙ Hotmail account එකක් නම්..,

1. ඔයගෙ Hotmail account එකට log වෙලා උඩ දකුනු කෙලවරේ තියෙන "Options" වලට යන්න..
2. දැන් ඒකෙ එන Drop Down Menu එකේ "More Options" වලට යන්න..
3. දැන් Junk e-mail යටතේ තියෙන "Safe and blocked senders" link එක click කරන්න..
4. "Block senders" click කරන්න.
5. දැන් ඔයට block කරන්න ඔනෙ mails එන Email address එක හරි domain එක හරි type කරන්න..

දැන් ඔයට පුලුවන් ඔයගෙ "inbox" එක clean එකේ තියගන්න..
ස්තූතියි.. 

උපුටා ගැනීම  http://tips-sinhala.blogspot.com/2010/04/trick-e-mails-block.html

 Lilanka Ravinath

වයිරස් වලින් මිදී සිටීමට අනුගමනය කල හැකි දේවල්

වයිරස් වලින් මිදී සිටීමට අනුගමනය කල හැකි දේවල්:

වයිරස් ආපු පරිගනකයක වයිරස් ඉවත් කරන්න පුලුවන්ද:සමහරක් වයිරස් පුලූවන්, නමුත් අලුත් වයිරස් ඉවත් කරන්න නොව, detect කරගන්න පවා බෑ.ගොඩක් අය කියන්න පුලුවම් මම අර tool එක දාල කරා,මට ඕනෑම වයිරස් එකක් අයින් කරන්න පුලුවන් කියලා.ගොඩක් අලුත් වයිරස් ඇතුල වන්නේ system files හා hidden location වල.ගොඩක් එවා තමන්ගේ හැසිරිම random කරනවා.ඉතින් ඔය tool හා virus scanners වල ඇති signatures වල්ට ඒවා හොයාගන්න බෑ.ඉතින් සරලව කිවුවොත් 100% අයින්කරන්න බෑ.ඕනෑම හොද සිකියුරිටි දන්න කෙනෙක් කියයි හොදම හා විෂ්වාස ක්‍රමය පරිගනකය format කර install කිරිම කියා. මෙය Microsoft සමගමේ ඔවුන්ගේ ජාලවල network policy එකේ පැහැදිලිව තියනවා.යම්කිසි පරිගනකයට වයිරසයක් ආවොත් එය network එකෙන් ඉවත්කොට full format එකක් කල යුතුබව. කිසිම විදියකියි එන clean කිරීමට උත්සාහ ගන්න එපා කියලා.ඉතින් ඔය පොර වගේ කියන අය Windows OS එක හදන Microsoft එකට වඩා දන්නවා වෙන්න බෑනේ ගොඩක් වයිරස දැන් හදන්නේ පරිගනකය බාවිතා කරන කෙනාට වයිරස් එකක් තියනවද නැද්ද කියාවත් නොතේරෙන විදියටයි.

* වයිරස් වලින් මිදී සිටීමට අනුගමනය කල හැකි දේවල්:-

*සියලුම වැඩසටහන් හා OS එක updated කිරීම.
*Crack කරපු software බාවිතා නොකිරීම. (අපේ අය ඉතින් Virus Scanner එකත් crack කරලානේ දාන්නේ)
*Microsoft Security Essentialist ස්තාපනය. (වෙන වයිරස් ස්කැනර් උවමණා නැත)
*Administrator ලොගින් එක බවිතයෙන් වැලකීම. හැම විටම user එකවුන්ට් එකක වැඩ කිරීම.
*Internet Explore වෙනුවට Google Chrome හෝ Firefox බාවිතය.
*Java ස්තාපනයෙන් වැලකී සිටීම.
*Java Scrips Web Browser එකෙන් disable කිරීම හෝ noscripts Firefox හා Chrome සදහා බාවිතය.
*USB Autorun disable කිරිම.
*නොදන්නා link ක්ලික් නොකිරීම.
*Software/Drivers ඒ අදාල නිල අඩවියෙන් download කිරීම.

 Eranga Hasanka

ෆේස්බුක් හැකින්ග් වලින් බේරෙන්න...

>

වර්ථමානයේ බොහෝ දෙනෙක් පිවිසෙන වෙබ් අඩවියක් තමයි Facebook. ඒ වගේම තමයි Facebook සම්බන්ධයෙන් අහන්න ලැබෙන කථාවක් තමයි තමන්ගෙ Facebook ගිණුම හැක් වෙලා, තමන්ගෙ Facebook ගිණුමේ තිබුණු පින්තූර වෙන වෙන වෙබ් අඩවි වල දාලා යන දේවල්. ඒ වගේම තමයි ලංකාවෙන් Facebook වෙත පැමිණෙන 85 % පමණ වැඩි දෙනෙකු අන්තර්ජාලය පිළිබද නිසි දැනුමක් නැහැ. ලංකාවේ අන්තර්ජාලයට පිවිසෙන වැඩිදෙනෙකු දන්නෙ Facebook වෙත පිවිසෙන්න, තමාගෙ ඊ මේල් ලිපි බලන්න , Google මගින් සෙවුමක් දාන්න වැනි දේවල් කිහිපයක්. ඒ වගේම තමයි ඇතමුන්ට Facebook වෙත හරි හැටි පිවිසෙන්නත් බැහැ. බොහෝ දෙනෙකු කරන්නෙ Google වෙත පිවිස facebook හෝ facebook login යනුවෙන් සෙවුමක් කර facebook වෙත පිවිසීමය. බොහෝ දෙනෙකු විසින් මෙය කරනු මා දැක ඇත. නමුත් මෙහි ඇති විශේෂත්වය වනුයේ ඔවුන් දිනකට කිහිපවතාවක් facebook වෙත පිවිසෙන දිනකට පැය කිහිපයක් facebook වෙබ් අඩවියේ රැදී සිටින පුද්ගලයන් වීමය .ඇතැම් විට ඔවුන් facebook වැනි වෙබ් අඩවි වෙත හෝ වෙනත් වෙබ් අඩවියකට පිවිසුන විට එම වෙබ් අඩවිය පරිහරණය කිරීමට දන්නෙවත් නැත. Google.lk වෙත පිවිස search box එක තුල “F” අකුර යොදා බලන්න. එවිට ලැබෙන ලැයිස්තුව තුල පළමුව facebook යන්නත් දෙවනුව facebook login යන්නත් දකින්නට ලැබේ.

Facebook භාවිතා කරන අය කරන ප්‍රධානම වැරද්ද තමයි Profile එකේ තමන්ගෙ ඊ මේල් ලිපිනය හැමෝටම හෝ තමාගේ මිතුරන්ට හෝ පෙනෙන්නට දැමීම. Facebook Profile එකේ කිසිවිටකත් තමාගෙ ඊ මේල් ලිපිනය කිසිවෙකුටත් පෙනෙන්නට දැමීමෙන් වළකින්න. මක් නිසා ද යත් Facebook ගිණුමට සම්බන්ධ ඊ මේල් ලිපිනය වෙන අයෙකුට පත් වූ විට එම ගිණුම හැක් ඉතා පහසු වන බැවිනි. අනෙක් කාරණය තමයි Facebook Profile එකේ ඊ මේල් ලිපිනය දැමීමෙන් Spam වලට ගොදුරු වීමය.

තමාගේ Facebook ගිණුමෙහි හෝ ඊ මේල් ලිපිනයෙහි මුර පදය වෙන අයෙකුට ලබාදීමෙන් වලකින්න. එසේ ලබා දුන්හොත් හැකි ඉක්මණින් මුර පදය වෙනස් කරන්න.

ඉන්ටනෙට් කැෆේ වලදී තමාගේ Facebook ගිණුම හෝ ඊ මේල් ලිපිනය විවෘත කිරීමෙන් වලකින්න.

සෑම විටම අන්තර්ජාලයෙන් ඉවත්වන විට cookies, saved password ආදිය මකා දමන්න.

Web browser එක තුල මුරපදය save කිරීමෙන් වලකින්න.

Facebook වෙත log වෙන්න මෙම ලින්ක් එක මත ක්ලික් කරන්න යනුවෙන් ලැබෙන ඊ මේල් වලින් ප්‍රවේසම් වන්න.

කවදාවත් තමාගේ පුද්ගලික පින්තූර Facebook වෙත දැමීමෙන් වලකින්න. වර්ථමානයේ Facebook වෙබ් අඩවියෙන් ලබාගන්නා පින්තූර යොදා ගනිමින් ලංකාවේ පුද්ගලයන් විසින්ම වෙබ් / බ්ලොග් අ‍ඩවි නිර්මාණය කර තිබෙනු දැක්නට ලැබේ.

ඔබගේ මුර පදය අකුරු/ ඉලක්කම් 6 කට වැඩියෙන් නිර්මාණය කරන්න. මුර පදය සදහා “ @ # $ & * ” වැනි ලකුණු යොදා ගන්න. එය අකුරු , ඉලක්කම් කවලම් කර නිර්මාණය කරන්න.

සෑම විටම හොද යාවත්කාලීන කරන ලද වයිරස් ගාඩ් එකක් භාවිතා කරන්න

මේ ලිපිය ලියන්න සිතුනෙත් පසුගිය දවස් කිහිපයක සිදුවූ සිදුවීම් කිහිපයක් හා අහන්නට ලැබුණ දේවල් කිහිපයක් නිසා. ඉන් එකක් තමයි මාගේ මිතුරෙකුගේ facebook, yahoo ගිණුම් දෙකම හැක් වී දෙවතාවකදීම ඔහුගේ facebook, yahoo ගිණුම් විවෘත්ත කර දීමට සිදු වීම. තව එකක් තමයි Techkatha වල facebook, yahoo ගිණුම් දෙකම හැක් වීමේ පැනය. තවත් එකක් තමා තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන්ය. මෙයද වර්ථමානයේ දක්නට ලැබේ. හැක් කරන්න පුළුවන් අයෙකු කිසි විටකත් තමාට හැක් කරන්න පුළුවන් කිය කියා දගලන්නේ නැත. එසේ සිටියොත් සිටින්නේ කිහිප දෙනෙකුය. තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන් බොහෝ විට සිදුකරන්නේ අනෙක් අයට වඩා තමා දන්නවා යැයි කියා හගවන්නටය. මා ඉගෙනුම ලබන පුද්ගලික විශ්ව විද්‍යාලය තුල ද මෙවැනි පුද්ගලයෙකු සිටියි. ඔහුද ඔහුගේ යහළුවන්ට වැඩිය දැගුලුවොත් facebook ගිණුම් හැක් කරනවා යැයි පවසන අවස්ථා කිහිප වරක්ම මට ඇසී ඇත. එසේම සමහර අය හැක් කරනවා යන්න හරි හැටි දන්නේද නැත. මා මීට පෙර සදහන් කළ පුද්ගලයා එක් වතාවකදී “ software එක download කරලා කෙලින්ම හැක් කරා “ යනුවෙන්ද පැවසීය. මෙය මට ඇසුණු විට එක වරම සිනහා යාමට ගියේය. ඒ හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කර ගැනීම නිසාය . ඔබද ඇතැම් විට මෙවැනි සිදුවීම් බොහෝ විට අසා තිබෙන්නට පුළුවන. බොහෝ දෙනා මෙම හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කරගෙන තමාට හැක් කිරීම සිදු කළ හැකි යන්න පවසයි.

එසේම බොහෝ දෙනා තම රාජකාරිය අමතක කර සේවා ස්ථානය තුලදී facebook යාමට පුරුදු වී සිටිති. මෙයට සුදුසුම දේ වන්නේ අයතන තුල සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කිරීමය. SLT තුලද සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කර ඇති බව සිංහල බ්ලොග් එකක ලියා තිබෙනු දුටුවෙමි. මෙවැන්නක් කළ විට බොහෝ පිරිස් තමාට අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්න තිබුණු අවස්ථාව අහිමි වුනා ආදී දේ පවසමින් මැසිවිලි නගති. නමුත් මා දන්නා තරමින් ලංකාවේ අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්නා අය සිටින්නේ සුළු වශයෙනි . අනෙක් අය හැමොම දගලන්නේ facebook යාමටය.

හැක් කිරීම් සිදුකරන්නේ හෝ සිදුවන්නේ කෙසේද යන්න, වෙන අයෙකු වැරදියට යොදා ගැනීම සිදු කරන බැවින් එය සදහන් කර නැත. මෙහි මග හැරුනු කරුණුද තිබිය හැක.

මම ඔය උඩ ලිපිය වෙනත් අඩවියකින් උපුට ගත්තු එකක්. මොකද කොච්චර දේවල් දැන ගත්තත්, කොච්චර දේවල් කියන්න තිබුනත් මට ඔච්චර කොටන්න කම්මැලියි. ඔය ලිපියෙ මුල් ලිපිය බලන්න මෙතනින් යන්න. දැන් ඔන්න මගේ ලිපිය ලියන්න යන්නෙ. ඒකත් කියවලා ඉන්නකෝ...

වැදගත් : මෙම ක්‍රම වලට අමතරව ෆේස්බුක් හැක් කල හැකි ක්‍රම රාශියක් ඇත.

චැට් එකේදි හෝ ඔබගේ ඊමෙල් ගිනුමට පැමිනෙන ලින්ක් තුලින් විවිද පුද්ගලයන් ලබා දෙන මෘදුකාංග ඉන්ස්ට්‍රෝල් කර ගැනීමෙන් වලකින්න.

චැට් එකේදි හෝ ඔබගේ ඊමෙල් ගිනුමට පැමිනෙන ලින්ක්  තුලින් ඔබ ඔබගේ පාස්වර්ඩ් හා ඊමේල් යොදා කිසිම අවස්ථාවකදි ලොග් වීම් සිදු කිරිමෙන් වලකින්න.

ඊමේල් ගිනුම සඳහා Security Questions ලබා දීමේදි එය කිසිවෙකුටත් අනුමාන කිරිමට නෙහැකි ඔබ පමනක් දන්නා දෙයක් ලබා දෙන්න.

ෆේස්බුක් ගිනුම සඳහාද අනිවාර්යෙන්ම Security Questions ලබා දෙන්න. මෙය ඉතාම වැදගත්. මෙය පිලි නොපැද්දොත් ඔබව ඔබට නොදැනීම හැක් කිරිම සුලුදෙයක්.

චැට් කරන විට අනෙකාව කිසිම විටෙක ඕනවට වඩා විශ්වාස කරන්න එපා. අනිකා එවන ලින්ක් පිලිබඳව ඔබට දැනුමක් නැත් නම් ඒවා ක්ලික් කිරීමෙන් වලකින්න. ඔබ බලා පොරොත්තු වෙන කෙනා නොවෙන්න පුලුවන් එහා පැත්තෙ ඉන්නෙ. ඒ ගිනුම හැක් වී තියෙන්න පුලුවන්. ඔය වගේ හැක් උන ප්‍රොෆයිල් වලින් ඇවිල්ලා මගේ යාළුවන් පවා හැක් වෙච්ච අවස්තා තියෙනවා. කෙල්ලෙක් ලින්ක් එකක් චැට් එකේදි දුන්නම අපේ එවුන් පිස්සු බල්ලො වගේ හොයන්නෙ බලන්නෙ නැතිව ක්ලික් කරලා ලොග් වෙනවා. අනේ ඉතින් දෙයියන්ගෙම පිහිටයි.

ෆේස්බුක් වල තියෙන නොදන්නා ඇප්ලිකේශන් සඳහා Allow කර පර්මිශන් ලබා දීමෙන් වලකින්න. මෙයත් ඉතාම වැදගත්.

මිතුරන් ඇඩ් කර ගැනීමේදි සැලකිලි මත් වන්න. නොදන්නා පුද්ගලයන් හානි කර විය හැකියි. ඔවුන් ගැන සොයා බලා ඇඩ් කර ගැනීම සිදු කරන්න.

ෆේස්බුක් වල විවිද පුද්ගලයන් අපේ Wall එකට එක එක ලින්ක් දානවා. ඒ ලින්ක් වලට ගියාම ඒ පේජ් එකේ තියෙනවා කෝඩ් එකක්. ඒ කෝර්ඩ් එක කොපි කරලා ඔයාලගෙ වෙබ් බ්‍රව්සර් එකේ ඇඩ්ඩ්‍රස් බාර් එකට පෙස්ට් කරලා එන්ටර් කරන්න කියලා. කිසිම වෙලාවක මෙන්න මේ දේ නම් කරන්න යන්න එපා. මේකත් ඉතාම වැදගත්.

Barn Buddy ක්‍රෙඩිට් ලබා ගන්න කියලා විවිද පුද්ගයන් එවන ලින්ක් වලින් ගිහිල්ලා පාස්වර්ඩ් ඊමෙල් දීලා ලොග් වෙන්න එපා. අපේ එවුන් ලෝබ කමේ මේවා ගන්න ගිහිල්ලා හැක් වෙනවා. ඊට පස්සෙ හැක් කරපු එකා හැක් උන එකාගේ සත්තු උස්සනවා. මේක වෙන්නෙ මෙලෝ මගුලක් නොදන්න තන්හාව වැඩි අයට.

ෆේස්බුක්, ඊමේල් හැක් කරන්න පුලුවන් කියා එක එක අය දෙන සොෆ්ට්වෙයා බාවිතා කිරිමෙන් වලකින්න. මේකෙන් වෙන්නෙ ඔයාලාම හැක් වෙන එක. අනිත් එක තමයි මේ තුට්ටු දෙකේ සොෆ්ට්වෙයා එකකින් ෆේස්බුක්වත්, ජීමෙල්වත්, යාහුවත් හැක් කරන්න බෑ. උඹලාගේ එකවුන්ට් හැක් කර ගන්න ඕන නම් මේවා යූස් කරාට කමක් නෑ. යූ ටියුබ් එකේ මේවා වැහි වැහැලා. හැබැයි පාවිච්චි කරොත් හැක් වෙන්නෙ ඔයාලමයි.

තව දෙයක් කියන්න ඕන ඔයාලගේ ඊමේල් එකට එන තමන්ට අදාලත්වයක් නැති සැක සහිත ඊමේල් වලට රිප්ලයි දාන්න යන්න එපා. එවැනි ඊමේල් වල තියෙන ලින්ක් ක්ලික් කරන්න යන්න එපා.

එක එක අය එවන කෙටි කරපු ලින්ක් උඩ එක පාරට  ක්ලික් කරලා යන්න එපා. (eg: http://ow.ly/4Gz8n ) ඔය ලින්ක් එක දැක්කාම ඔයාලට මොකද හිතෙන්නෙ. අඳුර ගන්න පුලුවන්ද මොකක්ද කියලා. බෑ... ඒක නිසා හොයන්නෙ බලන්නෙ නැතුව කිසිම වෙලාවක ඔයවගේ ලින්ක් වලට යන්න එපා. ඔය වගේ ලින්ක් චෙක් කරන්න ඕන නම් මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා ඔය ලින්ක් එකේ හංගලා තියෙන ලින්ක් එක මොකක්ද කියලා හොයාගෙන ඉන්න. ( http://longurl.org/ )

තව දෙයක් තමයි මේ දිනවල ෆේස්බුක් එකේ වේගයෙන් පැතිර යනවා ටී ෂර්ට් දෙන කතාවක්. ඒ වගේ මෝඩ කතා වලට අහු වෙන්නෙ ඒ වගේම හරක් තමයි. ඔය වගේ ඒවාට ඔයාලා අහුවෙන්න එපා. අනිත් එක තව ෆේස්බුක් වෝල්පේපර් කතාවකුත් යනවා. ආහ් තව එකක් යනවා මේ ඔයාගෙ ප්‍රොෆයිල් එක බලපු ගාන පෙන්නන එකක්. මේකේ හැමෝටම එන්නෙ එකම රිසාල්ට් එක. ඔයාලාගේ වෝල් එකටත් මේ වගේ ලින්ක් ඇවිල්ලා ඇති. කිලික් කරන්න තියා හිතන්න වත් එපා.

මම මෙතන මේ දාලා තියෙන්නෙ අපේ ලංකාවෙ මහා හැකර්ලා කියලා හිතාගෙන ඉන්න චු කොල්ලො කරන පොඩි වැඩ ටිකක්. මීට වඩා සංකිර්න ක්‍රම තව තියෙනවා. ඒවා මේ අපේ හැකර් අයියලා නොදන්න නිසා එච්චර ගැටලුවක් නෑ.

මේවා හරියට පිලිපැද්දොත් ඔයාලව හැක් කරන්න ලංකාවෙ ඉන්න හැකර් බයියලට බෑ.

මේවා කියන්න හිතුනෙ නිකන් අපරාදේ නොදැනුවත් කම නිසා ඔයාලා ඔයාලාගෙ එකවුන්ට් අහිමි කර ගැනීම වලක්වන්න ඕන නිසා. තමන් මේවා හරියට පිලි පැද්දොත්. මොලය කල්පනා කරලා වැඩ කරොත් ඔයාලා ආරක්ශා සහිතයි. මම මේ හදිස්සියෙ ලියන්නෙ. මෙතන මට මග ඇරුන කරුනු මොනවා හරි තියෙනවා නම් ඒවා කමෙන්ට් එකක් විදියට දාන්න. තේරුම් ගන්න බැරිදෙයක් තිබුනොත් ඒවත් අහන්න. එහෙනම් මම හිතනවා මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. 

ආහ් තව වැදගත් දේවල් කියන්න තියෙනවා. මතක් වෙන මතක් වෙන සැරේට ටික ටික දාන්නම්. කිසිම වෙලාවක ඔයාලාගේ ෆේස්බුක් එකේ තියෙන පාස්වර්ඩ් එක ඒ ෆේස්බුක් එකවුන්ට් එක හදලා තියෙන ඊමේල් එකට දෙන්න එපා. ඒකට හේතුව තමයි. මොකක් හරි ෆිෂින් උපක්‍රමයකින් ෆේස්බුක් හරහා ඔයාලගේ පාස්වර්ඩ් එක ඉස්සුවම ඒ පාස්වර්ඩ් එක ඔයාලාගේ ඊමේල් එකට ගහලා බලනවා. ඉතින් ඔයාලාගේ ඊමේල් එකත් හැක් වෙනවා. අනිත් එක තමයි IP ලිපිනය හොයාගෙන අනුන්ගේ පරිගනක තුලට රිංගීම. ලංකාවේ මේක කරන්න අමාරුයි ටිකක්. මොකද අපි ඉන්ටර්නෙට් එකෙන් ඩිස්කනෙට් වෙලා ආයෙත් කනෙක්ට් උනාම අපේ IP එක වෙනස් වෙනවා. මේවාට පොඩි පොඩි සොෆ්ට්වෙයා තියෙනවා. ඉතින් මේවා ගැනත් පරිස්සම් වෙන්න.

Virus වලින් බේරෙන්න...

අතිශයින්ම වැදගත්...

 දැන් ඉතිං කස්ටිය දන්නවනෙ මෙ ගෲප් එකෙ සාමාජිකයො සැහෙන පිරිසක් ඉන්නවා නෙ,
ඒක නිසා ගොඩක් අය මෙ ගෲප් එක හරහා ඒ අයගෙ අනියම් අවශ්‍යතාවන් ඉටු කරගන්න හදනවා.

 උදාහරණ විදියට,

 Fan Page, සමහර අයගෙ Blog සයිට්, පබ්ලිශ් කරගන්න හදන්නෙ..
(ජනප්‍රිය වෙන කොට ඕවට මුහුන දෙන්න වෙනවා නෙ )

 ඔය ෆැන් පෙජ් අනම් මනන් වලින් නම් ඉතිං වැඩි ප්‍රශ්නයක් නැ,

 දැන් මුහුන දෙන්න වෙලා තියෙන දරුනුම වැඩෙ තමයි  Virus ප්‍රශ්නෙ...

 මෙ වගෙ ගෲප් එකක් ජනප්‍රිය වෙනකොට ඒකෙන් අනියම් ලෙස ප්‍රයොජන ගන්න සැහෙන්න පිරිසක්
ඉන්නවා..
සමහරු මෙ ගෲප් එකට මඩ ගහන්න අර අදිනවා.. (ඉරිසාව අපිට නවත්වන්න බැ නෙ)

ඔය වගෙ ඉරිසියාවට virus බෙදන අය අපි නිරීක්ශනය කරලා
ඒ වගෙ කිහිප දෙනෙක්ම අපි මෙ ගෲප් එකෙන් අයින් කරලා දැම්මා, (සාක්ශි ඇත)
මොකද,
මෙ ගෲප් එකෙන් උදව්වක් ගන්න එන අනිත් අයගෙ ආරක්ශාව ගැන හිතලා.

අපි කොච්චර මහන්සිවෙලා ඔය දෙ කරත් හිස් තැන් තියෙන්න පුලුවන්,
ඒක නිසා මම පොඩි ක්‍රමයක් කියලා දෙන්නම් වයිරස් වලින් බේරෙන්න...

 දැන් ඕගොල්ලො මොනවා හරි බැවට පස්සෙ,

ඒක scan කරලා බලලා නෙ install කරන්නෙ :)

එහෙම කරත් සමහර වෙලාවට අහුවෙන්නෙ නැතිව තියෙන්න පුලුවන්..
ඒක නිසා 
තියෙනවා පොඩි පිලියමක් 
එක වයිරස් ගාඩ් එකකින් නෙවෙ virus Gurad 50 කින් විතර එකපාරට
scan කරලා දෙන සේවාවක් දෙන Site එකක් තියෙනවා...

කොහොමොද වැඩෙ...
(install කරන්න දෙයක් නැ Online scan වෙන්නෙ)

කිසි වදයක් නැ..

 හරි එහෙනම් මුලින්ම යන්නකො මෙතනට

හරි දැන් ඔබන්න Choose File කියන එක,

Choose file කියන තැන ඔබලා ඔයාලට සැක, scan කරන්න අවශය ෆයිල් එක තෝරන්න.

හරි එහෙනම් එහෙම තෝරගත්තට පස්සෙ 
ඊට පහලින් තියෙන send file කියලා බටන් එකක් 
අන්න එක ඔබන්න

Chrome වල නම් වම් පැත්තෙ යටින්ම upload වෙන ප්‍රමාණය පෙන්වනවා..

දැන් එහෙම upload වෙලා ඉවර උනාට පස්සෙ ඔයාගලගෙන් අහනවා 
Reanalyse කරන්නද Report එක පෙන්වන්ද කියලා,
  
ඔබන්න view Report ඔබන්න..
  
කොහොමද දැන්...
වයිරස් ගාඩ් කීයකින් scan වෙලාද.. 
වයිරස් ගාඩ් 41 කින් scan වෙලා නෙ (මගෙ නම් එහෙමයි)

ඔකෙන් තියෙන කුනුජරාව ඔක්කොම පෙන්වනවා...
 මෙන්න ලින්කුව මම ගත්තු Report එකෙ

එහෙම නම් ඔයාලට සැක හිතෙන ඒවා install කරන්න කලින් scan කරලා බලන්න.

වාසි:- virus Guard බොහො ප්‍රමානයකින් scan වෙන නිසා වයිරස් වලට බේරි යාමට තිබෙන ඉඩ අඩුය.
      
 අවාසි:- මෙමගින් scan කිරිමට පුලුවන් 20MB හො විස්සට අඩු ෆයිල්,
      Upload වීමෙ වේගය ඔබෙ ISP මත රදා පවති.