Showing posts with label Online හෙල්ප් වෙතින්. Show all posts
Showing posts with label Online හෙල්ප් වෙතින්. Show all posts

හැක් කරමුද ?

ඇත්තටම හැක් කරන්න පුලුවන්ද ? ඇයි ඔයාල හැක් කරන්න හදන්නේ.ගොඩක් ය හිතන්නේ හැකින්ග් කිව්වම FACEBOOK එකේ කගේ හරි ACCOUNT එකකට හොරෙන් LOG වෙනවා කියන එකනේ..

ඇත්තටම ඇයි කාගෙවත් දේවල් හොයන්න යන්නේ.ඔයාල හැක් වෙන්නේ ඉල්ලගෙන

.  මේකනේ  යාලුවේ ගොඩක්  අය ඉතින් මේ හැක් කරනවා කියල කරන්නේ මොකක්හරි ETHICAL TOOL වලින් කරන එකට.PACKET CAPTURE කරන අය හිතන්නේ එයාල තමා හැකර්  ල කියල  

.හැකින්ග් කියල දෙන කිසිම ලින්ක් එකක් ඔපෙන් කරන්නවත් යන්න එපා.ඔයාල දන්නේ නැති උනාට ඔයාගේ DETAILS BACKUP කරගන්නවා ..අනික හැකින්ග් දන්නා කෙනා කවදාවත් සද්දේ ගෙන යන්නේ නෑ

ඇත්තටම හැකින්ග් දන්නා කෙනා මම දන්නා විදයට හොඳම මොළකාරයෙක්.

BILL GATES  WINDOWS  අලුත් එකක් හදල කරන දේ දන්නවද ? 

ඉස්සල්ලම MICROSOFT එකෙන් LEAK කරනවා.
 එකට හේතුව එයාල ලෝකේ ඉන්න හකෙර්ස් ලට OPEN INVITE කරනවා පුලුවන්නම් අපේ අලුත් මෙහෙයුම් පද්දතිය හැක් කරන්න කියාල .
ඇයි එහෙම කරන්නේ ...එකට හේතුව MICROSOFT එක එතකොට TRACE කරගන්නවා කොහෙන්ද SOFTWARE EKE WEEK POINT ත්යිඑන්නේ කියල...
ඉතින් දැන් හිතන්න pPREOFFCIONAL HACKER කෙනෙක් වෙන්න SOFTWARE ENG පිළිබද හොඳ දැනුමක් ඕනේ..එය තමා සුපිරි වැඩකාරයා..

 Praveen Rangana 

විභාගය අත ලගය...පොත ඈ ලගය...

මේ දිනවල ලහි ලහියේම ඔබ සූදානම් වෙනව ඇති උසස්පෙළ විභාගයට......මේක ලෝකෙ තියෙන අපහසුම පාසල් විභාගය කියල කියන්නෙ කට කහනවට නෙවෙයි...මේකෙන් 1% ක් පමණක් විශ්ව විද්‍යාල ප්‍රෙව්ශයට සුදුසුකම් ලබනවා.. ඉතිරිය ගෙදර ඉන්න ඕනිද?????  නැහැ....විභාගය හොදින් ලියන්න උත්සාහ කරන්න..
තව සතිදෙකක්වත් නෑ..අන්තිම මොහොතෙ තියල මේ සිහිකැදවීම කරන්නෙ අපේ මිතුරැ-මිතුරියන්ගේ යහපත උදෙසා...
1.       මේ විභාග සමය මෙන්ම වර්ෂා සමය බොහොම පරිස්සමට තමුන් ගමන් බිමන් යන්න වැස්සෙන් බේරිලා...මොකද බෙම්බිරිස්සා උණක් හදා ගත්තොත් නාහෙන් ජූස් යද්දි  මල පනිනවා.. දැන් නිදිමරනවට වඩා ටිකක් සැනසිල්ලෙ  පාඩම් කරපුවා කල්පනා කරන්න..
2.       ලෙඩ්ඩු බලන්න යෑම්, ඉස්පිරිතාල ගානෙ යෑම්, මළගෙවල් වල නයිට් ගැසීම්, පිරිත් ගෙවල්  වගේම කට්ටිය සෙට් වෙන තැන් වලට යන්න එපා.. මොකද ඔයාලට විෂබීජයක් හරි මොනා හරි කරැමෙකට කර ගහන්න වුණොත් කට්ට කන්න වෙන්නෙ ඔයාලටමයි..
3.       කන බොන විදිය සාමාන්‍ය පරිදි මිස අසාමන්‍ය අලුත් කෑම ජාති කන්න යන්න එපා.. ගමන් බිමන් හැකිතාක් සීමා කරල ගෙදරට වෙලා දෙයියනේ කියල ඉන්නව නං හොදයි..අහක යන කුණු පාත්වෙනව රස්තියාදුවෙ ගියාම
4.       තමා අදහන ආගමකට අනුව තමුන් විශ්වාස කරනවා නං පමණක් ආගමික වත් පිළිවෙත් හි නිරතවන්න.. ඒවායින් යම් මානසික සුවයක් උත්තේජනයක් ලැබෙනවා.. නමුත් දෙවියන්ටයි, දේවාල ගාණේයි, මහා වැස්සෙ බෝධීන් වහන්සේ නාවමින් විකාර වැඩ නං කරන්න එපා.. මොකද මනස නිරවුල් තරමට විෂය කරැණු මතකයේ හිටින පුමාණය වැඩියි..
5.       සාමාන්‍යෙයන් පාඩම් කරන කාල සීමාව අවසාන සතිය තුළදී අඩු කරන්න. කෙටි සටහන් හා ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම් පමණක් සිදු කරන්න. පුශ්න වලට පිලිතුරැ ලිවීමේදී කාලය ගැන සැලකිලිමත් වන්න..
6.       තම තමුන්ට විභාගය ලිවීමට අවශ්‍ය උපකරණාදිය පිළිවෙලට එක්රැස්කොට තබාගන්න.. ලියකතිලවිලි, හැදුනුම්පත් ආදිය පිළිවෙලකට තමා ගන්න.. මොකද ඒවා විභාගයක් ලිවීමට අනිවාර්ය සාධක වන නිසාය
7.       තමුන්ගෙ පොත් පත් විෂයය අනුව වර්ග කරල මේසෙ එහෙම අස් කරල තියා ගන්න..අදාල විෂයයට අදාල පරීක්ෂණය නිමවූ වහාම පොත්පත් වෙනතැනකින් තබන්න.. එය අමතක කරන්න.. විභාගය ලියූ පසු අදාලප්‍රශ්න පත්‍රය සාකච්ඡා කොට මනස අවුල් කරගෙන කාලයත් කා නොදමන්න.
8.       මුලු විභාග කාලයටම අදාල දෑ ඇදුම් පැළදුම් වල සිට එකතු කරගෙන තියාගන්න..යාලුවන්ට දීපු පොත්..එහෙ මෙහෙ දාපුව ඉල්ල ගන්න..අන්තිම මොහොතේ යකා නටනවා වෙනුවට එය කලින් කිරීම ප්‍රඥා ගෝචරය.
9.       නිදා ගන්නා කාලසීමාව පැය අටක් වත් දක්වා දීර්ඝ කරන්න. මොකද එය ඔබේ මනසට ඉතා හොද ඔසුවක් වනු ඇති. පුනරීක්ෂණ පන්ති යන දෙවැනි වතාවට යන අය කලිං වතාවෙ තමුන්ට වෙච්ච වැරදීම්, අතපසුවීම් මතක් කොටගෙන ඒ අනුව කටයුතු කරන්න..
10.   ඔබට ඇස්ටන්මාටින් , බෙන්ස්, හයිබ්‍රිඩ්, හමර්, ප්‍රාෙඩා් නිවසේ ඇත්නම් මේවා කියවන්නට කාලය නාස්ති කරන්න එපා.!! ඔබ දුප්පත් දෙමාපියන්ගෙ දරැවෙක් නම් ඒ අයගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට කිරීමේ වගකීමක් ඔබට ඇති බව තරයේ සිහි තබාගන්න. ඔවුන්ගේ මුදල් නාස්ති කරන කාලකණිණි ළමයෙකු වන්න එපා.
11.   ෆේස්බුක් ඒම අවසාන සතියේදී නැවැත්තුවොත් හොදයි...මෙය විටෙක ඔලුව කුලප්පු කරන අතර නොදැනීම කාලයද කා දමයි...පරිගණකයට විවේකයක් දෙන්නේ නම් යහපත්ය. 
12.   විභාගය යනු ජීවිතය නොවේ...ජීවිතය ජයගැනීමට විභාගය එක් සාධකයකි..නමුත් උපරිම උත්සාහය ගෙන අසාර්ථක වූවාට කම් නැත. දෛවය එයයි.. විභාගය සමත්වීමට ධෛර්යය, කැපවීම, උත්සාහය මෙන්ම වාසනාව යන සාධක අත්‍යවශ්‍යයි. එබැවින් ඔබ මහන්සියෙන් ගන්නා වූ ව්‍යායාමයේ පුතිඵල ඔබට ලැබෙනවා ඇත..ජීවිතය සුන්දර කරගන්නට විභාග ප්‍රතිභල හේතු වනු ඇති....

විභාගය ලියන සියලු නංගිලා මල්ලිලාට ඔන් ලයින් හෙල්ප් සැමවිටම උණුසුම් සුබපැතුම් මෙන්ම...විභාගය සමත්වීමට අවශ්‍ය සාධක අඩු නැතුව ලැබේවායි අවංකවම ප්‍රාර්ථනා කරන්නෙමු.. ඔබ ජීවිතයේ ලබනා ජයග්‍රහණයන් රටේ අනාගතය මෙන්ම ඔබේ අනාගතයද තීරණය කරනු ඇති... රටට වටිනා පුද්ගලයෙකු බිහිවීමට ඔබට වාසනාව ලැබේවායි හැක්රිෂ් මහතා ඇතුලු පිරිපාලන මණ්ඩලය ඔබට
තෙරැවන් සරණ, දේවාශිර්වාදය, ජේසු සමිදානන්ගේ පිහිට මෙන්ම අල්ලා දෙවියන්ගේ ආශිර්වාදයද ලැබේවායි නැවත ප්‍රාර්ථනා කරන්නෙමු....

මීටත් වඩා වැදගත් තවත් උපදෙස් 12ක්  විභාගයට සතියකට පෙර....එය බලන්න අමතක කරන්න එපා...
ස්තූතියි...

 මනෝරම වීරසිංහ

CAREER GUIDANCE - 5

ජංගම දුරකතන අලුත්වැඩියාව පිළිබද දැනුවත් කිරීම.

ලොව වේගවත් ම හා වැඩිම පැතිරීමක් දක්වන්නේ ජංගම දුරකතන ක්ෂේත්‍රයයි. එය ලංකාවේ ලොකු කුඩා බේදයකින් තොරව භාවිත කරයි. මීට වසර 7-8කට පෙර තිබූ තත්ත්වය මුලුමනින්ම කනපිට හැරී ඇත. රෑපවාහිනී භාවිතයද අභිබවා ජංගම දුරකතනය ඉහළට පැමිණ ඇත..

මෙය ස්වයං රැකියාවක් ලෙස සිදුකළ හැකි ධන උල්පතකි..අවාසනාවකට අද සෑම හන්දියක් ගාණේම ජංගම දුරකතන අලුත්වාඩියා ස්ථාන පැවතියද ඒවායේ ගුණාත්මය ඉතා පහළ අගයක් ගනී. බොහෝ දෙනා විධිමත් ලෙස මෙය හදාරා ක්ෂේත්‍රයට පැමිණ නැති අර දුරකතන 2-3ක් අලුත්වැඩියා කර අනුන්ගෙ දුරකතන අලුත්වැඩියාවට බාර ගන්නේ අත්හදා බැලීම් සදහාය!!

අද අපි  කතාකරන්නේ වෘත්තීමය ලෙස ක්‍රමානුකූලව පිලිවෙලකට ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාවක් හදාරන්නේ කෙලෙසද මොනවාද ඒ සදහා ආවරණය විය යුතු කරැණු  කියාය.

බුලත්විට කඩයක් ලෙස අලුත්වැඩියා ආයතනයක් කරන්නේ නම් කිසිදු වියදමක් වැය නෙවේ.. එලෙසම ගනුදෙනුකරැවන්ද අඩුය.

බොහෝ දෙනා පත්තරවල දැන්වීම් දමන සියලුම අයවල්න්ගේ පාඨමාලා වලට සහභාගි වෙයි.. නමුත් ඒ පාඨමාලා පවත්නවන අය කථිකාචාර්ය වරැන් ලෙස දක්වයි! දිවයිනේ කිසිදු විශ්ව විද්‍යාලයක හො පිළිගත් ආයතනයක ජංගම දුරකතන අලුත්වැඩියාව පිළිබදව හෝ ඒ ආශ්‍රිත තාක්ෂණය පිළිබද උපාධිධාරීන් නැත. ඉන්නෙ අත්දැකීමත්..යම් ආයතනයක කරන ලද හැදෑරීමත් සමග ව්‍යාපාර වලට බසිනා දේශකවරැන්ය...

ඔබ මේ ක්ෂේත්‍රයට පැමිණීමට පෙර මුලින්ම ඉලෙක්ට්‍රොනික් පිළිබද පාඨමාලාවක් හැදෑරිය යුතුමය. එය ඩිජිටල් හා ඇනලොග් යන ක්ෂේත්‍ර දෙකම ආවරණය වන එකක විය යුතුය. ඊට සමගාමීව ඔබ මයික්‍රො‍ොන්ට්‍රෝලර් ප්‍රෝග්‍රැමින් හෝ රොබෝටික්ස් පිළිබදවද හදාරන්නේ නම් අතිශය ප්‍රයෝජනවත් වේ...මොකද කිව්වොත් මේ පාඨමාලා කරාම අඩුග‍ාණේ රෑපවාහිනී/කැසට් වැනි දෑද..වාහන වල පරිපථද, ආදි ඉලෙක්ට්‍රොනික් පරිපථ භාවිත වන ක්ෂේත්‍ර ගණනාවක් ඔබේ ආදයම් මාර්ගය කරගත හැකිය..එය අමතර වාසියකි.
ඒ සමගම ඉතාම සුලු මුදලක් වැය වන පරිගණක හාඩ්වෙයා පාඨමාලාවක්ද හදාරන්නේ නම් අගනේය.

ජිනරතන කාර්මික පුහුණු ආයතනය - ගංගාරාමය කොළඹ
ඇක්වයිනස් ආයතනය -  බොරැල්ල.
වෘත්තීය පුහුණු අධිකාරිය / ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු ආයතනය./ජාතික ආධුනිකත්ව මණ්ඩලය (නයිටා)

එස්.ටී.ආර් පරිගණක ආයතනය - ගම්පහ - තිලක් වීරකෝන් මහතා මෙහෙයවයි

වැනි ආයතන වලින් පමණක් ඉලෙක්ට්‍රොනික් හා ජංගම දුරකතන අලුත්වැඩියාව සදහා නිර්දේශ කළ හැකිය. මක්නිසාද යත් ඒවායේ වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව ගුණාත්මකබවකින් යුත් එමෙන්ම රාජ්‍ය පිළිගැනීමක් සහිතව මනා අධීක්ෂණයක් යටතේ මෙම ආයතන වල පාඨමාලා පැවැත්වෙන නිසාය.

ඔබ තනිවම මෙවැනි අලුත්වැඩියා ආයතනයක් ආරම්භ කරන්නේ නම්.. ව්‍යාපාංර ලියාපංදිචිය, විදුලි සංදේශන නියාමන කොමිසමේ බලපත්‍රය (ලංකාවේ 90%ක් ආයතන සදහා මෙම බලපත්‍රය නොමැත. මෙය සපුරාලීමට අවශ්‍යතා ප්‍රමාණයක් සම්පූර්ණ කළ යුතුය.) ලබාගන්නා හැටි කියාදෙනු ඇති.

ජංගම දුරකතන ක්ෂේත්‍රයේ විදෙස් පුහුණුව ලැබීමට හැකි නම් ඉතා වටිනා දෙයක් වන අතර එයට අවස්ථා අඩුය. අනෙක් අතට අන්තර්ජාලය පරිහරණය මගින් අලුත් අලුත් දෑ බහුලව ඉගෙන ගතහැකි වටපිටාවක් නිර්මාණය වී ඇත.
ජංගම දුරකතන අලුත්වැඩියා ගුරැවරැන් යැයි කියාගන්නා පොරවල් රැසක්ම පල් හොරැන්ය! ඔවුන් එක්කෝ හාඩ්වෙයා යම්පමණකට දනී..සොෆ්ට්වොයා නොදනී! ඔබ හාඩ්වෙයා දැනුම, ප්‍රායෝගිකව ලැබිය යුතුම වන අතර සෝෆ්ට්වෙයා දැනුම ඊට නොදෙවැනි ලෙස දැලිය යුතුය. නවීන සොෆ්ට්වෙයා බොක්ස්, අල්ට්‍රාසවුන්ඩ් ක්ලීනින්, පවර් සප්ලයි, හොට් එයා සෝලඩරින්, ඔසිලස්කෝප් මගින් දෝෂ සෙවීම වැනි නවීන උපකරණ හරහා මෙන්ම මල්ටිමිටරය හරහාද දෝෂ නිරාකරණයට ඉගෙන ගත යුතුමය.

වෘත්තීය ගෞරවයක් ඇතිවන පරිදි හැම මගුලම දෙකයි පණහට නොකරන විධිමත් පුහුණු වෘත්තීය ශිල්පියෙක් වන්න. මෙය සරැ  ආදායම් මාර්ගයකි.. හැබැයි ‍මෙම ක්ෂේත්‍රයේ සියලු තැන් පිළිබදව හදාරා තිබීම අනිවාර්යය.. ඉන්පසු ඔබට සිටි ඇන්ඩ් ගිල්ස් විභාග සදහා මහුණ දිය හැක!..ඒ පිළීබද විස්තර ලගදීම.....

 Kasun Weerasinghe

උගත් දෙයෙන් අන්තර්ජාලය මගින් සල්ලි හොයමු.

මම උදේම ඔයාලට මගේ අද්දැකීමක් කියන්නම් .

.ගොඩාක් අයනම් මේකෙන් වැඩ කරගන්නවා ඇති .එත්  දන්නේ නැති  අය පොඩ්ඩක්  මේක බලන්නකෝ .

මම මේ කියන්න යන්නේ.මම දකල තියෙනවා  ගොඩක් අය ඉන්ටෙර්නෙට් එකේ සල්ලි හොයන්න ගිහින් එපා වෙලා ඉන්නවා.මෙතන ඉන්න හැමෝම වගේ මොකක්හරි දෙයක් දන්නවනේ අඩුම තරමේ ඔෆිස් හරි දන්නවනේ.යාලුවනේ ඔයාල මහන්සිවෙලා ඉගෙනගත්ත දේවල් වලින්  ප්‍රයෝජනයක් ගන්නේ නැත්තේ මොකද ?  ඔයාල දන්නේ නැතුවත් ඇති අදකාලේ ගොඩක් ය ගෙදරට වෙලා මාසෙකට 25000 ට වැඩි ලබා ගන්නවා 

මුලින් නම් මාත් බැලුවේ නැ.ඔයාල පුලුවන්නම් මම මේ පල්ලෙහා දල තියන ලින්ක් දෙකෙන් ලොගින් එකුන්ට්ස්  හදාගන්නකෝ . මම කියන්නේ ODESK.com  / Freelancer.com කියන ඒවා ගෙන. අපිට මේවා එක්ක වැඩ කරනකොට කාගෙන්වත් තහනමක් වත්..අවදානමක්වත් නැ 

ගොඩක් අය මේක වරද්ද ගන්නේ පැයකට කීයක් අය කරනවද කියන තැන දානවා ලොකු ගානක් . එහෙම නෙමේ එතන දාන්නකෝ 2$ වගේ . ඉතින් දවසකට පැය 3ක් වැඩ කලත් 600 ක් වගේ නේද?ඉතින් ඔයාලට පුළුවන් විදිය දන්න දේ හරියට කරලා බලන්න .මාසෙට කීයද කියල ,,

 අපිට හැමදාම ජොබ්ස් හමබ්වෙන්නේ නැ කියන්නේ අපි ඒවා ඉල්ලන ගැන නිසා.ගොඩක් අඩුත් නැතුව සාදාරන ගානකට ඉල්ලනකො .ඔයාලගේ CV එකෙත් ලොකු පණ්ඩිත වැඩ දන්නවා කියල දන්නා එපා.කරලා තයන දේ විතරක් දාන්නකෝ .  කිසිදේකට බයවෙන්නේ ඕනේ නැ ඒකට්ටිය වෙලාවට අපේ සල්ලි දෙනවා.මම මේදේ කියන්නේ ගොඩක් වගකීමෙන්.

මගේ අද්දැකීම් එක්ක .මේක හරියට කරගන්නවානම් ඔයාලට කාටවත් යටත් වෙලා රස්සා කරන්න ඕනේ නැ.බොරුවට ඔලුව රිදෙනකම් දැන්වීම්   ක්ලීක  කරන්න ඕනේ නැ.https://www.odesk.com/?_redirectedhttp://getfreelancer.com/

 Praveen Rangana

Audio එකෙන් Voice ඉවත් කරන්න පුලුවන්ද?

මම මේ ග්රූප් එකට ඔනෙවෙන කාලීන මර්තුකාවක් ගැන කතා කරන්න හදන්නේ අද උදෙන්ම . ඒ මොකද්ද දන්නවද ?

 ගොඩක් යාලුවන්ට තියන ප්‍රශ්නයක් නේ කොහොමද SOUND EKAKIN VOICE එක අඉන් කරගන්නේ කියල.ඇත්තටම මේක ඔයාට කරගන්න පුලුවන්ද? 
එහෙම කිව්වම ඉතින් ගොඩක් ය කියන්නේ මොකද්ද අය්ය්යෝ පුළුවන් ගන්න AUDACITY / ADOBE AUDITION කියල. 
හරි ඔය සොෆ්ට්වරේ භාවිත කොරල VOICE එක REMOVE කොරගත්ත කෙනෙක් ඉනවානම් කියන්නකෝ අපිටත් දැනගන්න . 
මේකනේ යාලුවනේ ඔය TRACK ගහනව කියල කියන්නේ එතකොට ඔය MASTERING කරනවා කියල කියන්නේ අන්න ඒවා කරනකොට RECORDING STUDIO වල කරන්නේ ඔය බෑන්ඩ් එක හදන මියුසික් ට්‍රැක් එක වොඉස් ට්‍රැක් එකත් එක්ක එකතු කරන එකනේ .

එහෙම කොරපුවම තමා වැඩේ දෙල් වෙන්නේ.එකනේ කරෝකේ ට්‍රැක් කියල ජාතියක් තියන්නේ එයාලා කොරන්නේ 5.1 සිස්ටෙම් එකෙන් තමා පටිගත කොරන්නේ . එහෙම කොරපුවම කිසි ගින්නක් නැතුව අරක අඉන් කොරගන්න පුළුවන්. නැත්නම් ඉතින් ඔය අපි වගේ කට්ටිය බෑන්ඩ් වල අඳුනන අය්යාලට කියල එයාල LIVE ප්ලේ කරනකොට VOICE LINE එක ගලවල අපේ gajamatic එකෙන් රෙකොර්ඩ් කරගන්නවා.අපි දැන් බලමුකෝ මේ සොෆ්ට්වෙඅර්  වලින් පුළුවන් කියන යට එක කරන්න බැරි හේතුව..මෙහෙමනේ සොෆ්ට්වෙඅර්  වල තියෙනවා vocal eraser , vocal remover කියල external plugin .ඒවාට කරන්න පුළුවන් VOICE එක අඩු කරගන්න විතරය් .VOICE line එක track එකක යන්නේ wave table එකේ මැද හරියේ,පැක් උනාම එක හොයන්නත් බැ.සොෆ්ට්වරේ එකකින් ඉතින් වැඩේ දාන්නම කෙනෙක්ට එෆ්ෆෙක්ට්ස් දාලා (NOISE REDUCTION )පොඩ්ඩක් විලි වහගන පුළුවන්.මතක තියාගන්න 100% නම් බැ යාලුවනේ  .MP3 , WAVE , කැබලි වලට කඩන්න බැහැ.

 ඉතින් ඔයාල දැන් අහන්න පුළුවන් නේ එතකොට කොහොමද හඬ කවන්නේ කියල.ඉතින් අපේ කට්ටිය කරන්නේ ORGINAL SOURCE FILE එක ගන්න එකනේ.එහෙම නැත්නම් SONY SOUND FORGE වගේ එකකින් 5.1 වලින් අර හඬ remove කරනවා.ඔය ස්ව්රන්වහිනියේ එහෙම  SONY SOUND FORGE එහෙම භාවිත කරනවනේ.පොඩ්ඩක් ගුවන් විදුලි සංස්ථාවේ ගියොත් බලන්නකෝ තාම එයාල ADOBE AUDITION එහෙම තමා use කරන්නේ.

 Praveen Rangana

CAREER GUIDANCE - 4 සැමට උපාඨියක්...!!

උපාධිය තවදුරටත් සිහිනයක් නොවේ…..
ඔබ සාමාන්‍ය පෙළ සමත්ද? උසස් පෙළ අසමත්ද? උසස්පෙළ වැඩක් හරි දෙකක් හරිද? නැත්තම් උසස් පෙළ සමත් විශ්ව විද්‍යාල වලට තේරැණේ නැද්ද??
බයවෙන්න එපා..මීට පස්සෙ.....ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පණතින් පිහිටවූ ව්‍යවස්ථාපිත  විශ්ව විද්‍යාලයක් ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ නාවල ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය.
මෙහි අරමුණ අවුරැදු 18ට වැඩි ඕනෑම අයෙකුට, තමාට පහසු විට නිවසේ සිට ඉගෙනීම, රැකියාවක් සමග ඉගෙනීම මගින්, සහතික පත්‍රයක්, ඩිප්ලෝමාවක්,උසස් ඩිප්ලෝමාවක්, උපාධියක් හෝ පශ්චාත් උපාධියක් ලබා ගැනීමට මග සලසා දීමයි.
මෙහි ප්‍රධාන විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ කොළඹ නාවල ය. මාතර, නුවර, හා යාපනයේ ප්‍රධාන මධ්‍යස්ථාන පිහිටා ඇත. මේ ප්‍රාෙද්ශිය මධ්‍යස්ථාන වලට අමතරව තවත් අධ්‍යයන මධ්‍යස්ථාන නගර 16ක පිහිටා ඇත.
මෙහි පීඨයන්

  1. අධ්‍යාපන පීඨය.
  2. ස්වාභාවික විද්‍යා පීඨය
  3. ඉංජිනේරැ තාක්ෂණ පීඨය
  4. මානව ශාස්ත්‍ර හා සමාජ අධ්‍යයන පිඨය

මෙයට යන බොහෝ දෙනා අතරමග මෙය නවතා දමා කාලයත් මුදලත් නාස්ති කරගනී..දිගටම රැදී සිටින්නේ සුලු පිරිසකි.

සියලු පාඨමාලා සදහා ඉහළම පහසුකම් වලින් මෙය සමන්විතය...අති දැවැන්ත පුස්තකාල 3ක්, විද්‍යාගාර 50ක්පමණ, සැපපහසු දේශනශාලා, සහන මිලට ආපාණ ශාලා, පාඩම් කිරීමට නිස්කලංක ‘පාලු‘ ස්ථාන..ඇතුළුව සමාන්‍යෙයන් බහුතරයක් දෙනා  යන විශ්ව විද්‍යාල වලට නොමැති පහසුකම් මෙහි ඇත. මෙයට විදේශ විශ්ව විද්‍යාල සමග ඍජු සබදතාත්, විදේශ ආධාරත් නිසා ගුණාත්මක අධ්‍යාපන තත්ත්වයක් ලබාගත හැකිය..

නමුත්...කැපවීම, උනන්දුව අත්‍යවශ්‍යය... බොහෝ දෙනා සීසන් ටිකට් එක ගෙන, කාලා බිල එන තැනක් විදියට මේක පාවිච්චි කරනවා.. මොකද රජයේ නිසා අගයක් නෑ..මෙහි පාඨමාලා සදහා මුදල් අයකරනවා..නමුත් එය අතිශය සාධාරණයි..ඔබ යම් පාඨමාලාවක් තෝරාගතහොත් ඊට අදාල සියලු විස්තර තැපැල් මගින් ඔබට දන්වනවා.
දේශන සදහා මසකට දින 3-4ක් පමණ (සති අන්තයේ වුවද) යායුතුය.. හැකි අයට දිනපතාම වුවද ගොස් තම උපාඨිය ඉක්මනින් අවසන් කරගත හැකිය.. සාමාන්‍ය විශ්වවිද්‍යාලයක මෙන් නවක පිළිගැනීමේ රාත්‍රිය මෙන්ම, නවක වධයත් (සුලුවට) දේශපාලනයත් හැම දෙයක්මත් මෙහි තියෙනවා...අනික දැන් යන්න තියෙන්නෙත් බෝට්ටුවකින්..!
එපමණක් නොව, ඕනෑම ක්ෂේත්‍රයක පාඨමාලාවක් කෙටිකලකින් ඔබට මෙහිදී නිමකරගෙන ඉදිරි කටයුතු සිදුකරගත හැකිය. ඔනෑම භාෂා මාධ්‍යයකින් හැදෑරීම් සිදුකළ හැක.
ලොව ඕනෑම තැනක පිළිගන්නා අධ්‍යාපන උපාධියකි. පාඨමාලා නාමාවලිය අවැසි අය මැසේජ් එකක් දාන්න..වැඩි විස්තර පහළින් තියෙන ලින්කුවෙන්....දෙයියන්ගෙ නාමෙන් නාස්ති නොවී දැන්වත් ඉගෙන ගන්න....
මෙන්න වෙබ් අඩවිය..http://www.ou.ac.lk/
කතාකරන්න මේ අංකයට..බොහොම සුහදව ඔබට උදව් කරාවි.. 0112 881 000

The Open University of Sri Lanka
P.O. Box 21,
Nawala, Nugegoda,
Sri Lanka

 Kasun Weerasinghe 

CAREER GUIDANCE - 3

ඉංග්‍රිසී ඉගෙන ගන්න තියෙන ආසාව උනන්දුව කමෙන්ට් වලින්ම පේනවා.. හරිම සතුටුයි ඒ ගැන..අන්තර්ජාලය ඔස්සේත් ඉංග්‍රීසි ඉගෙනගන්න පුලුවන් තැන් කට්ටිය දාල තිබුණා...ඉගෙනගන්න තැන වැඩක් නෑ ඉගෙනගන්න කෙනාට...!
සක්විති රණසිංහගෙ සිට පූජිත විජේසිංහ දක්වා වූ අය ඉංග්‍රිසි උගන්වයි! නමුත් සිදුවූ යහපතක් වත් දැනුමේ වැඩිවීමක්වත්, විභාග සමත්වීමවත් නැත..තවමත් සාමාන්‍ය පෙළ බහුතරයක් ඉංග්‍රිසී අසමත් වෙති.. ලාභදායි විසදුම් දුන්නත් කට්ටියට ඕනෑ කාටහරි කීයක් හරි දී නෝට් ටිකක් හා පොත් ගොඩක් නොමිලෙ දෙන ගුරැවරයෙකුගෙන් ආතල් එකක් සමග ඉංග්‍රීසි හැදැරීමටය!
නිරන්තර අභ්‍යාසය, කැපවීම, කියවීම සවන්දීම කළ නොහැකි නම්....උඹලා එකෙකුටවත් ඉංග්‍රිසි ඉගෙන ගැනීම වහකදුරැ වනු ඇත.. භාෂාවට ආදරය කරන්න...පුංචි පුංචි පොත් හැකිතාක් කියවන්න..දැන්වීම් වල පරිදි දින 100කින් දින 7කින් ඉංග්‍රීසි ඉගෙනගැනීමට නොහැකිය.. එය ගොනා පිට හකුරැපටවනවාක් වැනි ඉගැන්වීමකි..එළියට එන එකා රෙඩිමේඩ් ඉංග්‍රීසි රොබෝවෙකි! ඌ ඉංග්‍රීසි සාහිත්‍යය තියා මෙලෝ මළ දානයක් දන්නේ නැත! පන්තියේ ලියා කටපාඩම් කළ ඒවා ඉහටත් උඩින් දනී!
ඉතින් විධිමත්ව පිළිගැනීමක් සහිතව ඉංග්‍රිසි ඉගෙනගැනීමට පවතින පිළිගත් ආයතන මෙසේය.
  1. කොළඹ විශ්වවිද්‍යාලයීය සේවක අධ්‍යාපන ආයතනය - භාෂා ඉගැන්වීමේ ඒකකය
  2. ඇක්වයිනාස් ආයතනය - කොළඹ
  3. ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනය - මහරගම
  4. ජාතික තරැණසේවා සභාව
  5. ජාතික උසස් අධ්‍යාපන ආයතනය
  6. කාර්මික විද්‍යාල හා වෘත්තීය පුහුණු ආයතන වල පැවැත්වෙන  ඉංග්‍රීසි පාඨමාලා
  7. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි පාඨමාලා උපාධිය දක්වා..
ඉහත සදහන් සමහර ආයතන වලට සිසුන් බදවා ගනු ලබන්නේ මූලික විභාගයක් පැවැත්වීමෙන් අනතුරැවය. ඉන් අනතුරැව දැනුම මට්ටම අනුව වර්ග කෙරේ..  නමුත් ආයතන වලපිළිගැනීම සුලු සුලු වෙනස්කම් තිබුණත් ඉතා ඉහළ පිළිගැනීමක් ඇත.  මේ සෑම ආයතනයකම සහතිකයක් පිරි නමයි.. ගාස්තු ඉතා සාධාරණය. රජයේ හෝ ඊට අනුබද්ද ආයතන වල පුවත්පත් දැන්වීම් මගින් අදාල පාඨමාලා පිළිබද දන්වනු ඇත.  එය බ්‍රිතාන්‍ය කවුන්සිලයට වඩා ඉතාම අඩු අගයක් ගනී. බ්‍රිතාන්‍ය කවුන්සිලයට වඩා අධ්‍යන කටයුතු කිරීමේදී පහසුවක්ද ඇත.. නමුත් මෙය සහතිකයකට සීමා වී භාවිතය අඩුනම් ඉන් අත්වන පලක් නැත!
මෙම පාඨමාලා වසරක් තුළදි නිමවන අතර ඔබ විශ්ව විද්‍යාලයට තේරී සිටියත් නැතත් ඊට සහභාගි වීම නම් වාසියක් මිස අවාසියක් නොවනු ඇත. මක්නිසාද යත් මොනම ක්ෂේත්‍රයක වුවත් උසස් අධ්‍යාපන කටයුතු සිදුකරන්නෙ ඉංග්‍රීසි භාෂාවෙනි... (සිංහල අංශයන්හි හැර)
ජාත්‍යන්තර පරීක්ෂණ
TOEFL (TEST OF ENGLISH AS A FOREIGN LANGUAGE) – U.S.A
ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් නුවර පිහිටි ETS ආයතනය මගින් පවත්වන විභාගයකි.
IELTS ( INTERNATIONAL ENGLISH LANGUAGE TESTING SYSTEM) – ENGLAND
ලංකාවේ විවිධ ආයතන ඉගැන්වීම කළද සහතිකය නිකුත් කරනු ලබන්නේ එංගලන්තයේ කේම්බ්‍රිජි සරසවියෙනි.
මේවා විදේශ අධ්‍යාපනය ලබන්නේ නම් අනිවාර්යයි. ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණ රැසකි.. ලොවම පිළිගත් විභාග වෙයි. නමුත් අධ්‍යයන කටයුතු සදහා විශාල මුදලක් වැය කරන්නට සිදුවන නිසා එය යමක් කමක් ඇති අයට ඉතා සුදුසුය.. !

 Kasun Weerasinghe

CAREER GUIDANCE - 2

පිළිවෙලට කරන්න හිතං හිටියත් අපි අවශ්‍යතාව අනුව මුල්තැන දෙන්න වුනේ ඉංගිරිසිය ඉගෙනගන්න හැටි කියල දෙන්න.. අපි ක්‍රමය හරියට හදාරමු.. මොකද ඒකයි වෘත්තීය මාර්ගෝපදේශනය කියන්නෙ.
ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය තියෙන්නෙ ඉතාම පහත් අඩියක. කොළඹට තදාසන්න නගරවල හැරැණාම භාෂා භාවිතයේ ලොකු අඩුවක් තියෙනවා..නාගරිකව බොහෝ දෙනා වැරැදියට හරි සෝබනේට ඉංග්‍රීසි කතා කරනවා..ඒ ඉංගිරිසිය නිවැරැදි නමුත් දිරිගන්වන සුලුයි.. බොහෝ දෙනාගෙ ගෙවල් වල ඉංග්‍රිසි ඇහෙන්නෙ කතාවෙන්නෙ නැති නිසා දුප්පත් දෙමාපියන්ගෙ දරැවන් අපහසුතාවයකට පත්වෙනවා සමහර අවස්ථාවලදී.
අපේ අයට ඉංග්‍රිසි බැරැවා නෙවෙයි..වැරැද්ද තියෙන්නෙ උගන්වන අයගේ හා උගන්වන ක්‍රමවේදයේ... හැමදාම නිමල් ගමට යයි, සීතා බත් ඉව්වාය, ලංකාව දියුණුවෙමින් පවතින රටකි...වගේ සාම්ප්‍රදායික වාක්‍ය රටා ඇසුරෙන් උගන්වන කමකට නැති ඒකාකාරී ඉංග්‍රීසිය, බොහෝ දෙනෙක් විසින් මේ ලස්සන භාෂාව එපා කරවයි..ලොව ඇති හොදම දෙය ලියැවී ඇත්තේ ඉංග්‍රීසියෙනි.. අපි සුද්දා අනුකරණය කළ යුතු නැත.. නමුත් ඌව අනුගමනය කළ යුතුය.!

භාෂාවක් රසවත්ය ගොඩනැගීමට අවශ්‍ය දෙය වන්නේ වචනය..ගෙයක් හදන්න ගඩොල් ඕනෑ වගේය.. මළාට පාසල් නොගිය අවුරැදු 16ක ළමයෙකු ඉංග්‍රීසි වචන 25000ක් දන්නා බව සොයාගෙන ඇත! අපි එදිනෙදා කතා කරන වචන වලින් බහුතරය ඉංග්‍රීසි වචනය.!! ඉතින් අපි එපා නොවෙන විදියට ඉංග්‍රීසි කොහොමද ඉගෙන ගන්නෙ... අනික මේ තාක්ෂණික පිටු වල බොහෝ දෑ තියෙන්නෙ ඉංග්‍රීසියෙන්...ඉංග්‍රිසි ඇතිනම් අනාගතය සුබයි..ඒ තාමත් සමහරැ ඉංග්‍රීසියට බය නිසා..

ඉංග්‍රීසිය ක්‍රමවත්ව හැදෑරිය හැකි ක්‍රම දෙකකි..

  1. ස්වයං අධ්‍යයනය
  2.  ගුරැවරයෙකු හෝ ආයතනික හෝ තාක්ෂණික විධික්‍රම භාවිතයෙන් කරන ඉගෙනීම

භාෂාව දියුණු කරගැනීමට පහත ක්ෂේත්‍ර වල දැනුම අවශ්‍යයි

  1. ව්‍යාකරණ (Grammar)
  2. වචන (Vocabulary)
  3. ලිවීම (Writing)
  4. අසා තේරැම් ගැනීම (Listening)
මේවා දියුණුකරගත්විට ඉබේම ඉංග්‍රිසි හැදෙයි...

ව්‍යාකරණ - ඉංග්‍රිසි භාෂාවේ අත්‍යවශ්‍යෙයන්ම දැනගතයුතු වියරණ නීති 12ක් ඇත. ඒවා ‘ටෙන්සස් ‘ කියා කියයි. එමෙන්ම කර්තෘකාර, කර්මකාරක (Active voice / Passive Voice)  පිළිබදවත්  කාල භේදයත් මූලිකව හැදෑරිය යුතුය. මෙහි අප ඉංග්‍රිසි උගන්වන්නට යන්නේ නැති අතර, මාර්ගය පමණක් හෙළි කරන්නෙමු.
වචන මාලාව - විශාල වචන ප්‍රමාණයක් දැනගත යුතුය. හොද ශබ්ද කෝෂයක් මිලට ගන්න..Oxford Advance Learners හොදය. ඒ සමගම මලලසේකර, මධූර, දෙරණ වැනි ශබ්දකොෂ ද භාවිතාවට ගන්න. සාක්කුවේ කුඩා පොතක් තියා ගනිමින් අහුලා ගන්නා වචන ලියා තේරැමද සොයා ගන්න. ඒවා සරල වාක්‍ය වලද යොදවා බලන්න.  සති දෙකකට නොව මාසයක සෑහෙන පරිදි Sunday Observer පුවත්පත නිකුත් වේ.. බත් ඔතන්නටද පුළුවන. අමාරැවෙන් ළමා පිටුව හෝ තටමමින් කියවන්න...සිරස්තල සිංහලට පරිවර්තනය කරන්න.
ලිවීම - පිහිනීම ගොඩ සිට කළ නොහැකිවා මෙන්ම ලිවීමද තනියම පුරැදු කළ යුතුය.. ඔබට කැපවීම, උනන්දුව නැතිනම් මේ කිසියක් කිරීම නිෂ්ඵලය..පළමුව කුතුහලය ආසාව ඇතිකරගන්න. එයට වල් කතා වුවද කමක් නැත! දිනපතා කරනා කුප්ප වැඩ වුවත් ඊට අදාළ වචන හොයාගෙන දිනපොතක් ලියන්න.. මුලින් වාක්‍ය අවුල්, පැටළිලි සහගත විය හැකිය...එහෙම එහෙම හරි වැරදියට හරි ලියන්න.. සිංහල ඉංග්‍රිසි ශබ්ද කොෂයක් ඊට වැදගත් වේ.. හොදම විසදුම තමා කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි සෙට් කරගෙන එළිවෙනකං හරි චැට් කරන්න..!

සවන්දීම -  අතිශයින් වැදගත්ය.. බොරැවට හෝ ඉංග්‍රිසි FM චැනලයක් ගෙදර පැය 12ක් වත් දමා තබන්න..නිතරම ඉංග්‍රිසි පුවත් මෙන්ම සිංහල පුවත්ද (රෑපවාහිනී සංස්ථාවේ විකාශය වන) එකවිට බලන්න. විදෙස් නාලිකා නරඹන්න. අන්තර්ජාලයේ සැරිසරන්න... වඩා වැදගත්ම ක්‍රමය වන්නේ තමා කැමති චිත්‍රපට ඩවුන්ලෝඩ් කරගෙන් ඉංග්‍රිසි උප සිරැසි සහිතව බැලීමයි..එවිට අධිවේගයෙන් ඉංග්‍රිසි වචන කනට හුරැවේ..යෙදුම් හුරැවේ.. සිංහල උපසිරැසි වලට නම් හුරැවෙන්න එපා!!

මෙන්න මේ පොත් මා විසින් ස්වයං අධ්‍යයනයට හොද යැයි කියමි

  1. English Grammar and Exercises 1,2,3,4 –  L.R.H CHAPMAN
  2. Advanced English Grammar – Martin Hewings
  3. Intermediate English Grammar – Raymond Murphy
  4. Essential English Grammar – Raymond Murphy
  5. High School English Grammar & Composition – Wren & Martin
  6. ඉංග්‍රිසියට පදනම - ආචාර්ය ඇන්ටනී ප්‍රනාන්දු
  7.  ප්‍රාෙයා්ගික ඉංග්‍රීසි - මහාචාර්ය සුචරිත ගම්ලත්

තවත් ක්‍රම සහ විධි සමග ආයතනික මට්ටමෙන් අධ්‍යාපනය ලබන අන්දමත් ඊට සුදුසු තැනු ගැනත් මීළග ලිපියෙන්...

 Kasun Weerasinghe 

CAREER GUIDANCE - 1

වසර 13ක් තිස්සේ ඔබ පාසල් අධ්‍යාපනය ලබා උසස් පෙළ යම්කිසි විෂයය ධාරාවක් හදාරා ඉන්පසු ඒය සමත් වී හෝ නොවී සමාජයට පැමිණෙයි... උසස් පෙළ විෂයය නිර්දේශය යම් ප්‍රමිතියකට අනුව සකසා ඇති ඒ ආශ්‍රිතව පවත්වන ලොව අපහසුම විභාගය ශ්‍රී ලංකාවේ උසස්පෙළ විභාගය යැයි කියවේ..

මින් සමත් වන ප්‍රතිශතයෙන් සියයට 1ක් හෝ 2ක් පමණක් විශ්ව විද්‍යාල හෝ අනෙකුත් පීඨ සදහා වරම් ලබයි...

ඇති ඇත්තෝ දරැවන් පි‍ටරට යවා හෝ උගන්වා සුදුසු කල්හි නෑදෑ හිතමිතුරන් මාර්ගයෙන් හෝ රැකියා අවස්ථා සොයාගනී..

නැති ඇත්තෝ කොහේ හෝ පන්තියකට පාඨමාලාවකට යවා ඉන්පසු ගෙදරට වී පත්තර බලමින් රැකියා පෝලිමේ ගතකරයි..

තමුන් කවුද? තමුන්ට කළ හැකි දේ කුමක්ද? තමුන්ගෙන් රටට විය යුතු සේවය කුමක් දැයි ඔබ නොදන්නවා විය හැකිය.. ඔබට මගපෙන්වන්නෙක්, උපදෙස් ලබා දෙන්නෙක් නොමැතිනම් ඔබ අරමුණක් නැතිව සරැංගලයක් මෙන් පාවෙනවා ඇත...

ජීවිතයට අරමුණක් තිබිය යුතුය.. විභාගය යනු ජීවිතය නොවේ.. මහා විද්වතුන්, ව්‍යාපාරිකයක් වැනි ලොව දිනූ සියල්ල විභාග සමතුන්ම නොවේ... විභාගය සමත් වූවත් නොවූවත් ඔබට අවශ්‍ය නම් උපාධියක් සරලවම ලබා ගත හැකිය.. ලක්ෂ 5-10 නිකරැණේ වියදම් නොකර දෙමාපියන්ට බරක් නොවී අධ්‍යාපන කටයුතු කරකියා ගත හැකිය...

ඔබට අපි කියාදෙන්නේ ඒ රහස් උපදෙස් මාලාවයි.. ඉගෙන ගැනීම, රැකියාවක් හොයා ගැනීම, වෘත්තීය අධ්‍යාපනය ලැබීම, ස්වයං රැකියා ආදී මාතෘකා සිය ගණනක් ඔස්සේ ඔබව දැනුවත් කෙරෙන්නේ නිවැරදිම තොරතුරැ අනුසා‍රයෙනි..
පරිගණක තාක්ෂණය අතින් ඉහළ යෑමට කළ යුතු විභාග, අත්දැකීම් ලබාගත හැකි අයුරැ මෙන්ම මනෝ විද්‍යාත්මකව ඔබ ඒ සදහා හැඩ ගස්වනු ඇති..

ඔබේ අරමුණට ඔබ යනතුරා ඔන්ලයින් හෙල්ප් ඔබ පසුපසින් සිටිනු ඇති... ඔබට ප්‍රබල මගපෙන්වීමක් නොලැබුණ හොත් ඔබේ අනාගතය අදුරැ වනු ඇති.. දෙමාපියන් දුක්මහන්සියෙන් උපයන මුදල් විනාශ නොකර කීර්තිමත් මිනිසෙකු වන්නට මෙතැන් සිට පටන් ගනිමු..

උසස් පෙළින් පසු......

1. ඍජු රැකියා වලට යොමුවීම
2. ඉංග්‍රීසි අධ්‍යාපනය
3. විශ්ව විද්‍යාල අධ්‍යාපනය
4. වෘත්තීය අධ්‍යාපනය
5. රජය හා පෞද්ගලික අංශ මගින් පවත්වන වෙනත් පාඨමාලා
6. කාර්මික විද්‍යාල අධ්‍යාපනය
7. පරිගණක අධ්‍යාපනය
8. විදේශගතවීම් හා අධ්‍යාපනය ඉදිරියට කරගෙන යෑම
9. ව්‍යාපාරයක් කිරීම
10. ස්වයං රැකියා හා වෙනත් මාර්ග

ඔස්සේ මෙය ඉදිරියට ගලා යනු ඇති..ඔබේ මිතුරන් දැනුවත් කරන්න අප හා එක්වන්න...

 Kasun Weerasinghe

ෆේස්බුක් හැකින්ග් වලින් බේරෙන්න...

>

වර්ථමානයේ බොහෝ දෙනෙක් පිවිසෙන වෙබ් අඩවියක් තමයි Facebook. ඒ වගේම තමයි Facebook සම්බන්ධයෙන් අහන්න ලැබෙන කථාවක් තමයි තමන්ගෙ Facebook ගිණුම හැක් වෙලා, තමන්ගෙ Facebook ගිණුමේ තිබුණු පින්තූර වෙන වෙන වෙබ් අඩවි වල දාලා යන දේවල්. ඒ වගේම තමයි ලංකාවෙන් Facebook වෙත පැමිණෙන 85 % පමණ වැඩි දෙනෙකු අන්තර්ජාලය පිළිබද නිසි දැනුමක් නැහැ. ලංකාවේ අන්තර්ජාලයට පිවිසෙන වැඩිදෙනෙකු දන්නෙ Facebook වෙත පිවිසෙන්න, තමාගෙ ඊ මේල් ලිපි බලන්න , Google මගින් සෙවුමක් දාන්න වැනි දේවල් කිහිපයක්. ඒ වගේම තමයි ඇතමුන්ට Facebook වෙත හරි හැටි පිවිසෙන්නත් බැහැ. බොහෝ දෙනෙකු කරන්නෙ Google වෙත පිවිස facebook හෝ facebook login යනුවෙන් සෙවුමක් කර facebook වෙත පිවිසීමය. බොහෝ දෙනෙකු විසින් මෙය කරනු මා දැක ඇත. නමුත් මෙහි ඇති විශේෂත්වය වනුයේ ඔවුන් දිනකට කිහිපවතාවක් facebook වෙත පිවිසෙන දිනකට පැය කිහිපයක් facebook වෙබ් අඩවියේ රැදී සිටින පුද්ගලයන් වීමය .ඇතැම් විට ඔවුන් facebook වැනි වෙබ් අඩවි වෙත හෝ වෙනත් වෙබ් අඩවියකට පිවිසුන විට එම වෙබ් අඩවිය පරිහරණය කිරීමට දන්නෙවත් නැත. Google.lk වෙත පිවිස search box එක තුල “F” අකුර යොදා බලන්න. එවිට ලැබෙන ලැයිස්තුව තුල පළමුව facebook යන්නත් දෙවනුව facebook login යන්නත් දකින්නට ලැබේ.

Facebook භාවිතා කරන අය කරන ප්‍රධානම වැරද්ද තමයි Profile එකේ තමන්ගෙ ඊ මේල් ලිපිනය හැමෝටම හෝ තමාගේ මිතුරන්ට හෝ පෙනෙන්නට දැමීම. Facebook Profile එකේ කිසිවිටකත් තමාගෙ ඊ මේල් ලිපිනය කිසිවෙකුටත් පෙනෙන්නට දැමීමෙන් වළකින්න. මක් නිසා ද යත් Facebook ගිණුමට සම්බන්ධ ඊ මේල් ලිපිනය වෙන අයෙකුට පත් වූ විට එම ගිණුම හැක් ඉතා පහසු වන බැවිනි. අනෙක් කාරණය තමයි Facebook Profile එකේ ඊ මේල් ලිපිනය දැමීමෙන් Spam වලට ගොදුරු වීමය.

තමාගේ Facebook ගිණුමෙහි හෝ ඊ මේල් ලිපිනයෙහි මුර පදය වෙන අයෙකුට ලබාදීමෙන් වලකින්න. එසේ ලබා දුන්හොත් හැකි ඉක්මණින් මුර පදය වෙනස් කරන්න.

ඉන්ටනෙට් කැෆේ වලදී තමාගේ Facebook ගිණුම හෝ ඊ මේල් ලිපිනය විවෘත කිරීමෙන් වලකින්න.

සෑම විටම අන්තර්ජාලයෙන් ඉවත්වන විට cookies, saved password ආදිය මකා දමන්න.

Web browser එක තුල මුරපදය save කිරීමෙන් වලකින්න.

Facebook වෙත log වෙන්න මෙම ලින්ක් එක මත ක්ලික් කරන්න යනුවෙන් ලැබෙන ඊ මේල් වලින් ප්‍රවේසම් වන්න.

කවදාවත් තමාගේ පුද්ගලික පින්තූර Facebook වෙත දැමීමෙන් වලකින්න. වර්ථමානයේ Facebook වෙබ් අඩවියෙන් ලබාගන්නා පින්තූර යොදා ගනිමින් ලංකාවේ පුද්ගලයන් විසින්ම වෙබ් / බ්ලොග් අ‍ඩවි නිර්මාණය කර තිබෙනු දැක්නට ලැබේ.

ඔබගේ මුර පදය අකුරු/ ඉලක්කම් 6 කට වැඩියෙන් නිර්මාණය කරන්න. මුර පදය සදහා “ @ # $ & * ” වැනි ලකුණු යොදා ගන්න. එය අකුරු , ඉලක්කම් කවලම් කර නිර්මාණය කරන්න.

සෑම විටම හොද යාවත්කාලීන කරන ලද වයිරස් ගාඩ් එකක් භාවිතා කරන්න

මේ ලිපිය ලියන්න සිතුනෙත් පසුගිය දවස් කිහිපයක සිදුවූ සිදුවීම් කිහිපයක් හා අහන්නට ලැබුණ දේවල් කිහිපයක් නිසා. ඉන් එකක් තමයි මාගේ මිතුරෙකුගේ facebook, yahoo ගිණුම් දෙකම හැක් වී දෙවතාවකදීම ඔහුගේ facebook, yahoo ගිණුම් විවෘත්ත කර දීමට සිදු වීම. තව එකක් තමයි Techkatha වල facebook, yahoo ගිණුම් දෙකම හැක් වීමේ පැනය. තවත් එකක් තමා තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන්ය. මෙයද වර්ථමානයේ දක්නට ලැබේ. හැක් කරන්න පුළුවන් අයෙකු කිසි විටකත් තමාට හැක් කරන්න පුළුවන් කිය කියා දගලන්නේ නැත. එසේ සිටියොත් සිටින්නේ කිහිප දෙනෙකුය. තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන් බොහෝ විට සිදුකරන්නේ අනෙක් අයට වඩා තමා දන්නවා යැයි කියා හගවන්නටය. මා ඉගෙනුම ලබන පුද්ගලික විශ්ව විද්‍යාලය තුල ද මෙවැනි පුද්ගලයෙකු සිටියි. ඔහුද ඔහුගේ යහළුවන්ට වැඩිය දැගුලුවොත් facebook ගිණුම් හැක් කරනවා යැයි පවසන අවස්ථා කිහිප වරක්ම මට ඇසී ඇත. එසේම සමහර අය හැක් කරනවා යන්න හරි හැටි දන්නේද නැත. මා මීට පෙර සදහන් කළ පුද්ගලයා එක් වතාවකදී “ software එක download කරලා කෙලින්ම හැක් කරා “ යනුවෙන්ද පැවසීය. මෙය මට ඇසුණු විට එක වරම සිනහා යාමට ගියේය. ඒ හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කර ගැනීම නිසාය . ඔබද ඇතැම් විට මෙවැනි සිදුවීම් බොහෝ විට අසා තිබෙන්නට පුළුවන. බොහෝ දෙනා මෙම හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කරගෙන තමාට හැක් කිරීම සිදු කළ හැකි යන්න පවසයි.

එසේම බොහෝ දෙනා තම රාජකාරිය අමතක කර සේවා ස්ථානය තුලදී facebook යාමට පුරුදු වී සිටිති. මෙයට සුදුසුම දේ වන්නේ අයතන තුල සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කිරීමය. SLT තුලද සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කර ඇති බව සිංහල බ්ලොග් එකක ලියා තිබෙනු දුටුවෙමි. මෙවැන්නක් කළ විට බොහෝ පිරිස් තමාට අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්න තිබුණු අවස්ථාව අහිමි වුනා ආදී දේ පවසමින් මැසිවිලි නගති. නමුත් මා දන්නා තරමින් ලංකාවේ අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්නා අය සිටින්නේ සුළු වශයෙනි . අනෙක් අය හැමොම දගලන්නේ facebook යාමටය.

හැක් කිරීම් සිදුකරන්නේ හෝ සිදුවන්නේ කෙසේද යන්න, වෙන අයෙකු වැරදියට යොදා ගැනීම සිදු කරන බැවින් එය සදහන් කර නැත. මෙහි මග හැරුනු කරුණුද තිබිය හැක.

මම ඔය උඩ ලිපිය වෙනත් අඩවියකින් උපුට ගත්තු එකක්. මොකද කොච්චර දේවල් දැන ගත්තත්, කොච්චර දේවල් කියන්න තිබුනත් මට ඔච්චර කොටන්න කම්මැලියි. ඔය ලිපියෙ මුල් ලිපිය බලන්න මෙතනින් යන්න. දැන් ඔන්න මගේ ලිපිය ලියන්න යන්නෙ. ඒකත් කියවලා ඉන්නකෝ...

වැදගත් : මෙම ක්‍රම වලට අමතරව ෆේස්බුක් හැක් කල හැකි ක්‍රම රාශියක් ඇත.

චැට් එකේදි හෝ ඔබගේ ඊමෙල් ගිනුමට පැමිනෙන ලින්ක් තුලින් විවිද පුද්ගලයන් ලබා දෙන මෘදුකාංග ඉන්ස්ට්‍රෝල් කර ගැනීමෙන් වලකින්න.

චැට් එකේදි හෝ ඔබගේ ඊමෙල් ගිනුමට පැමිනෙන ලින්ක්  තුලින් ඔබ ඔබගේ පාස්වර්ඩ් හා ඊමේල් යොදා කිසිම අවස්ථාවකදි ලොග් වීම් සිදු කිරිමෙන් වලකින්න.

ඊමේල් ගිනුම සඳහා Security Questions ලබා දීමේදි එය කිසිවෙකුටත් අනුමාන කිරිමට නෙහැකි ඔබ පමනක් දන්නා දෙයක් ලබා දෙන්න.

ෆේස්බුක් ගිනුම සඳහාද අනිවාර්යෙන්ම Security Questions ලබා දෙන්න. මෙය ඉතාම වැදගත්. මෙය පිලි නොපැද්දොත් ඔබව ඔබට නොදැනීම හැක් කිරිම සුලුදෙයක්.

චැට් කරන විට අනෙකාව කිසිම විටෙක ඕනවට වඩා විශ්වාස කරන්න එපා. අනිකා එවන ලින්ක් පිලිබඳව ඔබට දැනුමක් නැත් නම් ඒවා ක්ලික් කිරීමෙන් වලකින්න. ඔබ බලා පොරොත්තු වෙන කෙනා නොවෙන්න පුලුවන් එහා පැත්තෙ ඉන්නෙ. ඒ ගිනුම හැක් වී තියෙන්න පුලුවන්. ඔය වගේ හැක් උන ප්‍රොෆයිල් වලින් ඇවිල්ලා මගේ යාළුවන් පවා හැක් වෙච්ච අවස්තා තියෙනවා. කෙල්ලෙක් ලින්ක් එකක් චැට් එකේදි දුන්නම අපේ එවුන් පිස්සු බල්ලො වගේ හොයන්නෙ බලන්නෙ නැතිව ක්ලික් කරලා ලොග් වෙනවා. අනේ ඉතින් දෙයියන්ගෙම පිහිටයි.

ෆේස්බුක් වල තියෙන නොදන්නා ඇප්ලිකේශන් සඳහා Allow කර පර්මිශන් ලබා දීමෙන් වලකින්න. මෙයත් ඉතාම වැදගත්.

මිතුරන් ඇඩ් කර ගැනීමේදි සැලකිලි මත් වන්න. නොදන්නා පුද්ගලයන් හානි කර විය හැකියි. ඔවුන් ගැන සොයා බලා ඇඩ් කර ගැනීම සිදු කරන්න.

ෆේස්බුක් වල විවිද පුද්ගලයන් අපේ Wall එකට එක එක ලින්ක් දානවා. ඒ ලින්ක් වලට ගියාම ඒ පේජ් එකේ තියෙනවා කෝඩ් එකක්. ඒ කෝර්ඩ් එක කොපි කරලා ඔයාලගෙ වෙබ් බ්‍රව්සර් එකේ ඇඩ්ඩ්‍රස් බාර් එකට පෙස්ට් කරලා එන්ටර් කරන්න කියලා. කිසිම වෙලාවක මෙන්න මේ දේ නම් කරන්න යන්න එපා. මේකත් ඉතාම වැදගත්.

Barn Buddy ක්‍රෙඩිට් ලබා ගන්න කියලා විවිද පුද්ගයන් එවන ලින්ක් වලින් ගිහිල්ලා පාස්වර්ඩ් ඊමෙල් දීලා ලොග් වෙන්න එපා. අපේ එවුන් ලෝබ කමේ මේවා ගන්න ගිහිල්ලා හැක් වෙනවා. ඊට පස්සෙ හැක් කරපු එකා හැක් උන එකාගේ සත්තු උස්සනවා. මේක වෙන්නෙ මෙලෝ මගුලක් නොදන්න තන්හාව වැඩි අයට.

ෆේස්බුක්, ඊමේල් හැක් කරන්න පුලුවන් කියා එක එක අය දෙන සොෆ්ට්වෙයා බාවිතා කිරිමෙන් වලකින්න. මේකෙන් වෙන්නෙ ඔයාලාම හැක් වෙන එක. අනිත් එක තමයි මේ තුට්ටු දෙකේ සොෆ්ට්වෙයා එකකින් ෆේස්බුක්වත්, ජීමෙල්වත්, යාහුවත් හැක් කරන්න බෑ. උඹලාගේ එකවුන්ට් හැක් කර ගන්න ඕන නම් මේවා යූස් කරාට කමක් නෑ. යූ ටියුබ් එකේ මේවා වැහි වැහැලා. හැබැයි පාවිච්චි කරොත් හැක් වෙන්නෙ ඔයාලමයි.

තව දෙයක් කියන්න ඕන ඔයාලගේ ඊමේල් එකට එන තමන්ට අදාලත්වයක් නැති සැක සහිත ඊමේල් වලට රිප්ලයි දාන්න යන්න එපා. එවැනි ඊමේල් වල තියෙන ලින්ක් ක්ලික් කරන්න යන්න එපා.

එක එක අය එවන කෙටි කරපු ලින්ක් උඩ එක පාරට  ක්ලික් කරලා යන්න එපා. (eg: http://ow.ly/4Gz8n ) ඔය ලින්ක් එක දැක්කාම ඔයාලට මොකද හිතෙන්නෙ. අඳුර ගන්න පුලුවන්ද මොකක්ද කියලා. බෑ... ඒක නිසා හොයන්නෙ බලන්නෙ නැතුව කිසිම වෙලාවක ඔයවගේ ලින්ක් වලට යන්න එපා. ඔය වගේ ලින්ක් චෙක් කරන්න ඕන නම් මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා ඔය ලින්ක් එකේ හංගලා තියෙන ලින්ක් එක මොකක්ද කියලා හොයාගෙන ඉන්න. ( http://longurl.org/ )

තව දෙයක් තමයි මේ දිනවල ෆේස්බුක් එකේ වේගයෙන් පැතිර යනවා ටී ෂර්ට් දෙන කතාවක්. ඒ වගේ මෝඩ කතා වලට අහු වෙන්නෙ ඒ වගේම හරක් තමයි. ඔය වගේ ඒවාට ඔයාලා අහුවෙන්න එපා. අනිත් එක තව ෆේස්බුක් වෝල්පේපර් කතාවකුත් යනවා. ආහ් තව එකක් යනවා මේ ඔයාගෙ ප්‍රොෆයිල් එක බලපු ගාන පෙන්නන එකක්. මේකේ හැමෝටම එන්නෙ එකම රිසාල්ට් එක. ඔයාලාගේ වෝල් එකටත් මේ වගේ ලින්ක් ඇවිල්ලා ඇති. කිලික් කරන්න තියා හිතන්න වත් එපා.

මම මෙතන මේ දාලා තියෙන්නෙ අපේ ලංකාවෙ මහා හැකර්ලා කියලා හිතාගෙන ඉන්න චු කොල්ලො කරන පොඩි වැඩ ටිකක්. මීට වඩා සංකිර්න ක්‍රම තව තියෙනවා. ඒවා මේ අපේ හැකර් අයියලා නොදන්න නිසා එච්චර ගැටලුවක් නෑ.

මේවා හරියට පිලිපැද්දොත් ඔයාලව හැක් කරන්න ලංකාවෙ ඉන්න හැකර් බයියලට බෑ.

මේවා කියන්න හිතුනෙ නිකන් අපරාදේ නොදැනුවත් කම නිසා ඔයාලා ඔයාලාගෙ එකවුන්ට් අහිමි කර ගැනීම වලක්වන්න ඕන නිසා. තමන් මේවා හරියට පිලි පැද්දොත්. මොලය කල්පනා කරලා වැඩ කරොත් ඔයාලා ආරක්ශා සහිතයි. මම මේ හදිස්සියෙ ලියන්නෙ. මෙතන මට මග ඇරුන කරුනු මොනවා හරි තියෙනවා නම් ඒවා කමෙන්ට් එකක් විදියට දාන්න. තේරුම් ගන්න බැරිදෙයක් තිබුනොත් ඒවත් අහන්න. එහෙනම් මම හිතනවා මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. 

ආහ් තව වැදගත් දේවල් කියන්න තියෙනවා. මතක් වෙන මතක් වෙන සැරේට ටික ටික දාන්නම්. කිසිම වෙලාවක ඔයාලාගේ ෆේස්බුක් එකේ තියෙන පාස්වර්ඩ් එක ඒ ෆේස්බුක් එකවුන්ට් එක හදලා තියෙන ඊමේල් එකට දෙන්න එපා. ඒකට හේතුව තමයි. මොකක් හරි ෆිෂින් උපක්‍රමයකින් ෆේස්බුක් හරහා ඔයාලගේ පාස්වර්ඩ් එක ඉස්සුවම ඒ පාස්වර්ඩ් එක ඔයාලාගේ ඊමේල් එකට ගහලා බලනවා. ඉතින් ඔයාලාගේ ඊමේල් එකත් හැක් වෙනවා. අනිත් එක තමයි IP ලිපිනය හොයාගෙන අනුන්ගේ පරිගනක තුලට රිංගීම. ලංකාවේ මේක කරන්න අමාරුයි ටිකක්. මොකද අපි ඉන්ටර්නෙට් එකෙන් ඩිස්කනෙට් වෙලා ආයෙත් කනෙක්ට් උනාම අපේ IP එක වෙනස් වෙනවා. මේවාට පොඩි පොඩි සොෆ්ට්වෙයා තියෙනවා. ඉතින් මේවා ගැනත් පරිස්සම් වෙන්න.