Showing posts with label Trouble Shooting. Show all posts
Showing posts with label Trouble Shooting. Show all posts

XP අලුත්වැඩියා කරමු

windows cd එකත් එක්ක තියෙන recovery console එකෙන් වැඩ ගන්න හැටි ගොඩක් අය දන්නෑ වගේ. ඒ හින්ද කස්ටියටම දැන ගන්නත් එක්ක කියල දෙන්න හිතුන..windows වලට එන ලෙඩ ගොඩත් මේකෙන් හොද කරන්න පුලුවන්.විශේෂයෙන්ම Boot වෙන්නෙ නැති ලෙඩ වලට මේක කියාපු බඩ්ඩ..xp cd එකෙන් කොහොමද මේ වගේ ලෙඩ හදන්නෙ කියල කියල දෙන්නම්..

මේකෙන් අර safe mode screen එක ගාවට ගිහින් restart වෙන එක ntldr missing වගේ එව හදාගත්තහැකි..

මුලින්ම xp cd එක දාල computer එක Boot කරන්න මුලින්ම එන මෙනුවෙන් දෙවෙනි විධානය තෝරන්න ඕනෙ.. මේ තියෙන්නෙ screen shot එක..



ඊලගට එනව ඔයාගෙ මෙහෙයුම් පද්ධතිය තෝරන්න තැනක්..ප්‍රශ්නෙ තියෙන මෙහෙයුමු පද්ධතියෙ අංකය ගහල එන්ටර් කරන්න..ඊලගට admin පාස්වර්ඩ් දාල තියෙනවනම් එක දෙන්න..ඊට පස්සෙ එනව command prompt එකේ වගේ text command වලින් වැඩ ගන්න තැනකට මෙතන තමා සිද්ධිය තියෙන්නෙ..ඹයාගෙ තියෙන ප්‍රශ්ණෙට අනුව මෙතන ගහන Command එක වෙනස් වෙනව...



ඔය තියෙන්නෙ Boot sector හදන හැටි machine එක restart වෙනව නම් මෙතන chkdsk<space>/r ගහන්න <space> තියෙන තැනට ස්පේස් බාර් එක එකපාරක් ඔබන්න..ඔය Command එකෙන් වෙන්නෙ xp වල Files වලට හානි වෙලා තියෙනවනම් hard disk එකේ bad sectors නිසා ඒව හදන එක පහලින් තිවයනව ඔතන ගහන්න පුලුවන් code සේරම..

ආ මේ code වලට තව කෑලි එකතු කරන්න පුලුවන්....උදාහරණයක් විදිහට HDD එක analyze කරන chkdsk විධානයටම /r කියල ගැහුවම ප්‍රශ්ණ තියෙනවනම් repair කරනව..ඕනම command එකක් ඉදිරියෙන් ? ලකුණ හරි help කියල හඑි ගහල බලන්න command එකේ වැඩි විස්කර බලාගන්න....


Attrib 
Changes the attributes of a file or directory.
•
Batch 
Executes the commands specified in the text file.
•
Bootcfg 
Boot file (boot.ini) configuration and recovery.
•
ChDir (Cd) 
Displays the name of the current directory or changes the current directory.
•
Chkdsk 
Checks a disk and displays a status report.
•
Cls 
Clears the screen.
•
Copy 
Copies a single file to another location.
•
Delete (Del) 
Deletes one or more files.
•
Dir 
Displays a list of files and subdirectories in a directory.
•
Disable 
Disables a system service or a device driver
•
Diskpart 
Manages partitions on your hard drives.
•
Enable 
Starts or enables a system service or a device driver.
•
Exit 
Exits the Recovery Console and restarts your computer.
•
Expand 
Extracts a file from a compressed file.
•
Fixboot 
Writes a new partition boot sector onto the specified partition.
•
Fixmbr 
Repairs the master boot record of the specified disk.
•
Format 
Formats a disk.
•
Help 
Displays a list of the commands you can use in the Recovery Console.
•
Listsvc 
Lists the services and drivers available on the computer.
•
Logon 
Logs on to a Windows installation.
•
Map 
Displays the drive letter mappings.
•
Mkdir (Md) 
Creates a directory.
•
More 
Displays a text file.
•
Net Use 
Connects a network share to a drive letter.
•
Rename (Ren) 
Renames a single file.
•
Rmdir (Rd) 
Deletes a directory.
•
Set 
Displays and sets environment variables.
•
Systemroot 
Sets the current directory to the systemroot directory of the system you are currently logged on to.
•
Type 
Displays a text file.



 Saweera Gamage 

වැදගත් iPhone/iPod touch Hint එකක්!





ඕගොල්ලන්ගේ iPhone එක නැත්නම් iPod touch එක වතුරේ වැටුනට බය වෙන්න දෙයක් නෑ! එහෙම කිව්වේ මේ නිසයි...

මගේ iPod touch 4G එක ගිය සතියේ අමතක වෙලා washing machine එකට දැම්මා. washing machine එකේ වතුර පිරුනට පස්සේ rinse වෙන්න පටන් ගත්තා. විනාඩි තුනකට විතර පස්සේ washing machine එක ඇතුලෙන් සද්දයක් ආවා. පස්සෙ මම අත දාල බලද්දි යටම තිබිලා අහුවුනා මගේ iPod touch එක!

හොදටම වතුර ගිහින් තිබුනේ! මම ඉක්මට එලියෙන් තියෙන වතුර ටික පිහ දාල, හොඳට ගසල අතුලෙ තියෙන වතුර ටිකත් පුලුවන් තරම් එලියට ගත්තා. අපේ ගෙදර hair dryer නැති නිසා මගේ laptop එක යටින් තිව්වා. laptop එකක් කිව්වට ඒක notebook එකක්. ඒ නිසා යට හොඳට රත් වෙනවා. :D විනාඩි පහළවෙන් පහළව වගේ මම iPod එක එලියට ගත්ත රස්නේ වැඩි වෙන නිසා. පැය දෙක තුනක් ඔහොම තිව්වා. ඊටපස්සේ බලද්දි front camera එක ළඟ ඇතුලෙ වතුර බිංදු තිබුනා. මම iPod එක දවස්  6 ක්ම ON කරන්නේ නැතුව තිව්වා.

ඊයේ මම town එකට ගිහින් හොඳ phone හදන කඩේකට දීල අද ගිහින් ගත්තා. ඒ අය කිව්වා අව්ලක් නෑ කියලා. display එකේ වතුර බිංදු ටිකක් ඇති කියල කිව්වා. ඒක පාවිච්චි කරනකොට හරි යාවි කිව්වා.

මම අරන් බැලුවා. හැම දෙයක්ම ගින්නක් නැතුව වැඩ. කිසිම අවුලක් නෑ. display එකේ කිව්ව වගේම නිකං සුදු පාට තරු වගේ ලාවට තැන් තැන් වල පේනවා. ඒකත් පේන්නේ මුලු display එකම එක colour එකක් පෙන්නනකොට විතරයි. ඒ කිව්වේ නිකං torch app එකක් එහෙම දැම්මම විතරයි.
ඉතින් ඕගොල්ලන්ගේ iPhone එකක් iPod touch එකක් වතුරට වැටුනා කියලා ඇත්තටම බය වෙන්න දෙයක් නෑ. එහෙම වුනොත් මෙන්න මෙච්චරයි කරන්න ඕන...

  1. වහාම වතුරෙන් එලියට අරගෙන OFF වෙලා නැත්නම් ඉක්මනට OFF කරන්න.
  2. ඒලියෙන් තියෙන වතුර ටික හොඳට පිහදාන්න.
  3. හොඳට ගසල ඇතුලට ගිය වතුර එලියට ගන්න බලන්න.
  4. Hair dryer එකක් අල්ලල හොඳට වේලන්න. Hair dryer එකක් නැත්නම් රස්නයක් පිට වෙන electronic බඩුවක් ළඟ තියන්න. (උදා: Laptop etc.)
  5. සීල් කරන්න පුලුවන් භාජනයකට හොඳට හාල් පුරවලා, iPhone/iPod touch එක හාල් ඇතුලටම බස්සල සීල් කරලා අඩුම ගානේ පැය 48ක් වත් තියන්න.
  6. පස්සේ ON වෙනවද කියල බලන්න.




 Dishon Michael 

පරිඝණකයෙන් ඇසෙන Phoenix බීප් කේත




ආයුබෝවන්
සුභ දවසක් ප්‍රාර්තනා කරනව හැම දෙනෙකුටම.
ඉතින් ඔයාලට මතක ඇති මම කලින් AMI බීප් කෝඩ්ස් සටහනේ අවසානයට මතක්කලා අනෙකුත්, ඒ කියන්නෙ

Phoenix බීප් කේත හා Award බීප් කේත ගැන කියලා දෙන්නම් කියා.
ඉතින් මම දැන් පැවසීමට යන්නේ Phoenix බීප් කේත පිලිබදවයි.

පරිඝණකයෙන් ඇසෙන Phoenix බීප් කේත.

මෙම බීප් කේත මා පෙර සඳහන් කරන්නට යෙදුන AMI බීප් කේත වලට වඩා සංකීර්ණයි, විස්තරාත්මකයි. මෙහිදී මතුවන්නේ කොටස් තුනකට වෙන්වූ බීප් නාද රටාවකි.
බීප් (නතරවීමක්), බීප් බීප් (නතරවීමක්), බීප් (නතරවීමක්) ආදී ලෙසිනි. මෙහි බීප් හඩවල් වෙනස් විය හැක.
එමගින් දෝෂ නිර්නය කිරීම මෙහි ක්‍රීයාදාමය වේ. මෙම බීප් හඩවල් අතරතුර කෙටි විරාමයක් පවතී.
යම් හෙයකින් එය වටහාගැනීමට අපහසු වුවහොත් නැවත කම්පියුටරය රී බූට් කර එය නිවැරදිව ගණනය කරගන්න.

මෙහිදී මා අංක වලින් දක්වන්නේ බීප් හඩවල් ගණනය, ඉරිකැබැල්ලෙන් දක්වන්නේ අතරමැදි විරාමයන්ය.

  • 1-1-3: CMOS වල ඇති කන්ෆිගරේශන් ඉන්ෆොමේශන් (වින්‍යාසගත කියවීමේ තොරතුරු) කියවිය නොහැකි මට්ටමක පවතී, මවු පුවරුව මාරු කල යුතුය.
  • 1-1-4: BIOS වල අකර්මන්‍යතාවක් ඇතිව ඇත, මෙය අලුතින් කන්ෆිගරේශන් කිරීමට හෝ මාරු කිරීමට සිදුවේ.
  • 1-2-1: Mother board හී ටයිමර් චිපය දෝෂ සහිතය. නව මවු පුවරුවක් අවශ්‍ය වේ.
  • 1-2-2: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ.
  • 1-2-3: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ.
  • 1-3-1: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ.
  • 1-3-3: AMI බීප් කේතයේ කෙටි බීප් දෙකකදී මෙන්, කම්පියුටරයේ මතකය අකර්මන්‍ය වී ඇත. නව මවු පුවරුවක් අවශ්‍ය වේ.
  • 1-3-4: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ.
  • 1-4-1: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ.
  • 1-4-2: මෙමරි චිප් වලින් කොටසක දෝෂ සහිතයි.
  • 2-?-?: බීප් දෙකකට පසුව නතරවී නැගෙන ඕනෑම බීප් ගණනකින් අදහස් වෙන්නේ මෙමරි චිප් දෝෂ සහිත බවයි. ඒවා පරීක්ෂාකර බලන්න. බොහෝවිට ඒවා මාරුකිරීමට සිදුවේ.
  • 3-1-?: Mother board දෝෂ සහිතයි, චිප් එකක් විනාශවී ඇත. නව මවු පුවරුවක් අවශ්‍ය වේ.
  • 3-2-4: යතුරු පුවරුවට සම්බන්ද පරිපත කොටසේ දෝෂයකි. AMI බීප් කේතවල කෙටි බීප් හඩවල් 6 ඇසෙනවිට මතුවන දෝෂයට සමානය.
  • 3-3-4: කම්පියුටරයට ග්‍රැෆික් කාඩ් එක සොයාගත නොහැකිබව හගවයි, එය විධිමත්ව සවි වී ඇත්දැයි බලන්න.

  • 4-3-?: ග්‍රැෆික් කාඩ් එක වැඩ කරන්නේ නැත. එය මාරුකල යුතුය.
  • 4-2-1: Mother board දෝෂ සහිතයි, චිප් එකක් විනාශවී ඇත. නව මවු පුවරුවක් අවශ්‍ය වේ.
  • 4-2-2: පළමුව යතුරු පුවරුව පරීක්ෂා කර බලන්න, එය වෙනත් කම්පියුටරයක වැඩ කරයිනම් දෝෂය ඇත්තේ මවු පුවරුවේය.
  • 4-2-3: පළමුව යතුරු පුවරුව පරීක්ෂා කර බලන්න, එය වෙනත් කම්පියුටරයක වැඩ කරයිනම් දෝෂය ඇත්තේ මවු පුවරුවේය.
  • 4-2-4: එක්ස්පැන්ශන් කාඩ් වලින් එකක දෝෂයක් පවතී. දෝෂය කුමන කාඩ් එකේද දැනගැනීම සඳහා ඒවා එකින් එක ඉවත් කරමින් හා සවි කරමින් රී බූට් කර බලන්න. කාඩ්වල දෝෂයක් නොමැතිනම් මවු පුවරුවේ කාඩ් ස්ලොට් වලින් එකක දෝෂය පවතී.එසේ උවහොත් මවු පුවරුව මාරු කිරීමට සිදුවේ.
  • 4-3-1: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ.
  • 4-3-2: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ.
  • 4-3-3: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ.
  • 4-3-4: දිනය හෝ වේලාව පිළිබඳ දෝෂයකි. සෙටප් රන්කර දිනය හා වේලාව නිවැරදිව සකස් කර බලන්න. එය අසාර්ථක වුවහොත් බැටරිය මාරුකොට බලන්න. එයද අසාර්ථක වුවහොත් පවර්සප්ලයි එකේ දෝෂයක් වියහැක.
  • 4-4-3: මයික්‍රෝප්‍රොසෙසරය අනවශ්‍ය අයුරින් ක්‍රියාත්මක වේ. පරීක්ෂණ ක්‍රමලේඛයක් (ටෙස්ට් ප්‍රෝග්‍රැම්) මගින් එය නිවැරදිව දැනගන්න. CMOS සෙටින් වලින් මෙය දැනගත හැකිය. එය සත්‍යවශයෙන්ම දෝෂ සහිතනම් ඩිසේබල් කරන්න.

මේ පිලිබඳ සවිස්තර විස්තරයක් දැන ගැනීමට පිවිසෙන්න...

ඉතින් මිතුරනේ පරිඝණක ලොවින් මා ගෙන ආ මේ කේත ක්‍රමය මගින් තනිවම යම්කිසි දෝෂයක් පැන නැගුන විට එය සොයා ගැනීමටත් එයට පිලියම් යෙදීමටත් දැන් ඔබලාට හැකිවිය යුතුබව මාගේ විශ්වාසයයි.
මින්පසු ඔබලාට මා ඉදිරිපත්කරනු ලබන්නේ Award බීප් කෝඩ්ස්ය. එයත් සමගින් මා නැවත හමුවන්නම්.
ස්තූතියි.



 ශැගී මලයා

පරිගණකයේ බීප් හඩින් කියවෙන දේ... ( AMI බීප් කේත)

පරිගණකයේ බීප් හඩින් කියවෙන දේ... ( AMI බීප් කේත)


කිසිවක්ම නැත:
 දෝෂ සහගත අවස්තාවකදී තනි බීප් හඩක්වත් ඇසිය යුතුය. එසේ නොවන්නේ නම් ඔබේ කම්පියුටරයේ පවර් සප්ලයි එක, මවු පුවරුව හෝ ශබ්ද විකාශන අංගය හෝ ක්‍රියාත්මක නොවේ.


කෙටි බීප් හඬක්: සිස්ටම් රැම් රිප්‍රෙෂ් ෆේලියර් (පද්ධති මතක අලුත්වීමේ හැකියාවක් නැත.) මවු පුවරුවේ ඇති ප්‍රෝග්‍රැමබල් ඉන්ටරප්ට් ටයිමරය (ක්‍රමලේකනය කළ හැකි අතුරුබිඳුම් කාල පාලකය) ක්‍රියාවිරහිතවී ඇත. සමහරවිට එය ඉන්ටරප්ට් කන්ට්‍රෝලයේ දෝශයක්ද විය හැකිය. මේ කුමක් වුවද මෙය නිවැරදි කිරීමට මවු පුවරුව මාරු කල යුතුය.


කෙටි බීප් හඬවල් දෙකක්: කම්පියුටරයේ මතකය හා සම්බන්ධ ගැටලුවක් ඇත.පළමුව තිරයේ යමක් දර්ශනය කරවීමට සමත්ද යන්න සොයා බලන්න. එය වැඩ කරන්නේ නම් තිරයේ දෝශ පණිවිඩයක් දිස්විය යුතුය. එසේ නොවන්නේ නම් මතකයේ පළමු කිලෝබයිට් 64 තුළ පැරිටි එරර් තිබිය හැක. එබැවින් මෙමරි චිප්ස් පරීක්ෂා කරන්න. ඒවා ගලවා නිසිපරිදි සවිකර රී බූට් කර බලන්න.(රැම්)


කෙටි බීප් හඬවල් තුනක්: කම්පියුටරයේ මතකය හා සම්බන්ධ ගැටලුවක් ඇත.පළමුව තිරයේ යමක් දර්ශනය කරවීමට සමත්ද යන්න සොයා බලන්න. එය වැඩ කරන්නේ නම් තිරයේ දෝශ පණිවිඩයක් දිස්විය යුතුය. එසේ නොවන්නේ නම් මතකයේ පළමු කිලෝබයිට් 64 තුළ පැරිටි එරර් තිබිය හැක. එබැවින් මෙමරි චිප්ස් පරීක්ෂා කරන්න. ඒවා ගලවා නිසිපරිදි සවිකර රී බූට් කර බලන්න.(රැම්)


කෙටි බීප් හඬවල් හතරක්: දෝශ සහිත කාල පාලකයක් (බෑඩ් ටයිමර්) නිසා විය හැකිය. සිස්ටම් ටයිමරය නිසිපරිදි වැඩ නොකයි.


කෙටි බීප් හඬවල් පහක්: සී.පී.යූ. එක ක්‍රියාත්මක නොවේ එය සී.පී.යූ. එකේම දෝෂයක් හෝ මවු පුවරුවේ ඇති සී.පී.යූ. සොකට් එකේ දෝෂයක් විය හැකිය.


කෙටි බීප් හඬවල් හයක්: යතුරු පුවරුව පාලනය කිරීම සඳහා මවු පුවරුවේ ඇති දිප් එක ක්‍රියාත්මක නොවෙයි. පළමුව වෙනත් යතුරු පුවරුවක් සවිකර බලන්න. එය සාර්ථක නොවුනහොත් යතුරු පුවරුවේ පාලන චිප් එක බලන්න. එයින් පසුවත් බීප් හඬ නැගෙන්නේනම් හැකිකමක් ඇත්නම් එම චිප් එක මාරු කර බලන්න. මෙහිදී සිදුවන්නේ A20 ස්විචිය හා සම්බන්ධ ගේට් එකෙන් ස්පන්ධ (සංඟ්දා) නොයෑමයි.


කෙටි බීප් හඬවල් හතක්: සී.පී.යූ. එක මගින් එ‍ක්ස්ප්‍රෙශන් එරර් එකක් ජනිත කරයි. එය කෙලින්ම සී.පී.යූ. එකේ හෝ මවු පුවරුවට හෝ සම්බන්ධ හේතුවක් විය හැකිය.


කෙටි බීප් හඬවල් අටක්: වීඩියෝ කාඩ් එක වැඩ කරන්නේ නැතතැය විධිමත්ව සවි වී ඇත්දැයි බලන්න.


කෙටි බීප් හඬවල් නමයක්: ROM Checksum (පඨන මාත්‍ර මතක අවේක්ෂණ ඓකයයේ) දෝෂයකි. එයින් අදහස්වන්නේ චෙක්සම් මගින් කෙරෙන දෝෂ පරීක්ෂාව BIOS ROM සමග නොසැසඳෙන බවය, එසේ වන්නේ එහි දෝෂ සහිත විටය.


කෙටි බීප් හඬවල් දහයක්: CMOS දෝෂයකි. සීමෝස් හා සම්බන්ධ සියලුම චිප් මාරුකිරීමට සිදුවේ.


කෙටි බීප් හඬවල් එකොළහක්: L2 කෑෂ් මෙමරිය දෝෂ සහිත බැවින් කම්පුටරය මගින් එය අකර්මණ‍ය කර ඇත. (Ctrl, Alt, Shift, +)යන යතුරු හතර එකවර එබීමෙන් එය නැවත රි ඇක්ටිවු කිරීමට හැකිවිය යුතුය. එහෙත් එය එසේ නොකරන්න ඒ වෙනුවට L2 කෑෂ් මෙමරිය මාරු කර බලන්න.






උපුටා ගැනීම :- http://www.shaggiyashelp.tk/2011/06/ami.html




 ශැගී මලයා